Text size
Translation comparisonCompare Al-Bayyinah Quran translations
Compare up to three verified translation editions verse by verse, including editions in two different languages.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ لَمْ يَكُنِ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْ أَهْلِ ٱلْكِتَٰبِ وَٱلْمُشْرِكِينَ مُنفَكِّينَ حَتَّىٰ تَأْتِيَهُمُ ٱلْبَيِّنَةُ ﴿1﴾
Naseem Ismail
ධර්මය හිමි අයගෙන්ද, සමානයන් තබා නමදින්නන්ගෙන්ද, (මෙය) ප්රතික්ෂේප කරන්නන්ගෙන්ද බොහොමයක් දෙනා තමන් වෙත පැහැදිලි සාධකයන් පැමිණෙන තුරු (යම්කිසි සාධකයක් පැමිණියහොත් මෙය අනුගමනය කළ යුතුය යයි හොඳ අදහසින්) ඈත් නොවී (ස්ථීරව) සිටියහ.
Sinhalese Translation - Rowwad Translation Center
ධර්ම ග්රන්ථ සතු ජනයා හා ආදේශ තබන්නන් අතරින් වූ ප්රතික්ෂේප කළවුන් හා ආදේශ තබන්නන් තමන් වෙත පැහැදිලි සාධකය පැමිණෙන තෙක් (ප්රතික්ෂේප කිරීමෙන්) ඉවත්වන්නෝ නො වූහ.
رَسُولٌۭ مِّنَ ٱللَّهِ يَتْلُوا۟ صُحُفًۭا مُّطَهَّرَةًۭ ﴿2﴾
Naseem Ismail
(ඔවුන් වෙත පැමිණ ඇති පැහැදිලි සාධකයා කවුරුන්දයත්, ඔවුන්ට) පරිශුද්ධ වූ ධර්මයන් සමුදීරණය කර පෙන්විය හැකි අල්ලාහ්ගේ (මෙම) දූතයාය.
Sinhalese Translation - Rowwad Translation Center
එය පිවිතුරු කරන ලද ලේඛන කියවන අල්ලාහ්ගෙන් වූ පණිවිඩකරු ය.
فِيهَا كُتُبٌۭ قَيِّمَةٌۭ ﴿3﴾
Naseem Ismail
(ඔහු කියවා පෙන්වන) එහි ස්ථීර වූ නීති රීතිම සටහන් කරනු ලැබ ඇත්තේය.
Sinhalese Translation - Rowwad Translation Center
එහි ඍජු නීති රීති ඇත.
وَمَا تَفَرَّقَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ إِلَّا مِنۢ بَعْدِ مَا جَآءَتْهُمُ ٱلْبَيِّنَةُ ﴿4﴾
Naseem Ismail
(ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් ඔහුව අනුගමනය කිරීම සඳහා යයි පවසමින් සිටි) ධර්මය හිමි අය, තමන් වෙත පැහැදිලි සාධකයා (ආදී අපගේ දූතයා) පැමිණි පසු (ඔහුට) වෙනස්කම් කරන්නාහ.
Sinhalese Translation - Rowwad Translation Center
තවද ධර්ම ග්රන්ථය පිරිනමනු ලැබූ ජනයා ඔවුනට පැහැදිලි සාධකය පැමිණීමෙන් පසුව මිස ඔවුහු වෙන්ව නො ගියෝ ය.
وَمَآ أُمِرُوٓا۟ إِلَّا لِيَعْبُدُوا۟ ٱللَّهَ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ حُنَفَآءَ وَيُقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَيُؤْتُوا۟ ٱلزَّكَوٰةَ ۚ وَذَٰلِكَ دِينُ ٱلْقَيِّمَةِ ﴿5﴾
Naseem Ismail
(එහෙත් ඔවුන්ට නම්), දෙවියන්ගේ මිශ්ර නොවුන ධර්මයම අනුගමන කර, (අනිත් ධර්මයන්) ප්රතික්ෂේප කර, අල්ලාහ් එක් කෙනෙකුවම නැමද, සලාතයද නොකඩවා ඉටු කර, සකාතයද ගෙවා සිටින මෙන් මිස, (වෙන කිසිවක් මෙම දූතයා මගින්) අණ කරනු ලැබුවේ නැත. (මෙය ඔවුන්ගේ ධර්මයෙහිද අණ කරන ලද කාරණාවකි). මෙයම ස්ථීර වූ (නීති රීති වලින් යුත්) ධර්මයයි.
Sinhalese Translation - Rowwad Translation Center
තවද පිවිතුරු දහම අල්ලාහ්ට පුද කරමින් ඔහුව නැමදීමටත් සලාතය ස්ථාපිත කිරීමටත් zසකාත් පිරිනැමීමටත් මිස ඔවුහු අණ කරනු නො ලැබුවෝ ය. තවද ඍජු දහම වනුයේ එයයි.
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْ أَهْلِ ٱلْكِتَٰبِ وَٱلْمُشْرِكِينَ فِى نَارِ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَآ ۚ أُو۟لَٰٓئِكَ هُمْ شَرُّ ٱلْبَرِيَّةِ ﴿6﴾
Naseem Ismail
එබැවින් ධර්මය හිමි අයගෙන්ද, සමානයන් තබා නමදින්නන්ගෙන්ද, (මෙම නබිවරයාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි අයගෙන්ද) කවුරුන් (ඔහුව) ප්රතික්ෂේප කරන්නෝද, ඔවුන් නියත වශයෙන්ම නිරා ගින්නෙහිම සිටින්නාහ. එහි ඔවුන් සදාකල්ම රැඳී සිටින්නාහ. මෙවැන්නන්ම උත්පාදනයන් සියල්ලගෙන් ඉමහත් නපුරන්ය.
Sinhalese Translation - Rowwad Translation Center
සැබැවින් ම පුස්තක ලත් ජනයා අතුරින් වූ ප්රතික්ෂේප කළවුන් හා ආදේශ තබන්නන් නිරා ගින්නෙහි ය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති. ඔවුන් මය මැවීම් අතරින් නපුරුම මැවීම වනුයේ.
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ أُو۟لَٰٓئِكَ هُمْ خَيْرُ ٱلْبَرِيَّةِ ﴿7﴾
Naseem Ismail
එහෙත් (මෙම නබිවරයාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි අයගෙන්) කවුරුන් (ඔහුව) විශ්වාස කර, දැහැමි ක්රියාවන් කරන්නෝද, ඔවුන් නියත වශයෙන්ම උත්පාදනයන් සියල්ලගෙන් ශ්රේෂ්ඨයන්ය.
Sinhalese Translation - Rowwad Translation Center
සැබැවින් ම විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වනාහි ඔවුහු මය මැවීම් අතරින් ශ්රේෂ්ඨම මැවීම වනුයේ.
جَزَآؤُهُمْ عِندَ رَبِّهِمْ جَنَّٰتُ عَدْنٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدًۭا ۖ رَّضِىَ ٱللَّهُ عَنْهُمْ وَرَضُوا۟ عَنْهُ ۚ ذَٰلِكَ لِمَنْ خَشِىَ رَبَّهُۥ ﴿8﴾
Naseem Ismail
ඔවුන්ගේ ඵලවිපාක ඔවුන්ගේ දෙවියන්ගේ සන්නිධානයෙහි ඇති ස්ථීර වූ ස්වර්ගයන් වන්නේය. ඒවායෙහි දිය දහරා සදාකල් ගලමින්ම තිඛෙණු ඇත. සදාකල්ම ඔවුන් ඒවායෙහි රැඳී සිටිනු ඇත. අල්ලාහ්ද ඔවුන් ගැන තෘප්තියට පත් වන්නේය. ඔවුන්ද අල්ලාහ් ගැන තෘප්තියට පත් වන්නාහ. කවුරුන් තම දෙවියන්ට බිය වන්නෝද, ඔවුන්ටම (මෙවැනි භාග්යය ලැඛෙන්නේය).
Sinhalese Translation - Rowwad Translation Center
ඔවුන්ගේ පරමාධිපති අබියස වූ ඔවුන්ගේ ප්රතිඵල වනුයේ පහළින් ගංගාවන් ගලා බස්නා අද්න් නම් ස්වර්ග උයන් ය. ඔවුහු එහි සදහට ම සදාතනිකයෝ වෙති. අල්ලාහ් ඔවුන්ව පිළිගත්තේ ය. ඔවුහු ද ඔහුව පිළිගත්තෝ ය. එය තම පරමාධිපතිට බිය වූ අයට ය.