Skip to content
Text size 100%
Translation comparison

Compare Al-Balad Quran translations

Compare up to three verified translation editions verse by verse, including editions in two different languages.

Sinhala editions (choose up to 3)

Changing languages or editions keeps the current surah and verse.

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ لَآ أُقْسِمُ بِهَٰذَا ٱلْبَلَدِ ﴿1﴾

Naseem Ismail

(නබියේ! ආරක්ෂාව සපයන) මෙම නගරය මත දිව්රන්නෙමි!

وَأَنتَ حِلٌّۢ بِهَٰذَا ٱلْبَلَدِ ﴿2﴾

Naseem Ismail

එයත් ඔබ මෙම නගරයෙහි රැඳී සිටිය හැකි අවස්ථාවේදී-

وَوَالِدٍۢ وَمَا وَلَدَ ﴿3﴾

Naseem Ismail

(මනුෂ්‍යයාගේ) දෙමව්පියන් (වන ආදම් අෙලෙහිස්සලාම්) මතද, ඔහු බිහි කළ දරුවන් මතද සත්තකින්ම!

لَقَدْ خَلَقْنَا ٱلْإِنسَٰنَ فِى كَبَدٍ ﴿4﴾

Naseem Ismail

ඇත්තෙන්ම අපි මිනිසාව අමාරුකමෙහි (ගැලී සිටින්නෙකු වශයෙන්ම) උත්පාදනය කර ඇත්තෙමු.

أَيَحْسَبُ أَن لَّن يَقْدِرَ عَلَيْهِ أَحَدٌۭ ﴿5﴾

Naseem Ismail

(එසේ තිබියදී) ඔහු තමන්ව යටපත් කිරීමට කිසිවෙකුටත් නොහැකි යයි අදහස් කළේද?

يَقُولُ أَهْلَكْتُ مَالًۭا لُّبَدًا ﴿6﴾

Naseem Ismail

“බොහෝ වස්තූන් මා (හරිහම්බ කර වියදම් කර) විනාශ කර දැමුවෙමි” යයි ඔහු (උඞඟූ වී ආඩම්බර බස්) ෙදාඩන්නේය.

أَيَحْسَبُ أَن لَّمْ يَرَهُۥٓ أَحَدٌ ﴿7﴾

Naseem Ismail

(මෙසේ ආඩම්බර බස් ෙදාඩණ) ඔහුව කිසිවෙකුත් දැක්කේ නැතැයි ඔහු සිතා ගත්තෙහිද?

أَلَمْ نَجْعَل لَّهُۥ عَيْنَيْنِ ﴿8﴾

Naseem Ismail

(බැලිය හැකි) ඇස් දෙකක්ම අපි ඔහුට ලබා දුන්නේ නැද්ද?

وَلِسَانًۭا وَشَفَتَيْنِ ﴿9﴾

Naseem Ismail

(එසේ තිබියදී සත්‍යය ඔහු දුටුවේ නැත. කතා කළ හැකි) දිවක්ද, තොල් දෙකක්ද, (අපි ඔහුට ලබා දුන්නේ නැද්ද? ඒවා ඉබේම ඔහු අත් කර ගත්තේද?) නැත.

وَهَدَيْنَٰهُ ٱلنَّجْدَيْنِ ﴿10﴾

Naseem Ismail

(පින්, පව්) මාර්ගයන් දෙකම අපි ඔහුට වෙන්කර දැනුම් දුන්නෙමු.

فَلَا ٱقْتَحَمَ ٱلْعَقَبَةَ ﴿11﴾

Naseem Ismail

එහෙත් (මෙතෙක්) ඔහු ‘අකබා’ව තරනය කළේ නැත.

وَمَآ أَدْرَىٰكَ مَا ٱلْعَقَبَةُ ﴿12﴾

Naseem Ismail

(නබියේ!) අකබා යනු කිමෙක්දැයි ඔබ දන්නෙහිද?

فَكُّ رَقَبَةٍ ﴿13﴾

Naseem Ismail

(එය) එක් වහලෙකු නිදහස් කිරීමයි.

أَوْ إِطْعَٰمٌۭ فِى يَوْمٍۢ ذِى مَسْغَبَةٍۢ ﴿14﴾

Naseem Ismail

නැතහොත් දරිධ්‍රතාවයෙන් කුස ගින්නෙන් පෙළෙන කෙනෙකුට හෝ

يَتِيمًۭا ذَا مَقْرَبَةٍ ﴿15﴾

Naseem Ismail

ඥාතීන්ගෙන් වූ කුස ගින්නෙන් පෙළෙන එක් අනාථයෙකුට හෝ

أَوْ مِسْكِينًۭا ذَا مَتْرَبَةٍۢ ﴿16﴾

Naseem Ismail

නැතහොත් දරිධ්‍රතාවයෙන් පොලොව කාගෙන සිටින එක් දුප්පතෙකුට (කුස ගින්නෙන් වූ) එක් දිනක ආහාර ලබා දීම වන්නේය.

ثُمَّ كَانَ مِنَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَتَوَاصَوْا۟ بِٱلصَّبْرِ وَتَوَاصَوْا۟ بِٱلْمَرْحَمَةِ ﴿17﴾

Naseem Ismail

(මීට අමතරව) විශ්වාසය තබා කෙනෙකුට කෙනෙකු ඉවසීම මගින් හොඳ ඔවදන් දෙමින්ද, අනුකම්පාව මගින් කෙනෙකුට කෙනෙකු හොඳ ඔවදන් දෙමින්ද සිටින්නන්ගෙන්ද වීම වන්නේය.

أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْمَيْمَنَةِ ﴿18﴾

Naseem Ismail

මෙවැන්නන්ම දකුණු පාර්ශවයේ සිටින්නන්ය.

وَٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَٰتِنَا هُمْ أَصْحَٰبُ ٱلْمَشْـَٔمَةِ ﴿19﴾

Naseem Ismail

තවද කවුරුන් අපගේ ආයාවන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ම වම් පාර්ශවයේ වූ අයයි.

عَلَيْهِمْ نَارٌۭ مُّؤْصَدَةٌۢ ﴿20﴾

Naseem Ismail

ඔවුන්ව නිරයෙහි දමා (සියලූ මාර්ගයන්) වසා දමනු ලැබේ.

Quran recitationReady
Open audio