Skip to content
Text size 100%
Translation comparison

Compare Al-Muddaththir Quran translations

Compare up to three verified translation editions verse by verse, including editions in two different languages.

Sinhala editions (choose up to 3)

Changing languages or editions keeps the current surah and verse.

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يَٰٓأَيُّهَا ٱلْمُدَّثِّرُ ﴿1﴾

Naseem Ismail

(වහී නිසා ඇති වන තිගැස්සීමෙන්) පොරවාගෙන සිටින්ණෙනි!

قُمْ فَأَنذِرْ ﴿2﴾

Naseem Ismail

(නබියේ!) ඔබ නැගිටිනු! (මිනිසුන්ට) බියගන්වා අනතුරු අඟවනු (මැනව!)

وَرَبَّكَ فَكَبِّرْ ﴿3﴾

Naseem Ismail

ඔබගේ දෙවියන්ව ආඩම්බර කරනු (මැනව!)

وَثِيَابَكَ فَطَهِّرْ ﴿4﴾

Naseem Ismail

ඔබගේ ඇඳුම් පරිශුද්ධව තබා ගනු (මැනව!)

وَٱلرُّجْزَ فَٱهْجُرْ ﴿5﴾

Naseem Ismail

අපිරිසිදු දැය පිළිකුල් කර හරිනු (මැනව!)

وَلَا تَمْنُن تَسْتَكْثِرُ ﴿6﴾

Naseem Ismail

(ඔබ ලබා දුන් දැයට වඩා) අධික වශයෙන් ලබා ගැනීමේ චේතනාවෙන් (කිසිවෙකුටත්) කෘතඥ නොකරනු.

وَلِرَبِّكَ فَٱصْبِرْ ﴿7﴾

Naseem Ismail

ඔබගේ දෙවියන් වෙනුවෙන් (අමාරුකම) ඔබ ඉවසා සිටිනු.

فَإِذَا نُقِرَ فِى ٱلنَّاقُورِ ﴿8﴾

Naseem Ismail

කවදා හෝ (හොරණෑව) පිඹිනු ලබන අවස්ථාවේදී-

فَذَٰلِكَ يَوْمَئِذٍۢ يَوْمٌ عَسِيرٌ ﴿9﴾

Naseem Ismail

එදින ඉතාමත් අමාරුකමින් පිරි දිනයක් වන්නේය.

عَلَى ٱلْكَٰفِرِينَ غَيْرُ يَسِيرٍۢ ﴿10﴾

Naseem Ismail

(එදින) ප්‍රතික්ෂේප කරන්නන්ට පහසු දැයක් නොව.

ذَرْنِى وَمَنْ خَلَقْتُ وَحِيدًۭا ﴿11﴾

Naseem Ismail

(නබියේ! ඔබ මැදිහත් නොවී) මාවද, මා තනියෙන් උත්පාදනය කළ ඔහුවද අත්හැර දමනු.

وَجَعَلْتُ لَهُۥ مَالًۭا مَّمْدُودًۭا ﴿12﴾

Naseem Ismail

(මන්දයත්) මා ඔහුට අප්‍රමාණ වස්තූන්ද, ලබා දුන්නෙමි.

وَبَنِينَ شُهُودًۭا ﴿13﴾

Naseem Ismail

සෑම විටම ඔහු සමග සිටින ජනතාවද, (මා ඔහුට ලබා දුන්නෙමි).

وَمَهَّدتُّ لَهُۥ تَمْهِيدًۭا ﴿14﴾

Naseem Ismail

ඔහුට අවශ්‍යය සෑම දැයක්ම (දැනටමත්) ඔහු වෙනුවෙන් සැලසුම් කරද තැබුවෙමි.

ثُمَّ يَطْمَعُ أَنْ أَزِيدَ ﴿15﴾

Naseem Ismail

පසුවද මා (ඔහුට) තවත් අධික වශයෙන්ද ලබා දිය යුතුය යයිද, ඔහු ආශා කරන්නේය. එය සිදු විය හැකි දැයක් නොව.

كَلَّآ ۖ إِنَّهُۥ كَانَ لِءَايَٰتِنَا عَنِيدًۭا ﴿16﴾

Naseem Ismail

මන්දයත් නියත වශයෙන්ම ඔහු අපගේ ආයාවන්ට දරුණු සතුරෙකු වශයෙන් සිටින්නේය.

سَأُرْهِقُهُۥ صَعُودًا ﴿17﴾

Naseem Ismail

ඉතා ඉක්මනින් ඔහුව එක්තරා අමාරු විපතක ඇතුළු කරන්නෙමි.

إِنَّهُۥ فَكَّرَ وَقَدَّرَ ﴿18﴾

Naseem Ismail

නියත වශයෙන්ම ඔහු (මෙම කුර්ආනය ගැන ඉතාමත්) අවධානයෙන් (එක්තරා බොරුවක්) මනක්කල්පිත කර ගෙතුවේය.

فَقُتِلَ كَيْفَ قَدَّرَ ﴿19﴾

Naseem Ismail

ඔහු විනාශ වී යා යුතුය. ඔහු කුමක් නම් මනක්කල්පිත කළේද! (කිසිවක් නැත).

ثُمَّ قُتِلَ كَيْفَ قَدَّرَ ﴿20﴾

Naseem Ismail

ඔහු විනාශ වී යත්වා! ඔහු කුමක් නම් මනක්කල්පිත කළේද! (කිසිවක් නැත).

ثُمَّ نَظَرَ ﴿21﴾

Naseem Ismail

පසුවත් (ඒ ගැන) ඔහු අවධානය කළේය.

ثُمَّ عَبَسَ وَبَسَرَ ﴿22﴾

Naseem Ismail

නැවතත් (තමන්ගේ නොහැකිකම ගැන) ඔහු කෝපයෙන් වෙව්ලූවේය. (මුහුණ) ඇඹුල් කර ගත්තේය.

ثُمَّ أَدْبَرَ وَٱسْتَكْبَرَ ﴿23﴾

Naseem Ismail

පසුව පිටුපස හරවා ගියේය. (එහෙත් නැවතත්) ඔහු උඞඟූ වූවේය.

فَقَالَ إِنْ هَٰذَآ إِلَّا سِحْرٌۭ يُؤْثَرُ ﴿24﴾

Naseem Ismail

එබැවින් “එය රවටා දැමිය හැකි සූනියමක් මිස, වෙන කිසිවක් නැත”-

إِنْ هَٰذَآ إِلَّا قَوْلُ ٱلْبَشَرِ ﴿25﴾

Naseem Ismail

“මෙය මිනිසුන්ගේ කියමනක් මිස, වෙන කිසිවක් නැත” යයිද පැවසුවේය.

سَأُصْلِيهِ سَقَرَ ﴿26﴾

Naseem Ismail

එබැවින් අපි ඔහුව නිරයෙහි වීසි කර දමන්නෙමු.

وَمَآ أَدْرَىٰكَ مَا سَقَرُ ﴿27﴾

Naseem Ismail

(නබියේ! එම) නිරය කුමක්ද යන්න ඔබ දන්නෙහිද?

لَا تُبْقِى وَلَا تَذَرُ ﴿28﴾

Naseem Ismail

එය කිසිවෙකුවත් ඉතුරු කරන්නේ නැත. අත්හැර දමන්නේද නැත.

لَوَّاحَةٌۭ لِّلْبَشَرِ ﴿29﴾

Naseem Ismail

(එය පුළුස්සා) මිනිසුන්ගේ හැඩරුවම වෙනස් කර දමනු ඇත.

عَلَيْهَا تِسْعَةَ عَشَرَ ﴿30﴾

Naseem Ismail

(ඔහුව දඬුවම් කිරීමට) එහි දහනව දෙනෙකු සිටින්නාහ.

وَمَا جَعَلْنَآ أَصْحَٰبَ ٱلنَّارِ إِلَّا مَلَٰٓئِكَةًۭ ۙ وَمَا جَعَلْنَا عِدَّتَهُمْ إِلَّا فِتْنَةًۭ لِّلَّذِينَ كَفَرُوا۟ لِيَسْتَيْقِنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ وَيَزْدَادَ ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِيمَٰنًۭا ۙ وَلَا يَرْتَابَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ وَٱلْمُؤْمِنُونَ ۙ وَلِيَقُولَ ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌۭ وَٱلْكَٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلًۭا ۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهْدِى مَن يَشَآءُ ۚ وَمَا يَعْلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَ ۚ وَمَا هِىَ إِلَّا ذِكْرَىٰ لِلْبَشَرِ ﴿31﴾

Naseem Ismail

නිරයෙහි ආරක්ෂකයින් වශයෙන් මලායිකාවරුන්වම මිස, (වෙන කිසිවෙකුත්) අපි නියම කළේ නැත. ප්‍රතික්ෂේප කරන්නන්ව පිරික්සීම සඳහාම (මෙසේ) මොවුන්ගේ ගණනය (දහනව දෙනෙකු වශයෙන්) අපි ඇති කළෙමු. ධර්මය හිමි අය, (මෙය) ස්ථීර වශයෙන් විශ්වාස කළ යුතුය. මෙය, විශ්වාසය තැබූවන්ගේ විශ්වාසය, වැඩි කරනු ඇත. ධර්මය හිමි අයද, විශ්වාසවන්තයින්ද, (මේ ගැන) සැක සිතිය නොයුතුය. එහෙත් කවුරුන්ගේ හෘදයන්හි අසනීපය ඇත්තේද, ඔවුන්ද, ප්‍රතික්ෂේප කරන්නන්ද, “මෙම උදාහරණය මගින් අල්ලාහ් කුමක් (දැනුම් දීමට) අදහස් කළේද?”යි පවසන්නාහ. (නබියේ!) මෙසේම අල්ලාහ් තමන් අදහස් කරන අයව දුර්මාර්ගයෙහි අත්හැර දමන්නේය. තමන් අදහස් කරන අයව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය. ඔබ දෙවියන්ගේ සේනාවන්, ඔහු හැර වෙන කිසිවෙකුත් දැන ගන්නේ නැත. මේවා මිනිසුන්ට හොඳ ඔවදනම මිස, වෙන කිසිවක් නැත.

كَلَّا وَٱلْقَمَرِ ﴿32﴾

Naseem Ismail

තවද නියත වශයෙන්ම චන්ද්‍රයා මතද-

وَٱلَّيْلِ إِذْ أَدْبَرَ ﴿33﴾

Naseem Ismail

රාත්‍රිය පසු බසින විටද-

وَٱلصُّبْحِ إِذَآ أَسْفَرَ ﴿34﴾

Naseem Ismail

නැගෙන සූර්යයා දීප්තිමත්ව බැබළෙන විටද, සත්තකින්ම!

إِنَّهَا لَإِحْدَى ٱلْكُبَرِ ﴿35﴾

Naseem Ismail

නියත වශයෙන්ම එය (නිරය), අති විශාල කාරණාවන්ගෙන් එකක් වන්නේය.

نَذِيرًۭا لِّلْبَشَرِ ﴿36﴾

Naseem Ismail

එය මිනිසුන්ට බිය ගන්වා අනතුරු අඟවන්නේය.

لِمَن شَآءَ مِنكُمْ أَن يَتَقَدَّمَ أَوْ يَتَأَخَّرَ ﴿37﴾

Naseem Ismail

ඔබගෙන් කවුරුන් (ඒ දෙසට) කළින් යාමට හෝ, නැතහොත් (එය අත්හැර) ඈත්ව යාමට හෝ කැමති වන්නේද, ඔහුට (එය බියගන්වා අනතුරු අඟවන්නේය).

كُلُّ نَفْسٍۭ بِمَا كَسَبَتْ رَهِينَةٌ ﴿38﴾

Naseem Ismail

සෑම මිනිසෙකුම තමන් කරන අපරාධයටම ඇපකරුවෙකු වශයෙන් සිටින්නේය.

إِلَّآ أَصْحَٰبَ ٱلْيَمِينِ ﴿39﴾

Naseem Ismail

නමුත් (දකුණතෙහි සටහන් පොත ලබා දෙන ලද) දකුණු පාර්ශවයෙහි සිටින අය හැර.

فِى جَنَّٰتٍۢ يَتَسَآءَلُونَ ﴿40﴾

Naseem Ismail

(ඔවුන්) ස්වර්ගයන්හි සිටිමින් -

عَنِ ٱلْمُجْرِمِينَ ﴿41﴾

Naseem Ismail

වැරදිකරුවන්ගෙන් මෙසේ විමසනු ඇත.

مَا سَلَكَكُمْ فِى سَقَرَ ﴿42﴾

Naseem Ismail

“ඔබව නිරයෙහි ඇතුළු කළේ කුමක්ද?”

قَالُوا۟ لَمْ نَكُ مِنَ ٱلْمُصَلِّينَ ﴿43﴾

Naseem Ismail

එයට ඔවුන් “අපි සලාත් කරන්නන්ගෙන් වූවේ නැත”.

وَلَمْ نَكُ نُطْعِمُ ٱلْمِسْكِينَ ﴿44﴾

Naseem Ismail

“අපි දුප්පතුන්ට ආහාර සැපයූවේද නැත”.

وَكُنَّا نَخُوضُ مَعَ ٱلْخَآئِضِينَ ﴿45﴾

Naseem Ismail

“පුහු කාරණාවන්හි ගැලී සිටිය අය සමග අපිත් ගැලී සිටියෙමු”.

وَكُنَّا نُكَذِّبُ بِيَوْمِ ٱلدِّينِ ﴿46﴾

Naseem Ismail

“ඵලවිපාක ලබා දෙන මේ දිනයද අපි බොරු කළෙමු”.

حَتَّىٰٓ أَتَىٰنَا ٱلْيَقِينُ ﴿47﴾

Naseem Ismail

“(අපි මරණයට පත් වී) මෙය ස්ථීරව දකින තුරු (මේ අන්දමටම සිටියෙමු)” යයිද පවසනු ඇත.

فَمَا تَنفَعُهُمْ شَفَٰعَةُ ٱلشَّٰفِعِينَ ﴿48﴾

Naseem Ismail

එබැවින් (ඔවුන් වෙනුවෙන්) මැදිහත් වී කතා කරන්නන්ගේ රෙකමදාරුවද, (එදිනදී) ඔවුන්ට කිසිම ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත.

فَمَا لَهُمْ عَنِ ٱلتَّذْكِرَةِ مُعْرِضِينَ ﴿49﴾

Naseem Ismail

ඔවුන්ට කුමක් නම් සිදු වී ඇත්ද? මෙම හොඳ ඔවදන (මෙසේ) ප්‍රතික්ෂේප කරන්නාහ.

كَأَنَّهُمْ حُمُرٌۭ مُّسْتَنفِرَةٌۭ ﴿50﴾

Naseem Ismail

වේගයෙන් දිව යන (වල්) බූරුවන් මෙන් ඔවුන් සිටින්නාහ!

فَرَّتْ مِن قَسْوَرَةٍۭ ﴿51﴾

Naseem Ismail

එයද සිංහයින්ව දැක වේගයෙන් දිව යන (බූරුවන් මෙන් දුවන්නාහ).

بَلْ يُرِيدُ كُلُّ ٱمْرِئٍۢ مِّنْهُمْ أَن يُؤْتَىٰ صُحُفًۭا مُّنَشَّرَةًۭ ﴿52﴾

Naseem Ismail

(මෙපමණක්ද?) ඔවුන්ගෙන් සෑම කෙනෙකුම දිගහැර සමුදීරණය කරනු ලබන ධර්මයක් තමන්ටද ලබා දිය යුතුය යයිද කැමති වන්නාහ.

كَلَّا ۖ بَل لَّا يَخَافُونَ ٱلْءَاخِرَةَ ﴿53﴾

Naseem Ismail

එය එසේ සිදු වන්නේ නැත. පරලොව ගැන මොවුන් බිය වූවේම නැත.

كَلَّآ إِنَّهُۥ تَذْكِرَةٌۭ ﴿54﴾

Naseem Ismail

නියත වශයෙන්ම මෙය එක් හොඳ ඔවදනක් වන්නේය.

فَمَن شَآءَ ذَكَرَهُۥ ﴿55﴾

Naseem Ismail

(හොඳ ඔවදන් ලබා ගැනීමට) කැමති කෙනා මෙය මතකයේ තබා ගත යුතුය.

وَمَا يَذْكُرُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ ۚ هُوَ أَهْلُ ٱلتَّقْوَىٰ وَأَهْلُ ٱلْمَغْفِرَةِ ﴿56﴾

Naseem Ismail

අල්ලාහ් අදහස් කළහොත් මිස, ඔවුන්ට හොඳ ඔවදන් ලබා ගත නොහැක. (අපි) බිය යුතු කෙනාද, (අපට) සමාව දිය හැකි කෙනාද ඔහුය.

Quran recitationReady
Open audio