Skip to content
Text size 100%
Translation comparison

Compare Adh-Dhariyat Quran translations

Compare up to three verified translation editions verse by verse, including editions in two different languages.

Sinhala editions (choose up to 3)

Changing languages or editions keeps the current surah and verse.

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلذَّٰرِيَٰتِ ذَرْوًۭا ﴿1﴾

Naseem Ismail

(මුහුදු ජලය වාශ්ප වශයෙන්) විසුරුවා හරින සුළි සුළං මතද,

Sinhalese Translation - Rowwad Translation Center

දූවිලි විසුරු වන සුළං මත දිවුරමින්;

فَٱلْحَٰمِلَٰتِ وِقْرًۭا ﴿2﴾

Naseem Ismail

(එම ජල-වාශ්ප) උසුළන වලාකුළු මතද,

Sinhalese Translation - Rowwad Translation Center

(වැසි) බර උසුලන වළාකුළු මත දිවුරමින්;

فَٱلْجَٰرِيَٰتِ يُسْرًۭا ﴿3﴾

Naseem Ismail

(විවිධ ප්‍රදේශයන්ටද එය) පහසුවෙන් දරාගෙන යන වලාකුළු මතද,

Sinhalese Translation - Rowwad Translation Center

පහසුවෙන් යාත්‍රා කරන නැව් මත දිවුරමින්;

فَٱلْمُقَسِّمَٰتِ أَمْرًا ﴿4﴾

Naseem Ismail

එය (භූමියෙහි විවිධ ප්‍රදේශයන්හි) ඛෙදා වෙන්කර හරින දැය මතද සත්තකින්ම!

Sinhalese Translation - Rowwad Translation Center

කටයුතු බෙදා හරින්නන් මත දිවුරමින්;

إِنَّمَا تُوعَدُونَ لَصَادِقٌۭ ﴿5﴾

Naseem Ismail

(ක්‍රියාවන්ට සරිලන ඵලවිපාක දෙනු ලබන්නේය යයි) ඔබට දෙනු ලැබූ පොරොන්දුව නියත වශයෙන්ම සත්‍යයකි.

Sinhalese Translation - Rowwad Translation Center

නියත වශයෙන් ම නුඹලාට පොරොන්දු දෙනු ලැබූ දෑ සත්‍යයක් ම ය.

وَإِنَّ ٱلدِّينَ لَوَٰقِعٌۭ ﴿6﴾

Naseem Ismail

නියත වශයෙන්ම (ක්‍රියාවන්ට සරිලන) ඵලවිපාක අනිවාර්යයෙන්ම දෙනු ලැබේ.

Sinhalese Translation - Rowwad Translation Center

තවද නියත වශයෙන් ම විනිශ්චය සිදු වන්නක්ම ය.

وَٱلسَّمَآءِ ذَاتِ ٱلْحُبُكِ ﴿7﴾

Naseem Ismail

(තාරකාවන්ගේ) මාර්ගයන්ගෙන් යුත් අහස මත සත්තකින්ම!

Sinhalese Translation - Rowwad Translation Center

මාර්ගවලින් යුත් අහස මත දිවුරමින්;

إِنَّكُمْ لَفِى قَوْلٍۢ مُّخْتَلِفٍۢ ﴿8﴾

Naseem Ismail

නියත වශයෙන්ම ඔබ (දිව්රුමෙහි) වෙනස්කම් ඇති කරමින් කතා කරන්නෙහුය.

Sinhalese Translation - Rowwad Translation Center

නියත වශයෙන් ම නුඹලා (එකිනෙකට) පටහැනි වූ ප්‍රකාශ අතර ය.

يُؤْفَكُ عَنْهُ مَنْ أُفِكَ ﴿9﴾

Naseem Ismail

(දැනටමත් අල්ලාහ්ගේ සිතුවිල්ලට අනුව) හරවනු ලැබූ අයම දිව්රුමෙන් ඈතට හරවනු ලබන්නේය.

Sinhalese Translation - Rowwad Translation Center

හරවනු ලැබූවන් වෙනතකට එයින් හරවනු ලබති.

قُتِلَ ٱلْخَرَّٰصُونَ ﴿10﴾

Naseem Ismail

බොරු කියන්නන් විනාශම වන්නාහ.

Sinhalese Translation - Rowwad Translation Center

බොරුකාරයින් විනාශ කරනු ලැබුවෝ ය.

ٱلَّذِينَ هُمْ فِى غَمْرَةٍۢ سَاهُونَ ﴿11﴾

Naseem Ismail

ඔවුන් (තමන්ගේ) මෝඩකම නිසා (විනිශ්චය දිනය) අමතක කර දැමූහ.

Sinhalese Translation - Rowwad Translation Center

ඔවුන් වනාහි නොදැනුවත්කමෙහි ගැලී (මරණින් මතු දිනය ගැන) නො සැලකිලිමත් වූවෝ වෙති.

يَسْـَٔلُونَ أَيَّانَ يَوْمُ ٱلدِّينِ ﴿12﴾

Naseem Ismail

“ඵලවිපාක දෙන දිනය කවදා එන්නේද?”යි ඔවුන් (සමච්චලයෙන් මෙන්) විමසන්නාහ.

Sinhalese Translation - Rowwad Translation Center

විනිශ්චය දිනය කවදා දැ? යි ඔවුහු විමසති.

يَوْمَ هُمْ عَلَى ٱلنَّارِ يُفْتَنُونَ ﴿13﴾

Naseem Ismail

(එදින) ඔවුන්ව ගින්නෙන් දවා වද දෙන දිනයයි.

Sinhalese Translation - Rowwad Translation Center

එදින (නිරා) ගින්නේ ඔවුහු දඬුවම් කරනු ලබති.

ذُوقُوا۟ فِتْنَتَكُمْ هَٰذَا ٱلَّذِى كُنتُم بِهِۦ تَسْتَعْجِلُونَ ﴿14﴾

Naseem Ismail

(ඔවුන්ට) “ඔබගේ පිරික්සුම විඳ බලනු. (කවදා එන්නේදයි) ඔබ ඉක්මන් වෙමින් සිටින්නෙහුද, එය මෙයයි” (යයිද කියනු ලැබේ).

Sinhalese Translation - Rowwad Translation Center

කවර දෙයක් පිළිබඳ නුඹලා ඉක්මණින් පතමින් සිටියහු ද එවන් නුඹලාගේ පරීක්ෂණය නුඹලා රස විඳිනු.

إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّٰتٍۢ وَعُيُونٍ ﴿15﴾

Naseem Ismail

නියත වශයෙන්ම භය භක්තිකයින් ස්වර්ගයන්හිද, දිය දහරා වලද සිටිනු ඇත.

Sinhalese Translation - Rowwad Translation Center

නියත වශයෙන් ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන්හි හා (ජල) උල්පත්වල ය.

ءَاخِذِينَ مَآ ءَاتَىٰهُمْ رَبُّهُمْ ۚ إِنَّهُمْ كَانُوا۟ قَبْلَ ذَٰلِكَ مُحْسِنِينَ ﴿16﴾

Naseem Ismail

ඔවුන් තමන්ගේ දෙවියන් ඔවුන්ට දෙන දැය (තෘප්තියෙන් යුතුව) ලබා ගන්නාහ. නියත වශයෙන්ම ඔවුන් මීට පෙර පින් ඇති දැය කරන්නන් වශයෙන්ම සිටියහ.

Sinhalese Translation - Rowwad Translation Center

ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිනැමූ දෑ ලබා ගන්නන් වශයෙනි. නියත වශයෙන් ම ඔවුහු එයට පෙර දැහැමියන් ලෙස සිටියෝ ය.

كَانُوا۟ قَلِيلًۭا مِّنَ ٱلَّيْلِ مَا يَهْجَعُونَ ﴿17﴾

Naseem Ismail

ඔවුන් රාත්‍රී කාලයන්හි ඉතාමත් සුළු (කාලයක්) මිස, නිදා ගන්නේ නැත.

Sinhalese Translation - Rowwad Translation Center

ඔවුහු (සලාතය සඳහා අවදි ව) රාත්‍රියෙහි ස්වල්ප කාලයක් නිදාගන්නන් වූහ.

وَبِٱلْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ ﴿18﴾

Naseem Ismail

ඔවුන් අළුයම් කාලයෙහි (නැගිට දෙවියන් නමැද, තමන්ගේ දෙවියන් වෙතින්) සමාව ඉල්ලමින් සිටිනු ඇත.

Sinhalese Translation - Rowwad Translation Center

තවද අලුයම් කාලයන්හි ඔවුහු (පාපොච්චාරණය කරමින්) සමාව අයැදිති.

وَفِىٓ أَمْوَٰلِهِمْ حَقٌّۭ لِّلسَّآئِلِ وَٱلْمَحْرُومِ ﴿19﴾

Naseem Ismail

ඔවුන්ගේ වස්තූවෙන් (කට ඇර හිඟමන්) ඉල්ලන්ටද, නොඉල්ලන්ටද පංගුවක් ඇත. (සියල්ලන්ටම දානමාන කරනු ඇත).

Sinhalese Translation - Rowwad Translation Center

තවද ඉල්ලා සිටින්නාට හා (ධනය) වළක්වනු ලැබූවන්ට ඔවුන්ගේ ධනයෙන් කොටසක් විය.

وَفِى ٱلْأَرْضِ ءَايَٰتٌۭ لِّلْمُوقِنِينَ ﴿20﴾

Naseem Ismail

ස්ථීර (වශයෙන් විශ්වාස) කළ අයට භූමියෙහි (බොහෝ) සාධකයන් ඇත්තේය.

Sinhalese Translation - Rowwad Translation Center

තවද තරයේ විශ්වාස කරන්නන්හට මහපොළොවේ සංඥාවන් ඇත.

وَفِىٓ أَنفُسِكُمْ ۚ أَفَلَا تُبْصِرُونَ ﴿21﴾

Naseem Ismail

ඔබ ඇතුළුවද (බොහෝ සාධකයන් ඇත. ඒවා) ඔබ අවධානය කර බැලිය යුතු නොවේද?

Sinhalese Translation - Rowwad Translation Center

තවද නුඹලා තුළ ද (සංඥාවන් ඇත). එහෙයින් නුඹලා අවධානයෙන් නො බලන්නෙහු ද?

وَفِى ٱلسَّمَآءِ رِزْقُكُمْ وَمَا تُوعَدُونَ ﴿22﴾

Naseem Ismail

ඔබගේ ආහාරද, (තවද) ඔබට පොරොන්දු දෙන ලද දැයද අහසෙහි ඇත්තේය.

Sinhalese Translation - Rowwad Translation Center

තවද නුඹලාගේ පෝෂණය හා නුඹලාට ප්‍රතිඥා දෙනු ලැබු දෑ අහස තුළ ඇත.

فَوَرَبِّ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ إِنَّهُۥ لَحَقٌّۭ مِّثْلَ مَآ أَنَّكُمْ تَنطِقُونَ ﴿23﴾

Naseem Ismail

අහස් හා භූමියෙහි දෙවියන් මත සත්තකින්ම! (ඔබගේ වදන්) ඔබම පවසන්නෙහුය යන්නෙහි (සැකයක් නොමැතිව) ඇත්තාක් මෙන් නියත වශයෙන්ම මෙය (මෙම කුර්ආනයෙහි ඇති සියල්ල) සත්‍යය වන්නේය.

Sinhalese Translation - Rowwad Translation Center

අහස්හි හා මහපොළොවේ හිමිපාණන් මත දිවුරමින්. නියත වශයෙන් ම නුඹලා කතා කරනවාක් මෙන් සැබැවින් ම එය සත්‍යයක් ම ය.

هَلْ أَتَىٰكَ حَدِيثُ ضَيْفِ إِبْرَٰهِيمَ ٱلْمُكْرَمِينَ ﴿24﴾

Naseem Ismail

(නබියේ!) ඉබ්රාහීම්ගේ ඉතාමත් ගෞරවයෙන් පිරි අමුත්තන්ගේ පුවත ඔබට ළඟා වී ඇත්තේද?

Sinhalese Translation - Rowwad Translation Center

ඉබ්රාහීම්ගේ සම්භාවනීය ආගන්තුකයින්ගේ කතාව නුඹ වෙත පැමිණියේ ද?

إِذْ دَخَلُوا۟ عَلَيْهِ فَقَالُوا۟ سَلَٰمًۭا ۖ قَالَ سَلَٰمٌۭ قَوْمٌۭ مُّنكَرُونَ ﴿25﴾

Naseem Ismail

ඔවුන් ඔහු වෙත පැමිණි අවස්ථාවේදී (ඔහුට “අස්සලාමු අලෙයිකුම් - ඔබට) ශාන්තිය හා සමාදානය අත් වේවා!” යයි පැවසූහ. එයට (ඉබ්රාහීම් “ඔබටත්) ශාන්තිය හා සමාදානය අත් වේවා!” යයි පවසා, ‘(මොවුන් අපි) නාඳුණන ජනතාවක් වශයෙන් සිටින්නේය!’ (යයි තම මනස තුළින් සිතා ගනිමින්)

Sinhalese Translation - Rowwad Translation Center

ඔවුහු ඔහු වෙත පිවිසුණු අවස්ථාවේ ඔවුහු සලාම් (සාමය) යැයි පැවසුවෝ ය. ඔහු ද සලාම් (සාමයයි) පැවසී ය. (මොවුහු) නාඳුනන පිරිසකි (යැයි ඉබ්රාහීම් සිතුවේ ය.)

فَرَاغَ إِلَىٰٓ أَهْلِهِۦ فَجَآءَ بِعِجْلٍۢ سَمِينٍۢ ﴿26﴾

Naseem Ismail

ඉක්මනින්ම තම නිවැසියන් වෙත ගොස් තරබාරු වසු පැටවෙකුගේ (බදින ලද) මස් ටිකක් ගෙනැවිත්, එය ඔවුන් ඉදිරියේ තැබුවේය.

Sinhalese Translation - Rowwad Translation Center

එසැණින් ඔහු තම පවුල වෙත ගොස් බැඳපු (පුෂ්ටිමත්) වසුපැටවකු ගෙන ආවේ ය.

فَقَرَّبَهُۥٓ إِلَيْهِمْ قَالَ أَلَا تَأْكُلُونَ ﴿27﴾

Naseem Ismail

(එය ඔවුන් අනුභව කළේ නැත. එබැවින් ඔවුන්ට) “ඔබ අනුභව කරන්නේ නැද්ද?”යි විමසුවේය.

Sinhalese Translation - Rowwad Translation Center

ඔහු එය ඔවුන් වෙත සමීප කරවී ය. (ඔවුන් එයින් වැළකී සිටිනු දැක) “නුඹලා අනුභව නො කරන්නෙහු දැ”යි ඔහු විමසී ය.

فَأَوْجَسَ مِنْهُمْ خِيفَةًۭ ۖ قَالُوا۟ لَا تَخَفْ ۖ وَبَشَّرُوهُ بِغُلَٰمٍ عَلِيمٍۢ ﴿28﴾

Naseem Ismail

(පසුවත් අනුභව නොකරමින් සිටිනු දුටු) මොහුට ඔවුන් ගැන බියක් ඇති විය. (මෙය දැන ගත් ඔවුන් “ඕ ඉබ්රාහීම්!) ඔබ බිය නොවනු” යයි පවසා, (ඉස්හාක් නමැති) ඉතාමත් ඥානයෙන් යුත් පුතෙකුගෙන් ඔහුට සුභාරංචි පැවසූහ.

Sinhalese Translation - Rowwad Translation Center

ඔවුන් ගැන බියක් ඔහු තුළ ඇති විය. (එවිට) “නුඹ බිය නො වනු”යි ඔවුහු පැවසූහ. තවද ඥානවන්ත දරුවකු පිළිබඳව ඔවුහු ඔහුට ශුභාරංචි දන්වා සිටියහ.

فَأَقْبَلَتِ ٱمْرَأَتُهُۥ فِى صَرَّةٍۢ فَصَكَّتْ وَجْهَهَا وَقَالَتْ عَجُوزٌ عَقِيمٌۭ ﴿29﴾

Naseem Ismail

(මෙයට සවන් දුන්) ඔහුගේ බිරිඳ (සාරා) ශබ්ද නගා (සිනාසෙමින්) ඔවුන් ඉදිරියට පැමිණ තම මුහුණෙහි (කම්මුල්) පහරවල් ගසා ගනිමින් “(මා නම් කිසිවක් කර කියා ගත නොහැකි) නාකි ගැහැනියකි. (එයිනුත්) වඳ ගැහැනියකි. (කෙසේ නම් මා හට දරුවෙකු ලැඛෙන්නේද?)”යි පැවසුවාය.

Sinhalese Translation - Rowwad Translation Center

එවිට ඔහුගේ බිරිය හඬ නගමින් ඉදිරියට පැමිණ ඇයගේ මුහුණට ඇය ගසා ගනිමින් (තමන්) “වයෝවෘද්ධ වඳ කතක්” යැයි පැවසුවා ය.

قَالُوا۟ كَذَٰلِكِ قَالَ رَبُّكِ ۖ إِنَّهُۥ هُوَ ٱلْحَكِيمُ ٱلْعَلِيمُ ﴿30﴾

Naseem Ismail

එයට ඔවුන් “මේ අන්දමටම ඔබගේ දෙවියන් පවසන්නේය. නියත වශයෙන්ම ඔහු ඉතාමත් ඥානවන්තයෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකුද වන්නේය” යයි පැවසූහ.

Sinhalese Translation - Rowwad Translation Center

“නුඹලාගේ පරමාධිපති පවසා ඇත්තේ එලෙස ය. නියත වශයෙන් ම ඔහු සර්ව ඥානී මහා ප්‍රඥාවන්ත ය.” යැයි ඔවුහු පැවසූහ.

۞ قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا ٱلْمُرْسَلُونَ ﴿31﴾

Naseem Ismail

(පසුව ඉබ්රාහීම් මලායිකාවරුන්ට) “දූතයිනි! ඔබගේ කාරණාව කුමක්ද? (කුමක් නිසා ඔබ මෙහි පැමිණියෙහුද?)”යි විමසුවේය.

Sinhalese Translation - Rowwad Translation Center

අහෝ එවනු ලැබූ දූතයිනි! එසේනම් නුඹලාගේ දූත පණිවිඩය කුමක් දැ? යි ඔහු (ඉබ්රාහීම්) විමසී ය.

قَالُوٓا۟ إِنَّآ أُرْسِلْنَآ إِلَىٰ قَوْمٍۢ مُّجْرِمِينَ ﴿32﴾

Naseem Ismail

එයට ඔවුන් මෙසේ පැවසූහ: “නියත වශයෙන්ම අපි (ඉමහත්) වැරදි කරන (ලුත්ගේ) ජනයා වෙත යවනු ලැබ ඇත්තෙමු.

Sinhalese Translation - Rowwad Translation Center

“සාපරාධි පිරිසක් වෙත නියත වශයෙන් ම අපි එවනු ලැබුවෙමු” යැයි ඔවුහු පැවසූහ.

لِنُرْسِلَ عَلَيْهِمْ حِجَارَةًۭ مِّن طِينٍۢ ﴿33﴾

Naseem Ismail

අපි ඔවුන් කෙරෙහි මැටියෙන් තනා (පුළුස්සන) ලද ගල් කැට වීසි කිරීම සඳහා (යවනු ලැබ ඇත්තෙමු)”.

Sinhalese Translation - Rowwad Translation Center

“මැටියෙන් යුත් ගල් (වර්ෂාවක්) ඔවුන් වෙත අප එවනු පිණිස.”

مُّسَوَّمَةً عِندَ رَبِّكَ لِلْمُسْرِفِينَ ﴿34﴾

Naseem Ismail

“එය ඔබගේ දෙවියන් වෙතම සීමාව ඉක්මවූ අයගේ (නාමයන් ලියනු ලැබ), සළකුණු කරන ලද ගල්” (යයිද පැවසූහ).

Sinhalese Translation - Rowwad Translation Center

“සීමාව ඉක්මවා ගියවුන් සඳහා නුඹගේ පරමාධිපති වෙතින් සලකුණු තබනු ලැබූවක් ලෙසින්”

فَأَخْرَجْنَا مَن كَانَ فِيهَا مِنَ ٱلْمُؤْمِنِينَ ﴿35﴾

Naseem Ismail

එබැවින් (ඔවුන් දැන ගැනීමට පෙරම එම රටේ සිටි) විශ්වාසය තැබූවන්ව එයින් අපි පිටත් කර හැරියෙමු”.

Sinhalese Translation - Rowwad Translation Center

එවිට එහි සිටියවුන් අතරින් දේවත්වය විශ්වාස කරන්නන් අපි බැහැර කළෙමු.

فَمَا وَجَدْنَا فِيهَا غَيْرَ بَيْتٍۢ مِّنَ ٱلْمُسْلِمِينَ ﴿36﴾

Naseem Ismail

එහෙත් එහි (ලුත්ගේ) එක් නිවැසියෙකු හැර.

Sinhalese Translation - Rowwad Translation Center

එහෙයින් අවනතවන්නන්ගෙන් එක් නිවසක් හැර වෙනත් කිසිවක් අපි එහි නො දුටුවෙමු.

وَتَرَكْنَا فِيهَآ ءَايَةًۭ لِّلَّذِينَ يَخَافُونَ ٱلْعَذَابَ ٱلْأَلِيمَ ﴿37﴾

Naseem Ismail

(දෙවියන්ට අවනත වූ) මුස්ලිම් කිසිවෙකුත් අපි දුටුවේ නැත. වේදනා ගෙන දෙන දඬුවමට බිය වන්නන්ට එහි එක් පාඩමක් අපි අත්හැර තිබුණි.

Sinhalese Translation - Rowwad Translation Center

තවද වේදනීය දඬුවමට බියවන්නන්හට අපි එහි සංඥාවක් අත හැර දැමුවෙමු.

وَفِى مُوسَىٰٓ إِذْ أَرْسَلْنَٰهُ إِلَىٰ فِرْعَوْنَ بِسُلْطَٰنٍۢ مُّبِينٍۢ ﴿38﴾

Naseem Ismail

මූසාගේ (ඉතිහාසයෙහි)ද (එක් පාඩමක්) ඇත්තේය. පැහැදිලි ප්‍රාතිහාර්යයක් සමග ෆිර්අව්න් වෙත ඔහුව අපි යැවූ අවස්ථාවේදී

Sinhalese Translation - Rowwad Translation Center

තවද මූසා තුළ ද (සංඥාවක්) විය. එය අපි ඔහු ෆිර්අවුන් වෙත පැහැදිලි බලයක් සමඟ එවූ අවස්ථාවේ දී ය.

فَتَوَلَّىٰ بِرُكْنِهِۦ وَقَالَ سَٰحِرٌ أَوْ مَجْنُونٌۭ ﴿39﴾

Naseem Ismail

ඔහු තමන්ගේ ප්‍රධානීන් සමග (ඔහුව) ප්‍රතික්ෂේප කර, “(මොහු එක්තරා) සූනියම්කාරයෙකි. නැතහොත් පිස්සෙකි” යයි පැවසුවේය.

Sinhalese Translation - Rowwad Translation Center

එවිට ඔහු (ෆිර්අවුන්) ඔහුගේ බල ඇණිය හේතුවෙන් පිටුපෑවේ ය. තවද (මූසා) “මායාකරුවෙකි. එසේ නැතහොත් උම්මත්තකයෙකි” යැයි ඔහු පැවසී ය.

فَأَخَذْنَٰهُ وَجُنُودَهُۥ فَنَبَذْنَٰهُمْ فِى ٱلْيَمِّ وَهُوَ مُلِيمٌۭ ﴿40﴾

Naseem Ismail

එබැවින් ඔහුවද, ඔහුගේ සේනාවන්ද, අපි අල්ලා මුහුදෙහි වීසි කර දැමුවෙමු. ඔහු (සැමදා) අවමානයට ලක් වූවේය.

Sinhalese Translation - Rowwad Translation Center

එවිට අපි ඔහු හා ඔහුගේ සේනාව ග්‍රහණය කළෙමු. එවිට ඔහු දොස් නගනු ලැබූවෙකු ලෙසින් අපි ඔවුන් මුහුදට හෙළුවෙමු.

وَفِى عَادٍ إِذْ أَرْسَلْنَا عَلَيْهِمُ ٱلرِّيحَ ٱلْعَقِيمَ ﴿41﴾

Naseem Ismail

ආද් (නමැති ජනයා)ගෙන්ද (එක් පාඩමක් ඇත). ඔවුන් වෙත අපි විනාශකාරී සුළඟක් යැවූ අවස්ථාවේදී,

Sinhalese Translation - Rowwad Translation Center

තවද ආද් ජනයා තුළ ද (සංඥාවක් විය). එය ඔවුන් වෙත අපි වද සුළඟක් එවූ අවස්ථාවේ දී ය.

مَا تَذَرُ مِن شَىْءٍ أَتَتْ عَلَيْهِ إِلَّا جَعَلَتْهُ كَٱلرَّمِيمِ ﴿42﴾

Naseem Ismail

එය වැදුනු සියල්ල දූවිළි (බවට පත් කර විසිරී) නොයා හැරියේ නැත.

Sinhalese Translation - Rowwad Translation Center

එය කවර කරුණක් මත ගැටුණ ද එය දිරාපත් වී ගිය දෑ මෙන් පත් කළාක් මිස අත්හැරියේ නැත.

وَفِى ثَمُودَ إِذْ قِيلَ لَهُمْ تَمَتَّعُوا۟ حَتَّىٰ حِينٍۢ ﴿43﴾

Naseem Ismail

සමූද් (නමැති ජනයා)ගෙන්ද (එක් පාඩමක් ඇත). “ඔබ එක් කාලයක් දක්වා සුවසේ ජීවත්ව සිටිනු” යයි ඔවුන්ට කියනු ලැබීමට

Sinhalese Translation - Rowwad Translation Center

තවද සමූද් ජනයා තුළ ද (සංඥාවක්) විය. එය “නුඹලා ටික කලකට භුක්ති විඳිනු” යැයි කියනු ලැබූ අවස්ථාවේ දී ය.

فَعَتَوْا۟ عَنْ أَمْرِ رَبِّهِمْ فَأَخَذَتْهُمُ ٱلصَّٰعِقَةُ وَهُمْ يَنظُرُونَ ﴿44﴾

Naseem Ismail

ඔවුන් තමන්ගේ දෙවියන්ගේ නියෝගයන් කඩ කළහ. එබැවින් ඔවුන් (තමන්ව විනාශ කර දැමීමට පැමිණි වලාකුළ) බලාගෙන සිටියදීම, ඔවුන්ව එක් හෙණ හඞක් අල්ලා ගත්තේය.

Sinhalese Translation - Rowwad Translation Center

එහෙත් ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝගයට ඔවුහු අකීකරු වූවෝ ය. එවිට ඔවුන් බලා සිටියදීම අකුණු පහර ඔවුන් ග්‍රහණය කළේ ය.

فَمَا ٱسْتَطَٰعُوا۟ مِن قِيَامٍۢ وَمَا كَانُوا۟ مُنتَصِرِينَ ﴿45﴾

Naseem Ismail

එබැවින් ඔවුන්ට සිට ගැනීමටද නොහැකි විය. (වාඩි වීමටද නොහැකි විය). අපගෙන් පළි ගැනීමටද නොහැකි විය. (සිටි අන්දමටම විනාශ වී ගියහ).

Sinhalese Translation - Rowwad Translation Center

එවිට සිට ගැනීමට පවා ඔවුනට නොහැකි විය. තවද ඔවුහු තමන්ට ම උදව් කරගන්නන් නො වූවෝ ය.

وَقَوْمَ نُوحٍۢ مِّن قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا۟ قَوْمًۭا فَٰسِقِينَ ﴿46﴾

Naseem Ismail

(මොවුන් සියල්ලන්ටම) කළින් (මරණයට පත් වූ) නූහුගේ ජනයාවද (විනාශ කර දැමුවෙමු). නියත වශයෙන්ම ඔවුන්ද පාපයන් කරන ජනතාවක් වශයෙන්ම සිටියහ.

Sinhalese Translation - Rowwad Translation Center

තවද මීට පෙර නූහ්ගේ ජනයා ද (අපි ග්‍රහණය කළෙමු.) නියත වශයෙන් ම ඔවුහු දුෂ්ඨ සමාජයක් වූහ.

وَٱلسَّمَآءَ بَنَيْنَٰهَا بِأَيْي۟دٍۢ وَإِنَّا لَمُوسِعُونَ ﴿47﴾

Naseem Ismail

(කිසිවෙකුගේ උදව්වක් නොමැතිව) අපගේ ශක්තිය මගින්ම අහස නිර්මාණය කළෙමු. නියත වශයෙන්ම අපි (එය ඔවුන්ගේ බුද්ධියට හසු නොවන සේ) අති විශාලවත් අන්දමටම තබා ඇත්තෙමු.

Sinhalese Translation - Rowwad Translation Center

තවද අපි අහස එය (අපගේ) බල ශක්තිය යොදා ඉදි කළෙමු. තවද නියත වශයෙන් ම අපි ප්‍රසාරණය කරන්නන් වෙමු.

وَٱلْأَرْضَ فَرَشْنَٰهَا فَنِعْمَ ٱلْمَٰهِدُونَ ﴿48﴾

Naseem Ismail

තවද භූමිය අපි (විශාලවත් අන්දමට) දිග හැරියෙමු. ඉතාමත් උසස් අන්දමට දිග හරින්නා (අපිමය).

Sinhalese Translation - Rowwad Translation Center

තවද මහපොළොව, අපි එය දිග හැරියෙමු. (විධිමත් ව) දිග හැරියවුන් යහපත් විය.

وَمِن كُلِّ شَىْءٍ خَلَقْنَا زَوْجَيْنِ لَعَلَّكُمْ تَذَكَّرُونَ ﴿49﴾

Naseem Ismail

සෑම වස්තුවක්ම (පිරිමින්, ගැහැනුන්ගෙන් වූ) ජෝඩු ජෝඩු වශයෙන්ම අපි උත්පාදනය කර ඇත්තෙමු. (මෙමගින්) ඔබ හොඳ වැටහීමක් ලබා ගනු මැනව!

Sinhalese Translation - Rowwad Translation Center

තවද නුඹලා මෙනෙහි කළ හැකි වනු පිණිස සෑම දෙයක් ම යුගල වශයෙන් ම අපි මැව්වෙමු.

فَفِرُّوٓا۟ إِلَى ٱللَّهِ ۖ إِنِّى لَكُم مِّنْهُ نَذِيرٌۭ مُّبِينٌۭ ﴿50﴾

Naseem Ismail

එබැවින් (පාපයන්ගෙන් ඈත් වී) අල්ලාහ් දෙසට ඔබ ඉක්මනින් දිව යනු. නියත වශයෙන්ම මා ඔහු වෙතින් ඔබට පැහැදිලි අන්දමටම බියගන්වා අනතුරු අඟවන්නෙකු වශයෙන් සිටින්නෙමි.

Sinhalese Translation - Rowwad Translation Center

එහෙයින් නුඹලා අල්ලාහ් වෙත වේගයෙන් යනු. නියත වශයෙන් ම මම නුඹලා වෙනුවෙන් ඔහුගෙන් වූ පැහැදිලි අනතුරු හඟවන්නෙකි.

وَلَا تَجْعَلُوا۟ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ ۖ إِنِّى لَكُم مِّنْهُ نَذِيرٌۭ مُّبِينٌۭ ﴿51﴾

Naseem Ismail

(නැමදුම සඳහා) අල්ලාහ් සමග වෙන කිසිම (ව්‍යාජ) දෙවියෙකු එක්කාසු නොකරනු. නියත වශයෙන්ම මා ඔහු වෙතින් ඔබට (මේ ගැනද) පැහැදිලිව බියගන්වා අනතුරු අඟවන්නෙකු වශයෙන් සිටින්නෙමි.

Sinhalese Translation - Rowwad Translation Center

තවද නුඹලා අල්ලාහ් සමඟ වෙනත් දෙවියෙකු පත් නො කරනු. නියත වශයෙන් ම මම ඔහුගෙන් නුඹලා වෙනුවෙන් පැමිණි පැහැදිලි අවවාද කරන්නෙකු වෙමි.

كَذَٰلِكَ مَآ أَتَى ٱلَّذِينَ مِن قَبْلِهِم مِّن رَّسُولٍ إِلَّا قَالُوا۟ سَاحِرٌ أَوْ مَجْنُونٌ ﴿52﴾

Naseem Ismail

මේ අන්දමටම ඔවුන්ට පෙර විසූ අයද (ඔවුන් වෙත) කුමන දූතයෙකු පැමිණියා වුවද, (ඔහුට) ‘සූනියම්කාරයා’ නැතහොත් ‘පිස්සෙකු’ යයි ඔවුන් නොකියා සිටියේ නැත.

Sinhalese Translation - Rowwad Translation Center

එලෙසය ඔවුනට පෙර සිටියවුන් වෙත යම් ධර්ම දූතයකු පැමිණි විට හූනියම් කරුවෙකි නැතහොත් උම්මත්තකයෙකි යැයි ඔවුහු පැවසුවා මිස නො වීය.

أَتَوَاصَوْا۟ بِهِۦ ۚ بَلْ هُمْ قَوْمٌۭ طَاغُونَ ﴿53﴾

Naseem Ismail

මෙසේ (කියන අන්දමටම) ඔවුන් තමන් තුළ (පරම්පරාවෙන්ම) කෙනෙකුට කෙනෙකු දේශනා කරමින් පැමිණියාක් මෙන්ය! නොඑසේය! ඔවුන් (ස්වභාවෙන්ම) අපරාධකාර ජනතාවක් වශයෙන් සිටින්නාහ.

Sinhalese Translation - Rowwad Translation Center

ඔවුහු එකිනෙකා මේ ගැන උපදෙස් කර ගත්තෝ ද? එසේ නොව ඔවුන් සීමාව ඉක්මවා ගිය පිරිසකි.

فَتَوَلَّ عَنْهُمْ فَمَآ أَنتَ بِمَلُومٍۢ ﴿54﴾

Naseem Ismail

(නබියේ!) ඔබ ඔවුන්ව ප්‍රතික්ෂේප කර දමනු. (ඔවුන් ප්‍රතික්ෂේප කිරීම ගැන) ඔබව නින්දා කරනු නොලබන්නෙහිය.

Sinhalese Translation - Rowwad Translation Center

එහෙයින් (නබිවරය!) නුඹ ඔවුන්ගෙන් ඉවත් වනු. නුඹ දොස් නගනු ලබන්නෙකු නො වනු ඇත.

وَذَكِّرْ فَإِنَّ ٱلذِّكْرَىٰ تَنفَعُ ٱلْمُؤْمِنِينَ ﴿55﴾

Naseem Ismail

(නබියේ!) ඔබ හොඳ ඔවදන් දෙනු (මැනව!). මන්දයත් නියත වශයෙන්ම හොඳ ඔවදන් විශ්වාසවන්තයින්ට ප්‍රයෝජනවත් වනු ඇත.

Sinhalese Translation - Rowwad Translation Center

තවද (නබිවරය!) නුඹ මෙනෙහි කරනු. නියත වශයෙන් ම මෙනෙහි කිරීම දේවත්වය විශ්වාස කරන්නන්හට ප්‍රයෝජනවත් වනු ඇත.

وَمَا خَلَقْتُ ٱلْجِنَّ وَٱلْإِنسَ إِلَّا لِيَعْبُدُونِ ﴿56﴾

Naseem Ismail

(මට අවනත වී මාව) නැමදීමට මිස ජින්වරුන්වද, මිනිසුන්වද මා උත්පාදනය කළේ නැත.

Sinhalese Translation - Rowwad Translation Center

තවද ජින් වර්ගයා හා මානව වර්ගයා වන ඔවුන් මට ගැතිකම් කිරීමට මිස මම නො මැව්වෙමි.

مَآ أُرِيدُ مِنْهُم مِّن رِّزْقٍۢ وَمَآ أُرِيدُ أَن يُطْعِمُونِ ﴿57﴾

Naseem Ismail

ඔවුන් වෙතින් මා කිසිම වස්තුවක් කැමති වූයේ නැත. තවද (මට) ආහාර ලබා දෙමින් සිටින මෙන්ද කැමති වූයේ නැත.

Sinhalese Translation - Rowwad Translation Center

ඔවුන්ගෙන් මම කිසිදු පෝෂණයක් අපේක්ෂා නො කරමි. එමෙන් ම ඔවුන් මට ආහාර සැපයිය යුතු යැයි ද මම අපේක්ෂා නො කරමි.

إِنَّ ٱللَّهَ هُوَ ٱلرَّزَّاقُ ذُو ٱلْقُوَّةِ ٱلْمَتِينُ ﴿58﴾

Naseem Ismail

(නබියේ! ඔබ මෙසේ පවසනු): නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ලන්ටම) අහාර ලබා දෙන්නෙකු හා සසළ කළ නොහැකි බලසම්පන්නයෙකුද වන්නේය.

Sinhalese Translation - Rowwad Translation Center

නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු ස්ථාවර බලය ඇති මහා පෝෂකයා ය.

فَإِنَّ لِلَّذِينَ ظَلَمُوا۟ ذَنُوبًۭا مِّثْلَ ذَنُوبِ أَصْحَٰبِهِمْ فَلَا يَسْتَعْجِلُونِ ﴿59﴾

Naseem Ismail

මෙම අපරාධකාරයින්ගේ මිතුරන්ට තිබූ (පින් පව් මැන බැලිය හැකි) තරාදි පඩිය මෙන්ම, නියත වශයෙන්ම මොවුන්ටද තරාදි පඩි ඇත. (ඒවා පිරුණු වහාම දඬුවම මගින් මොවුන්ව අල්ලා ගන්නෙමු). එබැවින් ඔවුන්ට (දඬුවම සඳහා මා වෙත) ඉක්මන් නොවනු.

Sinhalese Translation - Rowwad Translation Center

එහෙයින් නියත වශයෙන් ම අපරාධ කළවුන් වනාහි ඔවුන්ගේ සගයින්ගේ පාපයන් මෙන් පාපයන් ඔවුනට ඇත. එහෙයින් ඔවුහු (දඬුවම) ඉක්මන් කරන්නැයි මගෙන් නො පැතිය යුතු ය.

فَوَيْلٌۭ لِّلَّذِينَ كَفَرُوا۟ مِن يَوْمِهِمُ ٱلَّذِى يُوعَدُونَ ﴿60﴾

Naseem Ismail

(විනිශ්චය සඳහා පාපතරයන් වන) ඔවුන්ට පොරොන්දු වන ලද ඔවුන්ගේ දිනදී මෙම ප්‍රතික්ෂේප කරන්නන්ට විනාශයයි.

Sinhalese Translation - Rowwad Translation Center

ප්‍රතික්ෂේප කළවුන්ට, ඔවුනට ප්‍රතිඥා දෙනු ලබන ඔවුන්ගේ දිනයේ විනාශය ඇත.

Quran recitationReady
Open audio