Skip to content
Text size 100%
Translation comparison

Compare Al-Layl Quran translations

Compare up to three verified translation editions verse by verse, including editions in two different languages.

Sinhala editions (choose up to 3)

Changing languages or editions keeps the current surah and verse.

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلَّيْلِ إِذَا يَغْشَىٰ ﴿1﴾

Naseem Ismail

(සියල්ල) සඟවා ගන්නා (අන්ධකාර) රාත්‍රිය මත සත්තකින්ම!

وَٱلنَّهَارِ إِذَا تَجَلَّىٰ ﴿2﴾

Naseem Ismail

ආලෝකමත් දහවල මත සත්තකින්ම!

وَمَا خَلَقَ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰٓ ﴿3﴾

Naseem Ismail

පිරිමි, ගැහැනුන්ව උත්පාදනය කළ අය මත සත්තකින්ම!

إِنَّ سَعْيَكُمْ لَشَتَّىٰ ﴿4﴾

Naseem Ismail

(මිනිසුනේ!) නියත වශයෙන්ම ඔබගේ උත්සාහයන් විවිධ අන්දමට ඇත්තේය.

فَأَمَّا مَنْ أَعْطَىٰ وَٱتَّقَىٰ ﴿5﴾

Naseem Ismail

එබැවින් (ඔබගෙන්) කවුරුන් දානමාන කර, (අල්ලාහ්ට) බිය වී-

وَصَدَّقَ بِٱلْحُسْنَىٰ ﴿6﴾

Naseem Ismail

(මෙම ධර්මයෙහි ඇති) හොඳ කාරණාවන්ද (හොඳ යයි) සත්‍යය කර තබන්නේද-

فَسَنُيَسِّرُهُۥ لِلْيُسْرَىٰ ﴿7﴾

Naseem Ismail

ඔහුට (ස්වර්ගයට අයත් ඍජු) මාර්ගය අපි පහසුවෙන් ලබා දෙන්නෙමු.

وَأَمَّا مَنۢ بَخِلَ وَٱسْتَغْنَىٰ ﴿8﴾

Naseem Ismail

කවුරුන් මසුරුකම් කර, (අල්ලාහ්වද) නොසලකා-

وَكَذَّبَ بِٱلْحُسْنَىٰ ﴿9﴾

Naseem Ismail

(මෙම ධර්මයෙහි ඇති) හොඳ කාරණාවන්ද බොරු කර තබන්නේද-

فَسَنُيَسِّرُهُۥ لِلْعُسْرَىٰ ﴿10﴾

Naseem Ismail

ඔහුට අමාරුකමට අයත් (නිරයෙහි) මාර්ගයම අපි පහසු කර තබන්නෙමු.

وَمَا يُغْنِى عَنْهُ مَالُهُۥٓ إِذَا تَرَدَّىٰٓ ﴿11﴾

Naseem Ismail

ඔහු (නිරයෙහි) වැටෙන විට ඔහුගේ වස්තුව, ඔහුට (කිසිම) ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත.

إِنَّ عَلَيْنَا لَلْهُدَىٰ ﴿12﴾

Naseem Ismail

නියත වශයෙන්ම ඍජු මාර්ගය පෙන්වීමම අපගේ යුතුකම වන්නේය.

وَإِنَّ لَنَا لَلْءَاخِرَةَ وَٱلْأُولَىٰ ﴿13﴾

Naseem Ismail

නියත වශයෙන්ම මෙලොවද, පරලොවද අපගේමය.

فَأَنذَرْتُكُمْ نَارًۭا تَلَظَّىٰ ﴿14﴾

Naseem Ismail

(මක්කාවාසීනී!) දළු ලා දැවෙන ගින්න ගැන මා ඔබට බිය ගන්වා අනතුරු අඟවන්නෙමි!

لَا يَصْلَىٰهَآ إِلَّا ٱلْأَشْقَى ﴿15﴾

Naseem Ismail

ඉතාමත් අභාග්‍යවන්තයෙකු මිස, (වෙන කිසිවෙකුත්) ඒ තුළට ඇතුළු වන්නේ නැත.

ٱلَّذِى كَذَّبَ وَتَوَلَّىٰ ﴿16﴾

Naseem Ismail

ඔහු (අපගේ ආයාවන්) බොරු කර, ප්‍රතික්ෂේප කර දමනු ඇත.

وَسَيُجَنَّبُهَا ٱلْأَتْقَى ﴿17﴾

Naseem Ismail

භය භක්තිකයාම එයින් බේරෙනු ඇත.

ٱلَّذِى يُؤْتِى مَالَهُۥ يَتَزَكَّىٰ ﴿18﴾

Naseem Ismail

ඔහු (පාපයන්ගෙන් තමන්ව) පරිශුද්ධ කර ගැනීම පිණිස තමන්ගේ වස්තුව (දානමාන වශයෙන්) දෙනු ඇත.

وَمَا لِأَحَدٍ عِندَهُۥ مِن نِّعْمَةٍۢ تُجْزَىٰٓ ﴿19﴾

Naseem Ismail

ඔහු පිළිතුරු වශයෙන් දිය හැකි අන්දමට කිසිවෙකුගේ කෘතඥභාවයක් ඔහු කෙරෙහි නොතිබියදී-

إِلَّا ٱبْتِغَآءَ وَجْهِ رَبِّهِ ٱلْأَعْلَىٰ ﴿20﴾

Naseem Ismail

ඉතාමත් උසස් තම දෙවියන්ගේ ශුද්ධ වූ බාර ගැනීම කැමති වී (දානමාන කරනු ඇත).

وَلَسَوْفَ يَرْضَىٰ ﴿21﴾

Naseem Ismail

(දෙවියන් ඔහුට ලබා දෙන වරප්‍රසාදයන් ගැන) පසුව ඔහුද තෘප්තියට පත් වන්නේය.

Quran recitationReady
Open audio