Skip to content
Text size 100%
Translation comparison

Compare Al-'Alaq Quran translations

Compare up to three verified translation editions verse by verse, including editions in two different languages.

Sinhala editions (choose up to 3)

Changing languages or editions keeps the current surah and verse.

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ٱقْرَأْ بِٱسْمِ رَبِّكَ ٱلَّذِى خَلَقَ ﴿1﴾

Naseem Ismail

(නබියේ! සියල්ලම) උත්පාදනය කළ ඔබ දෙවියන්ගේ ශුද්ධ වූ නාමයෙන් (මගේ නියෝගයන් අඩංගු ශුද්ධ වූ කුර්ආනය) ඔබ සමුදීරණය කරනු මැනව!

خَلَقَ ٱلْإِنسَٰنَ مِنْ عَلَقٍ ﴿2﴾

Naseem Ismail

ඔහුම මිනිසාව ලේ කැටියෙන් උත්පාදනය කළේය.

ٱقْرَأْ وَرَبُّكَ ٱلْأَكْرَمُ ﴿3﴾

Naseem Ismail

(නබියේ! නැවතත්) ඔබ සමුදීරණය කරනු (මැනව!) ඔබගේ දෙවියන් අති විශාල දානපතියෙකි.

ٱلَّذِى عَلَّمَ بِٱلْقَلَمِ ﴿4﴾

Naseem Ismail

ඔහුම පෑනක් මගින් (ලිවීමට) ඉගැන්වූවේය.

عَلَّمَ ٱلْإِنسَٰنَ مَا لَمْ يَعْلَمْ ﴿5﴾

Naseem Ismail

තවද (එමගින්) මිනිසා නොදන්නා දැය සියල්ල ඔහුට උගන්වා දෙන්නේය.

كَلَّآ إِنَّ ٱلْإِنسَٰنَ لَيَطْغَىٰٓ ﴿6﴾

Naseem Ismail

(මෙසේ තිබියදී) මිනිසා (ඔහුට කෘතඥ වීම වෙනුවට) ඇත්තෙන්ම-

أَن رَّءَاهُ ٱسْتَغْنَىٰٓ ﴿7﴾

Naseem Ismail

තමන්ට (දෙවියන්ගෙන්) අවශ්‍යතාවයක් නොමැත්තෙකු යයි අදහස් කරමින් ඔහුට වෙනස්කම් කරන්නේය.

إِنَّ إِلَىٰ رَبِّكَ ٱلرُّجْعَىٰٓ ﴿8﴾

Naseem Ismail

නියත වශයෙන්ම ඔබගේ දෙවියන් වෙතම (ඔහු) නැවත පැමිණිය යුතුව ඇත්තේය.

أَرَءَيْتَ ٱلَّذِى يَنْهَىٰ ﴿9﴾

Naseem Ismail

(නබියේ!) වළක්වා දමන්නාව ඔබ (අවධානය කර) බැලූවෙහිද?

عَبْدًا إِذَا صَلَّىٰٓ ﴿10﴾

Naseem Ismail

එක් වහලෙකු සලාත් කරන විට

أَرَءَيْتَ إِن كَانَ عَلَى ٱلْهُدَىٰٓ ﴿11﴾

Naseem Ismail

ඔහු ඍජු මාර්ගයෙහි සිටිමින් හෝ

أَوْ أَمَرَ بِٱلتَّقْوَىٰٓ ﴿12﴾

Naseem Ismail

පරිශුද්ධභාවය අණ කරමින් සිටියදී (ඔහුව, ඔහු වළක්වා හැරීම) ඔබ (අවධානය කර) බැලූවෙහිද?

أَرَءَيْتَ إِن كَذَّبَ وَتَوَلَّىٰٓ ﴿13﴾

Naseem Ismail

ඔහු, (ඔහුව) බොරු කර ප්‍රතික්ෂේප කර හැරීමද ඔබ අවධානය කළෙහිද?

أَلَمْ يَعْلَم بِأَنَّ ٱللَّهَ يَرَىٰ ﴿14﴾

Naseem Ismail

(ඔහු කරන මෙම නපුරු කාරණාවන්) නියත වශයෙන්ම අල්ලාහ් බලන්නේය යන්න ඔහු දැන ගත්තේ නැද්ද?

كَلَّا لَئِن لَّمْ يَنتَهِ لَنَسْفَعًۢا بِٱلنَّاصِيَةِ ﴿15﴾

Naseem Ismail

(මෙසේ ඔහු කටයුතු කිරීම) සුදුසු නැත. (මෙම නපුරු ක්‍රියාවන්ගෙන්) ඔහු ඈත් නොවුවහොත් අපි නළල් කෙස් රොදින් අල්ලා අදින්නෙමු.

نَاصِيَةٍۢ كَٰذِبَةٍ خَاطِئَةٍۢ ﴿16﴾

Naseem Ismail

එනම් වැරදි කරන එම බොරුකාරයාගේ ඉදිරි කෙස් වහල්ලෙන්

فَلْيَدْعُ نَادِيَهُۥ ﴿17﴾

Naseem Ismail

එබැවින් ඔහු (තම උදව්වට) තම සභාවේ අයව කැඳවිය යුතුය.

سَنَدْعُ ٱلزَّبَانِيَةَ ﴿18﴾

Naseem Ismail

අපිද (ඔහුව නිරයට යැවීමට නිරයෙහි) ආරක්ෂකයින්ව කැඳවන්නෙමු.

كَلَّا لَا تُطِعْهُ وَٱسْجُدْ وَٱقْتَرِب ۩ ﴿19﴾

Naseem Ismail

එබැවින් (නබියේ!) නියත වශයෙන්ම ඔබ ඔහුට අවනත නොවනු. (ඔබගේ දෙවියන්ට) හිස නවා නැමද (සුජූද් කර ඔහු වෙත) ළං වනු මැනව!

Quran recitationReady
Open audio