بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يَٰٓأَيُّهَا ٱلْمُدَّثِّرُ ﴿1﴾
Naseem Ismail
(වහී නිසා ඇති වන තිගැස්සීමෙන්) පොරවාගෙන සිටින්ණෙනි!
Sinhalese Translation - Rowwad Translation Center
අහෝ පොරවා ගෙන සිටින්නාණනි!
Compare up to three verified translation editions verse by verse, including editions in two different languages.
Changing languages or editions keeps the current surah and verse.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يَٰٓأَيُّهَا ٱلْمُدَّثِّرُ ﴿1﴾
(වහී නිසා ඇති වන තිගැස්සීමෙන්) පොරවාගෙන සිටින්ණෙනි!
අහෝ පොරවා ගෙන සිටින්නාණනි!
قُمْ فَأَنذِرْ ﴿2﴾
(නබියේ!) ඔබ නැගිටිනු! (මිනිසුන්ට) බියගන්වා අනතුරු අඟවනු (මැනව!)
නුඹ නැගී සිට, අවවාද කරනු.
وَرَبَّكَ فَكَبِّرْ ﴿3﴾
ඔබගේ දෙවියන්ව ආඩම්බර කරනු (මැනව!)
තවද නුඹගේ පරමාධිපතිව උත්කෘෂ්ට කරනු.
وَثِيَابَكَ فَطَهِّرْ ﴿4﴾
ඔබගේ ඇඳුම් පරිශුද්ධව තබා ගනු (මැනව!)
තවද නුඹගේ වස්ත්රය පිරිසිදු කරනු.
وَٱلرُّجْزَ فَٱهْجُرْ ﴿5﴾
අපිරිසිදු දැය පිළිකුල් කර හරිනු (මැනව!)
තවද කිලිට්ටෙන් වළකිනු.
وَلَا تَمْنُن تَسْتَكْثِرُ ﴿6﴾
(ඔබ ලබා දුන් දැයට වඩා) අධික වශයෙන් ලබා ගැනීමේ චේතනාවෙන් (කිසිවෙකුටත්) කෘතඥ නොකරනු.
නුඹ අධික වශයෙන් ලබන්නට බලාපොරොත්තු වී උපකාර නො කරනු.
وَلِرَبِّكَ فَٱصْبِرْ ﴿7﴾
ඔබගේ දෙවියන් වෙනුවෙන් (අමාරුකම) ඔබ ඉවසා සිටිනු.
තවද නුඹේ පරමාධිපති වෙනුවෙන් නුඹ ඉවසනු.
فَإِذَا نُقِرَ فِى ٱلنَّاقُورِ ﴿8﴾
කවදා හෝ (හොරණෑව) පිඹිනු ලබන අවස්ථාවේදී-
හොරණෑවෙහි හඬ නිකුත් කරනු ලැබූ විට;
فَذَٰلِكَ يَوْمَئِذٍۢ يَوْمٌ عَسِيرٌ ﴿9﴾
එදින ඉතාමත් අමාරුකමින් පිරි දිනයක් වන්නේය.
එය දුෂ්කර දිනයක් වනු ඇත.
عَلَى ٱلْكَٰفِرِينَ غَيْرُ يَسِيرٍۢ ﴿10﴾
(එදින) ප්රතික්ෂේප කරන්නන්ට පහසු දැයක් නොව.
දේවත්වය ප්රතික්ෂේප කරන්නන්ට එදින පහසු නො වනු ඇත.
ذَرْنِى وَمَنْ خَلَقْتُ وَحِيدًۭا ﴿11﴾
(නබියේ! ඔබ මැදිහත් නොවී) මාවද, මා තනියෙන් උත්පාදනය කළ ඔහුවද අත්හැර දමනු.
මා හා මා මැවූ අය නුඹ තනිව අත හැර දමනු.
وَجَعَلْتُ لَهُۥ مَالًۭا مَّمْدُودًۭا ﴿12﴾
(මන්දයත්) මා ඔහුට අප්රමාණ වස්තූන්ද, ලබා දුන්නෙමි.
තවද මම ඔහුට බොහෝ සේ ධනය ඇති කර දුනිමි.
وَبَنِينَ شُهُودًۭا ﴿13﴾
සෑම විටම ඔහු සමග සිටින ජනතාවද, (මා ඔහුට ලබා දුන්නෙමි).
ඔහු සමඟ වන දරුවන් ද (ඇති කර දුනිමි.)
وَمَهَّدتُّ لَهُۥ تَمْهِيدًۭا ﴿14﴾
ඔහුට අවශ්යය සෑම දැයක්ම (දැනටමත්) ඔහු වෙනුවෙන් සැලසුම් කරද තැබුවෙමි.
තවද (සියල්ල) පහසු කරමින් මම ඔහුට දිගු හැර දුනිමි.
ثُمَّ يَطْمَعُ أَنْ أَزِيدَ ﴿15﴾
පසුවද මා (ඔහුට) තවත් අධික වශයෙන්ද ලබා දිය යුතුය යයිද, ඔහු ආශා කරන්නේය. එය සිදු විය හැකි දැයක් නොව.
පසුව ද මම වැඩියෙන් දිය යුතු යැයි ඔහු ප්රිය කරන්නේ ය.
كَلَّآ ۖ إِنَّهُۥ كَانَ لِءَايَٰتِنَا عَنِيدًۭا ﴿16﴾
මන්දයත් නියත වශයෙන්ම ඔහු අපගේ ආයාවන්ට දරුණු සතුරෙකු වශයෙන් සිටින්නේය.
එසේ නො ව; නියත වශයෙන්ම ඔහු අපගේ වදන්වලට විරුද්ධ විය.
سَأُرْهِقُهُۥ صَعُودًا ﴿17﴾
ඉතා ඉක්මනින් ඔහුව එක්තරා අමාරු විපතක ඇතුළු කරන්නෙමි.
ඔහුට දරුණු දඬුවමක් මම මතු පටවන්නෙමි.
إِنَّهُۥ فَكَّرَ وَقَدَّرَ ﴿18﴾
නියත වශයෙන්ම ඔහු (මෙම කුර්ආනය ගැන ඉතාමත්) අවධානයෙන් (එක්තරා බොරුවක්) මනක්කල්පිත කර ගෙතුවේය.
නියත වශයෙන් ම ඔහු කල්පනා කොට සැලසුම් යෙදුවේ ය.
فَقُتِلَ كَيْفَ قَدَّرَ ﴿19﴾
ඔහු විනාශ වී යා යුතුය. ඔහු කුමක් නම් මනක්කල්පිත කළේද! (කිසිවක් නැත).
ඔහු විනාශ කරනු ලැබී ය. ඔහු කෙසේ නම් සැලසුම් කළේ ද?
ثُمَّ قُتِلَ كَيْفَ قَدَّرَ ﴿20﴾
ඔහු විනාශ වී යත්වා! ඔහු කුමක් නම් මනක්කල්පිත කළේද! (කිසිවක් නැත).
පසුව ද ඔහු විනාශ කරනු ලැබී ය. ඔහු කෙසේ නම් සැලසුම් කළේ ද?
ثُمَّ نَظَرَ ﴿21﴾
පසුවත් (ඒ ගැන) ඔහු අවධානය කළේය.
පසුව ඔහු අධීක්ෂණය කර බැලී ය.
ثُمَّ عَبَسَ وَبَسَرَ ﴿22﴾
නැවතත් (තමන්ගේ නොහැකිකම ගැන) ඔහු කෝපයෙන් වෙව්ලූවේය. (මුහුණ) ඇඹුල් කර ගත්තේය.
පසුව ඔහු රවා කිපුණේ ය.
ثُمَّ أَدْبَرَ وَٱسْتَكْبَرَ ﴿23﴾
පසුව පිටුපස හරවා ගියේය. (එහෙත් නැවතත්) ඔහු උඞඟූ වූවේය.
පසුව ඔහු පිටු පා උඩඟු විය.
فَقَالَ إِنْ هَٰذَآ إِلَّا سِحْرٌۭ يُؤْثَرُ ﴿24﴾
එබැවින් “එය රවටා දැමිය හැකි සූනියමක් මිස, වෙන කිසිවක් නැත”-
එවිට මෙය දන්වනු ලැබූ හූනියමක් මිස නැතැයි ඔහු පැවසුවේ ය.
إِنْ هَٰذَآ إِلَّا قَوْلُ ٱلْبَشَرِ ﴿25﴾
“මෙය මිනිසුන්ගේ කියමනක් මිස, වෙන කිසිවක් නැත” යයිද පැවසුවේය.
මෙය මිනිසාගේ ප්රකාශයක් මිස නැතැයි (ඔහු පැවසුවේ ය.)
سَأُصْلِيهِ سَقَرَ ﴿26﴾
එබැවින් අපි ඔහුව නිරයෙහි වීසි කර දමන්නෙමු.
මම ඔහු සකර්(නම් නිරය)ට මතු ඇතුළත් කරමි.
وَمَآ أَدْرَىٰكَ مَا سَقَرُ ﴿27﴾
(නබියේ! එම) නිරය කුමක්ද යන්න ඔබ දන්නෙහිද?
සකර් යනු කුමක්දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
لَا تُبْقِى وَلَا تَذَرُ ﴿28﴾
එය කිසිවෙකුවත් ඉතුරු කරන්නේ නැත. අත්හැර දමන්නේද නැත.
එය (කිසිවක්) ඉතිරි නොකරයි. තවද අත් හැර නො දමයි.
لَوَّاحَةٌۭ لِّلْبَشَرِ ﴿29﴾
(එය පුළුස්සා) මිනිසුන්ගේ හැඩරුවම වෙනස් කර දමනු ඇත.
සම දැඩි ලෙස දවාලන්නකි.
عَلَيْهَا تِسْعَةَ عَشَرَ ﴿30﴾
(ඔහුව දඬුවම් කිරීමට) එහි දහනව දෙනෙකු සිටින්නාහ.
ඒ මත දහනව දෙනෙකි.
وَمَا جَعَلْنَآ أَصْحَٰبَ ٱلنَّارِ إِلَّا مَلَٰٓئِكَةًۭ ۙ وَمَا جَعَلْنَا عِدَّتَهُمْ إِلَّا فِتْنَةًۭ لِّلَّذِينَ كَفَرُوا۟ لِيَسْتَيْقِنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ وَيَزْدَادَ ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِيمَٰنًۭا ۙ وَلَا يَرْتَابَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ وَٱلْمُؤْمِنُونَ ۙ وَلِيَقُولَ ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌۭ وَٱلْكَٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلًۭا ۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهْدِى مَن يَشَآءُ ۚ وَمَا يَعْلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَ ۚ وَمَا هِىَ إِلَّا ذِكْرَىٰ لِلْبَشَرِ ﴿31﴾
නිරයෙහි ආරක්ෂකයින් වශයෙන් මලායිකාවරුන්වම මිස, (වෙන කිසිවෙකුත්) අපි නියම කළේ නැත. ප්රතික්ෂේප කරන්නන්ව පිරික්සීම සඳහාම (මෙසේ) මොවුන්ගේ ගණනය (දහනව දෙනෙකු වශයෙන්) අපි ඇති කළෙමු. ධර්මය හිමි අය, (මෙය) ස්ථීර වශයෙන් විශ්වාස කළ යුතුය. මෙය, විශ්වාසය තැබූවන්ගේ විශ්වාසය, වැඩි කරනු ඇත. ධර්මය හිමි අයද, විශ්වාසවන්තයින්ද, (මේ ගැන) සැක සිතිය නොයුතුය. එහෙත් කවුරුන්ගේ හෘදයන්හි අසනීපය ඇත්තේද, ඔවුන්ද, ප්රතික්ෂේප කරන්නන්ද, “මෙම උදාහරණය මගින් අල්ලාහ් කුමක් (දැනුම් දීමට) අදහස් කළේද?”යි පවසන්නාහ. (නබියේ!) මෙසේම අල්ලාහ් තමන් අදහස් කරන අයව දුර්මාර්ගයෙහි අත්හැර දමන්නේය. තමන් අදහස් කරන අයව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය. ඔබ දෙවියන්ගේ සේනාවන්, ඔහු හැර වෙන කිසිවෙකුත් දැන ගන්නේ නැත. මේවා මිනිසුන්ට හොඳ ඔවදනම මිස, වෙන කිසිවක් නැත.
නිරයේ සගයින් ලෙස මලක්වරුන් මිස (වෙනත් අය) අපි පත් නො කළෙමු. දේවත්වය ප්රතික්ෂේප කළවුනට මොවුන්ගේ සංඛ්යාව පරීක්ෂණයක් ලෙසින් මිස අපි පත් නො කළෙමු. එය ධර්ම ග්රන්ථ දෙනු ලැබූවන් ස්ථාවරත්වයට පත් වනු පිණිසත් ය. තවද දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන්ගේ විශ්වාසය වර්ධනය කරනු පිණිසත් ධර්ම ග්රන්ථ දෙනු ලැබූවන් හා දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන් සැක නො කරනු පිණිසත් ය. එමෙන් ම "මෙමඟින් උපමාවක් ලෙසින් අල්ලාහ් අදහස් කරනුයේ කුමක් දැ?"යි තම සිත් තුළ රෝග ඇතිවුන් හා දෙවියන් ගැන ප්රතික්ෂේප කළවුන් පවසනු පිණිසත් ය. එලෙස අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග යවයි. තවද තමන් අභිමත කරන අයට මග පෙන්වයි. නුඹගේ පරමාධිපතිගේ සේනාව ගැන ඔහු හැර වෙනත් කිසිවෙක් නො දනී. මෙය මිනිසුනට මෙනෙහි කිරීමක් මිස නැත.
كَلَّا وَٱلْقَمَرِ ﴿32﴾
තවද නියත වශයෙන්ම චන්ද්රයා මතද-
එසේ නොව, සඳු මත දිවුරමින්.
وَٱلَّيْلِ إِذْ أَدْبَرَ ﴿33﴾
රාත්රිය පසු බසින විටද-
රාත්රිය ගෙවී යන විට එය මත දිවුරමින්.
وَٱلصُّبْحِ إِذَآ أَسْفَرَ ﴿34﴾
නැගෙන සූර්යයා දීප්තිමත්ව බැබළෙන විටද, සත්තකින්ම!
අරුණෝදය උදා වන විට එය මත දිවුරමින්.
إِنَّهَا لَإِحْدَى ٱلْكُبَرِ ﴿35﴾
නියත වශයෙන්ම එය (නිරය), අති විශාල කාරණාවන්ගෙන් එකක් වන්නේය.
නියත වශයෙන් ම එය (නිරය) බලවත් කරුණු අතරින් එකකි.
نَذِيرًۭا لِّلْبَشَرِ ﴿36﴾
එය මිනිසුන්ට බිය ගන්වා අනතුරු අඟවන්නේය.
මිනිසාට අනතුරු අඟවන්නක් වශයෙනි.
لِمَن شَآءَ مِنكُمْ أَن يَتَقَدَّمَ أَوْ يَتَأَخَّرَ ﴿37﴾
ඔබගෙන් කවුරුන් (ඒ දෙසට) කළින් යාමට හෝ, නැතහොත් (එය අත්හැර) ඈත්ව යාමට හෝ කැමති වන්නේද, ඔහුට (එය බියගන්වා අනතුරු අඟවන්නේය).
එය නුඹලා අතරින් පෙරට යාමට හෝ පසුබැස රැඳෙන්නට කැමති අය වෙනුවෙනි.
كُلُّ نَفْسٍۭ بِمَا كَسَبَتْ رَهِينَةٌ ﴿38﴾
සෑම මිනිසෙකුම තමන් කරන අපරාධයටම ඇපකරුවෙකු වශයෙන් සිටින්නේය.
සෑම ආත්මයක් ම තමන් උපයා ගත් දෑ වෙනුවෙන් ඇපකරුවෙකු ලෙස සිටින්නේ ය.
إِلَّآ أَصْحَٰبَ ٱلْيَمِينِ ﴿39﴾
නමුත් (දකුණතෙහි සටහන් පොත ලබා දෙන ලද) දකුණු පාර්ශවයෙහි සිටින අය හැර.
එහෙත් දකුණුපස ජනයා හැර.
فِى جَنَّٰتٍۢ يَتَسَآءَلُونَ ﴿40﴾
(ඔවුන්) ස්වර්ගයන්හි සිටිමින් -
ඔවුන් ස්වර්ග උයන් මත සිට විමසති.
عَنِ ٱلْمُجْرِمِينَ ﴿41﴾
වැරදිකරුවන්ගෙන් මෙසේ විමසනු ඇත.
වැරදි කරුවන්ගෙන්;
مَا سَلَكَكُمْ فِى سَقَرَ ﴿42﴾
“ඔබව නිරයෙහි ඇතුළු කළේ කුමක්ද?”
"නුඹලාව සකර් තුළට ගෙන ආවේ කුමක් ද?"
قَالُوا۟ لَمْ نَكُ مِنَ ٱلْمُصَلِّينَ ﴿43﴾
එයට ඔවුන් “අපි සලාත් කරන්නන්ගෙන් වූවේ නැත”.
"අපි සලාත් ඉටු කරන්නන් අතුරින් නො වූයෙමු" යැයි ඔවුහු පැවසූහ.
وَلَمْ نَكُ نُطْعِمُ ٱلْمِسْكِينَ ﴿44﴾
“අපි දුප්පතුන්ට ආහාර සැපයූවේද නැත”.
තවද අපි දිළිඳුන්ට ආහාර සපයමින් නො සිටියෙමු.
وَكُنَّا نَخُوضُ مَعَ ٱلْخَآئِضِينَ ﴿45﴾
“පුහු කාරණාවන්හි ගැලී සිටිය අය සමග අපිත් ගැලී සිටියෙමු”.
"(නිෂ්ඵල කටයුතුවල) ගිලී සිටින්නන් සමඟ අප ද ගිලී සිටියෙමු".
وَكُنَّا نُكَذِّبُ بِيَوْمِ ٱلدِّينِ ﴿46﴾
“ඵලවිපාක ලබා දෙන මේ දිනයද අපි බොරු කළෙමු”.
තවද අපි විනිශ්චය දිනය බොරු කරමින් සිටියෙමු.
حَتَّىٰٓ أَتَىٰنَا ٱلْيَقِينُ ﴿47﴾
“(අපි මරණයට පත් වී) මෙය ස්ථීරව දකින තුරු (මේ අන්දමටම සිටියෙමු)” යයිද පවසනු ඇත.
ස්ථීර දෑ (මරණය) අප වෙත පැමිණෙන තෙක්.
فَمَا تَنفَعُهُمْ شَفَٰعَةُ ٱلشَّٰفِعِينَ ﴿48﴾
එබැවින් (ඔවුන් වෙනුවෙන්) මැදිහත් වී කතා කරන්නන්ගේ රෙකමදාරුවද, (එදිනදී) ඔවුන්ට කිසිම ප්රයෝජනයක් අත් කර දෙන්නේ නැත.
එහෙයින් මැදිහත්වන්නන්ගේ මැදිහත්වීම ඔවුනට ඵලක් නො වන්නේ ය.
فَمَا لَهُمْ عَنِ ٱلتَّذْكِرَةِ مُعْرِضِينَ ﴿49﴾
ඔවුන්ට කුමක් නම් සිදු වී ඇත්ද? මෙම හොඳ ඔවදන (මෙසේ) ප්රතික්ෂේප කරන්නාහ.
එහෙයින් ඔවුනට කුමක් වී ද? ඔවුන් මෙනෙහි කිරීම පිටුදකින්නන් ය.
كَأَنَّهُمْ حُمُرٌۭ مُّسْتَنفِرَةٌۭ ﴿50﴾
වේගයෙන් දිව යන (වල්) බූරුවන් මෙන් ඔවුන් සිටින්නාහ!
ඔවුන් තැති ගත් බූරුවන් මෙනි.
فَرَّتْ مِن قَسْوَرَةٍۭ ﴿51﴾
එයද සිංහයින්ව දැක වේගයෙන් දිව යන (බූරුවන් මෙන් දුවන්නාහ).
සිංහ ගොදුරින් පලා යන.
بَلْ يُرِيدُ كُلُّ ٱمْرِئٍۢ مِّنْهُمْ أَن يُؤْتَىٰ صُحُفًۭا مُّنَشَّرَةًۭ ﴿52﴾
(මෙපමණක්ද?) ඔවුන්ගෙන් සෑම කෙනෙකුම දිගහැර සමුදීරණය කරනු ලබන ධර්මයක් තමන්ටද ලබා දිය යුතුය යයිද කැමති වන්නාහ.
එසේ නොව දිගු හරින ලද පත්රිකාවන් තමන්ට ද දෙනු ලැබිය යුතු යැයි ඔවුන් අතරින් සෑම කෙනෙකුම අපේක්ෂා කරනු ඇත.
كَلَّا ۖ بَل لَّا يَخَافُونَ ٱلْءَاخِرَةَ ﴿53﴾
එය එසේ සිදු වන්නේ නැත. පරලොව ගැන මොවුන් බිය වූවේම නැත.
එසේ නොව ඔවුහු මතු ලොව පිළිබඳ බිය නො වෙති.
كَلَّآ إِنَّهُۥ تَذْكِرَةٌۭ ﴿54﴾
නියත වශයෙන්ම මෙය එක් හොඳ ඔවදනක් වන්නේය.
එසේ නොව නියත වශයෙන් ම එය උපදෙසකි.
فَمَن شَآءَ ذَكَرَهُۥ ﴿55﴾
(හොඳ ඔවදන් ලබා ගැනීමට) කැමති කෙනා මෙය මතකයේ තබා ගත යුතුය.
එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද ඔහු එයින් උපදෙස් ලබත්වා!
وَمَا يَذْكُرُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ ۚ هُوَ أَهْلُ ٱلتَّقْوَىٰ وَأَهْلُ ٱلْمَغْفِرَةِ ﴿56﴾
අල්ලාහ් අදහස් කළහොත් මිස, ඔවුන්ට හොඳ ඔවදන් ලබා ගත නොහැක. (අපි) බිය යුතු කෙනාද, (අපට) සමාව දිය හැකි කෙනාද ඔහුය.
අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස ඔවුහු උපදෙස් නො ලබති. ඔහු බැතිමත්කම ලබන්නට සුදුස්සා ය. එමෙන් ම සමාව දායාද කරන්නට ද සුදුස්සා ය.