بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ الٓمٓ ﴿1﴾
Naseem Ismail
අලිෆ්. ලාම්. මීම්.
Sinhalese Translation - Rowwad Translation Center
අලිෆ්, ලාම්, මීම්.[1]
Compare up to three verified translation editions verse by verse, including editions in two different languages.
Changing languages or editions keeps the current surah and verse.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ الٓمٓ ﴿1﴾
අලිෆ්. ලාම්. මීම්.
අලිෆ්, ලාම්, මීම්.[1]
ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلْحَىُّ ٱلْقَيُّومُ ﴿2﴾
අල්ලාහ් (කෙබඳු අයෙක්ද නම්) ඔහුව හැර නැමදුමට යුත්තෙකු වෙන කිසිවෙකුත් නැත. ඔහු සදා අමරණීයයි. (සදා) ස්ථීරවන්තයි.
අල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. සදා ජීවමාන ය, සදා පැවැත්ම ඇත්තා ය.
نَزَّلَ عَلَيْكَ ٱلْكِتَٰبَ بِٱلْحَقِّ مُصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَيْهِ وَأَنزَلَ ٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ ﴿3﴾
(නබියේ! සම්පූර්ණයෙන්ම) සත්යයෙන් පිරි මෙම ධර්මය ඔබ කෙරෙහි ඔහුම පහළ කර තැබුවේය. (මෙය) මෙයට පෙර තිබූ (ධර්මයන්) සියල්ලම ස්ථීර කරන්නේය. තව්රාතයද, ඉන්ජීලයද ඔහුම පහළ කළේය.
(නබිවරය) සත්යයෙන් යුක්ත වූ මෙම දේව ග්රන්ථය මෙයට පෙර පැවති දෑ සහතික කරන්නක් වශයෙන් ඔබ වෙත ඔහු පහළ කළේ ය. තවද තව්රාතය ද, ඉන්ජීලය ද ඔහු පහළ කළේ ය.
مِن قَبْلُ هُدًۭى لِّلنَّاسِ وَأَنزَلَ ٱلْفُرْقَانَ ۗ إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَٰتِ ٱللَّهِ لَهُمْ عَذَابٌۭ شَدِيدٌۭ ۗ وَٱللَّهُ عَزِيزٌۭ ذُو ٱنتِقَامٍ ﴿4﴾
මීට පෙරද මිනිසුන්ට ඍජු මාර්ගෝපදේශයන් වශයෙන් තිබුනු, (පව්, පින්) වෙන්කර දැනුම් දිය හැකි (අනිත්) දැයද පහළ කර ඇත්තේය. එබැවින් කවුරුන් අල්ලාහ්ගේ (එම) ආයාවන් ප්රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට නියත වශයෙන්ම දරුණු දඬුවම් ඇත. අල්ලාහ් (සියල්ලන්ටම වඩා) බලසම්පන්නයෙකු හා (නපුරු අයගෙන්) පළි ගන්නෙකු වශයෙන්ද සිටින්නේය.
තවද මීට පෙර (විසූ) ජනයාට මඟ පෙන්වීමක් ලෙස ය. තවද සත්යයයෙන් අසත්යය වෙන්කර පෙන්වන (අල්-කුර්ආනය) ද ඔහු පහළ කළේ ය. සැබැවින් ම අල්ලාහ්ගේ වැකි ප්රතික්ෂේප කළවුන් වන ඔවුනට, දැඩි දඬුවම් ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරී ය; සම ප්රතිචාර දක්වන්නා ය.
إِنَّ ٱللَّهَ لَا يَخْفَىٰ عَلَيْهِ شَىْءٌۭ فِى ٱلْأَرْضِ وَلَا فِى ٱلسَّمَآءِ ﴿5﴾
නියත වශයෙන්ම අහස්හි හෝ භූමියෙහි හෝ (ඇති) කිසිවක් අල්ලාහ්ට ගුප්ත දැය නොව.
නියත වශයෙන් ම අල්ලාහ්(ගේ දැනුම)ට අහස්හි හෝ මහපොළොවේ හෝ ඇති කිසිවක් සැඟැවෙන්නේ නැත.
هُوَ ٱلَّذِى يُصَوِّرُكُمْ فِى ٱلْأَرْحَامِ كَيْفَ يَشَآءُ ۚ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿6﴾
ඔහුම ගර්භයන්හි තමන් කැමති අන්දමට (පිරිමි වශයෙන් හෝ ගැහැනු වශයෙන් හෝ) ඔබව උත්පාදනය කරන්නේය. ඔහු හැර නැමදුමට යුත්තෙකු වෙන කිසිවෙකුත් නැත. ඔහු (සියල්ලට වඩා) බලසම්පන්නයෙකි. ඥානවන්තයෙකි.
ගර්භාෂ තුළ නුඹලාව තමන් කැමති පරිදි හැඩ ගන්වන්නේ ඔහු ම ය. සර්ව බලධාරී සියුම් ඥානවන්ත වූ ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත.
هُوَ ٱلَّذِىٓ أَنزَلَ عَلَيْكَ ٱلْكِتَٰبَ مِنْهُ ءَايَٰتٌۭ مُّحْكَمَٰتٌ هُنَّ أُمُّ ٱلْكِتَٰبِ وَأُخَرُ مُتَشَٰبِهَٰتٌۭ ۖ فَأَمَّا ٱلَّذِينَ فِى قُلُوبِهِمْ زَيْغٌۭ فَيَتَّبِعُونَ مَا تَشَٰبَهَ مِنْهُ ٱبْتِغَآءَ ٱلْفِتْنَةِ وَٱبْتِغَآءَ تَأْوِيلِهِۦ ۗ وَمَا يَعْلَمُ تَأْوِيلَهُۥٓ إِلَّا ٱللَّهُ ۗ وَٱلرَّٰسِخُونَ فِى ٱلْعِلْمِ يَقُولُونَ ءَامَنَّا بِهِۦ كُلٌّۭ مِّنْ عِندِ رَبِّنَا ۗ وَمَا يَذَّكَّرُ إِلَّآ أُو۟لُوا۟ ٱلْأَلْبَٰبِ ﴿7﴾
(නබියේ!) ඔහුම මෙම ධර්මයද ඔබ කෙරෙහි පහළ කළේය. මෙහි (පැහැදිලිවද) විශේෂිතවද ඇති අර්ථයන්ගෙන් යුත් ආයාවන්ද තිඛෙන්නේය. මේවාම මෙම ධර්මයේ සංකල්පයන්ය. අන් ඒවා විවිධ අර්ථයන්ගෙන් යුත් උබයාර්ථවත් ඒවා වන්නේය. කවුරුන්ගේ හෘදයන්හි කුහකම ඇත්තේද, ඔවුන් එහි ආරවුල් ඇති කිරීමේ අදහසින් (මෙවැනි ආයාවන්හි වැරදි සහගත) විවිධ අර්ථයන්ම සොයා අනුගමනය කරන්නාහ. එහෙත් මේවායේ සත්ය අර්ථය අල්ලාහ්ම මිස වෙන කිසිවෙකුත් දැන ගන්නේ නැත. අධ්යාපන දැනුමෙන් අගතැන් පත් අය නම්, (එහි අර්ථයන් පූරණ වශයෙන් නොදැනුවත් වුවද) “මෙය අපි විශ්වාස කළෙමු. (මේ දෙවර්ගයේ ආයාවන්) සියල්ල අපගේ දෙවියන්ගෙන් පැමිණි දැයයි” යයි පවසන්නාහ. බුද්ධිමතුන් මිස වෙන කිසිවෙකුත් (මෙමගින්) හොඳ ඔවදන් නොලබන්නාහ.
ඔහු වනාහි නුඹ වෙත ධර්ම ග්රන්ථය පහළ කළේ ය. එහි පැහැදිලි තීන්දු සහගත වැකි ඇත. ඒවා ධර්ම ග්රන්ථයේ මූලය යි. තවද අනෙක් ඒවා විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත වැකි ය. එබැවින් තම හදවත් තුළ ව්යාකූලත්වය ඇත්තන් වූ කලි ඔවුන් කලහකම් කිරීමේ අපේක්ෂාවෙන් ද, එහි අර්ථ විකෘති කිරීමේ අපේක්ෂාවෙන් ද එයින් විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත දෑ අනුගමනය කරති. එහි යථාර්ථය අල්ලාහ් හා ගැඹුරු ඥානය ඇත්තවුන් හැර වෙන කිසිවෙකු නො දන්නේ ය. තවද අපි එය විශ්වාස කළෙමු. “‘සියල්ල අපගේ පරමාධිපති වෙතිනි” යැයි ඔවුහු පවසති. බුද්ධිමත් අය හැර වෙනත් කිසිවෙක් මෙනෙහි කරන්නේ නැත.
رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِن لَّدُنكَ رَحْمَةً ۚ إِنَّكَ أَنتَ ٱلْوَهَّابُ ﴿8﴾
(තවද ඔවුන්) "අපගේ දෙවියනේ! ඔබ අපට ඍජු මාර්ගය දැනුම් දුන් පසුද, අපගේ හෘදයන් (එයින්) වැරද යන ලෙස පත් නොකරනු (මැනව!). ඔබගේ දයාබර වරප්රසාදයන්ද ඔබගේ සන්නිධානයෙන් අපට ලබා දෙනු මැනව! නියත වශයෙන්ම ඔබමය ඉමහත් දානපතියා!”
අපගේ පරමාධිපතියාණනි! ඔබ අපව යහමඟ යොමු කළ පසුව අපගේ හදවත් විකෘතිභාවයට පත් නො කරනු මැනව. තවද අපට ඔබ වෙතින් වූ දයාව පිරිනමනු මැනව. සැබැවින් ම ඔබ මය මහා ත්යාගශීලී.
رَبَّنَآ إِنَّكَ جَامِعُ ٱلنَّاسِ لِيَوْمٍۢ لَّا رَيْبَ فِيهِ ۚ إِنَّ ٱللَّهَ لَا يُخْلِفُ ٱلْمِيعَادَ ﴿9﴾
අපගේ දෙවියනේ! නියත වශයෙන්ම ඔබ එක් දිනකදී මිනිසුන් සියල්ලන්ම ඒකරාශී කරන්නෙකු වශයෙන් සිටින්නෙහිය. එහි (එදින පැමිණීමෙහි) කිසිම සැකයක් නැත. (මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් (තම) පොරොන්දුවෙහි වැරදි කරන්නෙකු නොව” (යයි ප්රාර්ථනා කරන්නාහ).
අපගේ පරමාධිපතියාණනි! කිසිදු සැකයක් නොමැති දිනකට මිනිසුන් එක් රැස් කරන්නා නියත වශයෙන් ම ඔබ ම ය. සැබැවින් ම අල්ලාහ් ප්රතිඥාවන් කඩ නො කරන්නේ ය.
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ لَن تُغْنِىَ عَنْهُمْ أَمْوَٰلُهُمْ وَلَآ أَوْلَٰدُهُم مِّنَ ٱللَّهِ شَيْـًۭٔا ۖ وَأُو۟لَٰٓئِكَ هُمْ وَقُودُ ٱلنَّارِ ﴿10﴾
කවුරුන් (ඒ දිනය) ප්රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට (එදින) ඔවුන්ගේ වස්තුවද ඔවුන්ගේ දරුවන්ද අල්ලාහ්ගෙන් (ඔහුගේ දඬුවමෙන්) කිසිවක් වළක්වා දමන්නට නොහැක. ඔවුන්ම ඇත්තෙන්ම (නිරා) ගින්නේ දර වශයෙන් ඇත්තාහ.
නියත වශයෙන් ම දේවත්වය ප්රතික්ෂේප කළවුන්ට ඔවුන්ගේ ධන සම්පත හෝ ඔවුන්ගේ දරු සම්පත හෝ අල්ලාහ්ගෙන් පැමිණෙන කිසිවකින් (මිදීමට) ඔවුනට උපකාර නො වන්නේ ම ය. නිරා ගින්නේ ඉන්ධන වනුයේ ඔවුන් ම ය.
كَدَأْبِ ءَالِ فِرْعَوْنَ وَٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمْ ۗ وَٱللَّهُ شَدِيدُ ٱلْعِقَابِ ﴿11﴾
(මොවුන්) ෆිර්අව්න්ට අයත් අයද, ඔවුන්ට පෙර විසූවන් මෙන්ම සිටින්නාහ. ඔවුන්ද අපගේ ආයාවන් බොරු කළහ. එබැවින් අල්ලාහ් ඔවුන්ගේ පාපයන්හි හේතුවෙන් ඔවුන්ව අල්ලා ගත්තේය. අල්ලාහ් දඬුවම් කිරීමෙහි ඉතාමත් දරුණුය.
(එය) ෆිර්අවුන්ගේ පරපුර හා ඔවුනට පෙර සිටියවුන්ගේ සිරිත මෙනි. ඔවුහු අපගේ වදන් අසත්ය කළෝ ය. එබැවින් අල්ලාහ් ඔවුන්ගේ පාපයන් හේතුවෙන් ඔවුන්ව (දඬුවමට) හසු කළේ ය. තවද අල්ලාහ් දඬුවම් කිරීමෙහි ඉතා දැඩි ය.
قُل لِّلَّذِينَ كَفَرُوا۟ سَتُغْلَبُونَ وَتُحْشَرُونَ إِلَىٰ جَهَنَّمَ ۚ وَبِئْسَ ٱلْمِهَادُ ﴿12﴾
කවුරුන් මෙම ධර්මය ප්රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට (නබියේ!) ඔබ මෙසේ කියනු: “ඉතාමත් ඉක්මනින් ඔබව (විශ්වාසවන්තයින් මගින්) ජයග්රහණය කරනු ලබන්නෙහුය. තවද (පරලොව) නිරයෙහි එක්කාසු කරනු ලබන්නෙහුය. එය ඉතාමත් නපුරු රැෙඳන ස්ථානයක් වන්නේය”.
“නුඹලා අබිබවා යනු ලබනු ඇත. තවද නිරය වෙත ඒකරාශී කරනු ලබනු ඇත” යැයි දේවත්වය ප්රතික්ෂේප කළවුනට නුඹ පවසනු. එම නවාතැන නපුරු ය.
قَدْ كَانَ لَكُمْ ءَايَةٌۭ فِى فِئَتَيْنِ ٱلْتَقَتَا ۖ فِئَةٌۭ تُقَٰتِلُ فِى سَبِيلِ ٱللَّهِ وَأُخْرَىٰ كَافِرَةٌۭ يَرَوْنَهُم مِّثْلَيْهِمْ رَأْىَ ٱلْعَيْنِ ۚ وَٱللَّهُ يُؤَيِّدُ بِنَصْرِهِۦ مَن يَشَآءُ ۗ إِنَّ فِى ذَٰلِكَ لَعِبْرَةًۭ لِّأُو۟لِى ٱلْأَبْصَٰرِ ﴿13﴾
(බද්රු යුද්ධයෙහිදී) හමු වූ සේනාවන් දෙකෙහි ඇත්තෙන්ම ඔබට එක් සාධකයක් තිබුණි. (එහි) එක් සමූහයක් (විශ්වාසවන්තයින්ය. ඔවුන්) අල්ලාහ්ගේ මාර්ගයෙහිද, අනිත් ප්රතික්ෂේප කරන්නන් - මොවුන් (එම විශ්වාසවන්තයින්ට විරුද්ධවද)- යුද්ධ කරමින් සිටියහ. (ප්රතික්ෂේප කරන්නන්) ඔවුන්ට වඩා (තමන් දෙගුණයක් වශයෙන්) තම දෑසින් කෙළින්ම දුටුවහ. (එහෙත්) අල්ලාහ් තමන් කැමැත්තන්ට තම උදව් උපකාරය මගින් ශක්තිමත් කරන්නේය. බුද්ධිමතුන්ට නියත වශයෙන්ම මෙහි (හොඳ) පාඩමක් ඇත.
(යුද්ධය සඳහා) හමු වූ දෙපිරිස තුළ නුඹලාට සංඥාවක් ඇත. පිරිසක් අල්ලාහ්ගේ මාර්ගයේ යුද වැදුණහ. අනෙක් පිරිස, ඔවුන්ව දෙගුණයක් මෙන් පියවි ඇසින් දුටු දේව ප්රතික්ෂේපකයෝ ය. අල්ලාහ් තමන් අභිමත කරන අයට තම උපකාරයෙන් (ජයග්රහණය) ස්ථීර කරන්නේ ය. මනා දැක්මකින් යුත් අයට මෙහි පාඩමක් ඇත.
زُيِّنَ لِلنَّاسِ حُبُّ ٱلشَّهَوَٰتِ مِنَ ٱلنِّسَآءِ وَٱلْبَنِينَ وَٱلْقَنَٰطِيرِ ٱلْمُقَنطَرَةِ مِنَ ٱلذَّهَبِ وَٱلْفِضَّةِ وَٱلْخَيْلِ ٱلْمُسَوَّمَةِ وَٱلْأَنْعَٰمِ وَٱلْحَرْثِ ۗ ذَٰلِكَ مَتَٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَٱللَّهُ عِندَهُۥ حُسْنُ ٱلْمَـَٔابِ ﴿14﴾
කාන්තාවන්, දරුවන්, රණ් රිදී විශාල පොදි, උසස් අශ්වයින්, (එළු, බැටළු, ගව, ඔටුවන් වැනි) ගමේ සතුන්, ගොවිතැන් ආදිය මත ඉමහත් ආශාවක් ඇති කර ගැනීම මනිසුන්ට අලංකාරවත් කර ඇත්තේය. එහෙත් මේවා (සියල්ල අස්ථාවර) මෙලොව ජීවිතයෙහි (අල්ප) සැප සම්පත්ය! අල්ලාහ්ගේ සන්නිධානයෙහි නම්, (ස්ථීර වූ) අලංකාරවත් වාසස්ථානයක් ඇත.
කාන්තාවන්, පිරිමි දරුවන්, රන් හා රිදියෙන් රැස් කර තබන ලද ස්කන්ධ, සළකුණු තබනු ලැබූ අශ්වයින්, ගොවිපළ සතුන් හා කෙත්වතු කෙරෙහි වූ තෘෂ්ණාවෙහි ඇල්ම ජනයාට අලංකාරවත් කරන ලදි. ඒවා මෙලොව ජීවිතයේ වින්දනයන් ය. තවද අලංකාර යොමු වීමේ ස්ථානය ඇත්තේ අල්ලාහ් වන ඔහු වෙත ය.
۞ قُلْ أَؤُنَبِّئُكُم بِخَيْرٍۢ مِّن ذَٰلِكُمْ ۚ لِلَّذِينَ ٱتَّقَوْا۟ عِندَ رَبِّهِمْ جَنَّٰتٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا وَأَزْوَٰجٌۭ مُّطَهَّرَةٌۭ وَرِضْوَٰنٌۭ مِّنَ ٱللَّهِ ۗ وَٱللَّهُ بَصِيرٌۢ بِٱلْعِبَادِ ﴿15﴾
(නබියේ! මිනිසුන්ට) ඔබ මෙසේ පවසනු: මේවාටත් වඩා උසස් දැයක් මා ඔබට දැනුම් දෙන්නද? කවුරුන් (දෙවියන්ට) බිය වී කටයුතු කරන්නෝද, ඔවුන්ට ඔවුන්ගේ දෙවියන්ගේ සන්නිධානයෙන් ස්වර්ගයන් ඇත. ඒවායෙහි ජල දහරා (සදා) ගලමින්ම ඇත. ඒවායෙහි (ඔවුන්) සදහටම රැඳී සිටිනු ඇත. (එහි ඔවුන්ට) ශුද්ධ වූ වල්භයන්ද ඇත. (මේවා හැර ඉමහත්) අල්ලාහ්ගේ ශුද්ධ වූ සොම්නසද ලැඛෙනු ඇත. අල්ලාහ් තම වහලූන්ව ඉතා අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය.
මේවාට වඩා ශ්රේෂ්ඨ දෑ ගැන මම නුඹලාට දන්වන්නෙම් දැ? යි (නබිවරය!) විමසනු. බිය බැතිමතුන්හට ඔවුන්ගේ පරමාධිපති අබියස ඊට පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් ඇත. ඔවුන් එහි සදාතනිකයින් වෙති. පිවිතුරු අඹුවන් ද අල්ලාහ්ගෙන් වූ පිළිගැනීම ද එහි ඇත. තවද අල්ලාහ් එම ගැත්තන් පිළිබඳව සර්ව නිරීක්ෂක ය.
ٱلَّذِينَ يَقُولُونَ رَبَّنَآ إِنَّنَآ ءَامَنَّا فَٱغْفِرْ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ ٱلنَّارِ ﴿16﴾
මෙවැන්නන් (තමන්ගේ දෙවියන්ට) “අපගේ දෙවියනේ! නියත වශයෙන්ම අපි (ඔබව) විශ්වාස කරන්නෙමු. එබැවින් ඔබ අප වෙනුවෙන් අපගේ පාපයන්ට සමාව දී (වරප්රසාදයන් පහළ කර නිරා) ගින්නේ දඬුවමෙන්ද ඔබ අපව බේරා ගනු මැනව!” යයිද (සදා) ප්රාර්ථනා කරමින් සිටින්නාහ.
ඔවුහු වනාහි ‘අපගේ පරමාධිපතියාණනි! සැබැවින් ම අපි විශ්වාස කළෙමු. එහෙයින් ඔබ අපට අපගේ පාපකම් සඳහා සමාව දෙනු මැනව! තවද නිරා ගින්නේ දඬුවමින් අප ආරක්ෂා කරනු මැනව!’ යැයි පවසන්නෝ ය.
ٱلصَّٰبِرِينَ وَٱلصَّٰدِقِينَ وَٱلْقَٰنِتِينَ وَٱلْمُنفِقِينَ وَٱلْمُسْتَغْفِرِينَ بِٱلْأَسْحَارِ ﴿17﴾
(තවද ඔවුන්) ඉවසිලිවන්තයින් වශයෙන්ද, සත්යයම කතා කරන්නන් වශයෙන්ද, (දෙවියන්ට) සම්පූර්ණයෙන්ම අවනත වී කටයුතු කරන්නන් වශයෙන්ද, දානමාන කරන්නන් වශයෙන්ද, සහර් (අළුයම්) කාලයන්හි, (අල්ලාහ්ගෙන්) සමාව අයදින්නන් වශයෙන්ද සිටින්නාහ.
ඔවුන් ඉවසිලිවන්තයින් ය. තවද සත්ය පවසන්නන් ය. තවද යටහත් වන්නන් ය. තවද වියදම් කරන්නන් ය. තවද අලුයම් කාලයෙහි පාප ක්ෂමාවෙහි නිරත වන්නන් ය.
شَهِدَ ٱللَّهُ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا هُوَ وَٱلْمَلَٰٓئِكَةُ وَأُو۟لُوا۟ ٱلْعِلْمِ قَآئِمًۢا بِٱلْقِسْطِ ۚ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿18﴾
(නබියේ!) අල්ලාහ් මෙසේ සාක්ෂි දරන්නේය: “නියත වශයෙන්ම ඔහු හැර වෙනත් දෙවියෙක් නැත” තවද (එසේ) මලායිකාවරුන්ද, (ධර්ම ඥානය ලත්) විද්වතුන්ද, සාධාරණය ස්ථීර කර, “ඔහු හැර වෙන දෙවියෙක් නැත. (ඔහු සියල්ලන්ටම වඩා) බලසම්පන්නය, ඥානවන්තය” (යයි සාක්ෂි දරන්නාහ).
සැබැවින් ම තමන් හැර වෙනත් දෙවියෙක් නොමැත බව අල්ලාහ් සාක්ෂි දරයි. එමෙන් ම මලක්වරුන් ද, යුක්තිය ඉටු කරන ඥානයෙන් යුත් අය ද (සාක්ෂි දරති.) මහා ප්රඥාවන්ත සර්ව බලධාරී ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැත.
إِنَّ ٱلدِّينَ عِندَ ٱللَّهِ ٱلْإِسْلَٰمُ ۗ وَمَا ٱخْتَلَفَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ إِلَّا مِنۢ بَعْدِ مَا جَآءَهُمُ ٱلْعِلْمُ بَغْيًۢا بَيْنَهُمْ ۗ وَمَن يَكْفُرْ بِـَٔايَٰتِ ٱللَّهِ فَإِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ ﴿19﴾
නියත වශයෙන්ම අල්ලාහ්ගේ සන්නිධානයෙහි (බාර ගනු ලැබූ) ධර්මය ඉස්ලාමයයි. ධර්මය පහළ කරනු ලැබූවන්, (මෙයයි සත්ය ධර්මය යන) ඥානය ඔවුන්ට ලැබුණු පසුද, තමන් අතර ඇති ඊර්ෂ්යාවේ හේතුවෙන්ම (මෙයට) වෙනස්කම් දැක්වූහ. එබැවින් (මෙසේ) කවුරුන් අල්ලාහ්ගේ ආයාවන් ප්රතික්ෂේප කරන්නෝද, (ඔවුන්ට විනාශයයි. ඔවුන්ගේ) ගණනය නිර්ණය කිරීමෙහි අල්ලාහ් ඉතාමත් සීඝ්රවන්තයෙකි.
නියත වශයෙන් ම අල්ලාහ් අබියස වූ දහම ඉස්ලාමය වේ. දේව ග්රන්ථය පිරිනමනු ලැබූ අය, ඔවුන් වෙත ඥානය පැමිණි පසුව ඔවුන් අතර වූ ඊර්ෂ්යාව හේතුවෙන් මිස ඔවුහු භේද නො වූහ. තවද කවරෙකු අල්ලාහ්ගේ වැකි ප්රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින් ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත් ය.
فَإِنْ حَآجُّوكَ فَقُلْ أَسْلَمْتُ وَجْهِىَ لِلَّهِ وَمَنِ ٱتَّبَعَنِ ۗ وَقُل لِّلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ وَٱلْأُمِّيِّۦنَ ءَأَسْلَمْتُمْ ۚ فَإِنْ أَسْلَمُوا۟ فَقَدِ ٱهْتَدَوا۟ ۖ وَّإِن تَوَلَّوْا۟ فَإِنَّمَا عَلَيْكَ ٱلْبَلَٰغُ ۗ وَٱللَّهُ بَصِيرٌۢ بِٱلْعِبَادِ ﴿20﴾
(නබියේ! මින්) පසුවද, ඔබ සමග තර්ක කළහොත් (ඔවුන්ට) “නියත වශයෙන්ම මා අල්ලාහ්ට (අල්ලාහ්ගේ නියෝගයන්ට) සම්පූර්ණයෙන්ම අවනත වුනෙමි. (එසේම) මාව අනුගමනය කරන්නන්ද (අවනත වූහ)” යයි පවසා, ධර්මය පහළ කරනු ලැබූවන්ටද (පිළිරූ ආරාධනා කරන) නූගතුන්ගෙන්ද “ඔබත් (ඒ අන්දමටම) අල්ලාහ්ට සම්පූර්ණයෙන්ම අවනත වන්නෙහුද?”යි විමසනු. (එසේම) ඔවුන්ද අවනත වුවහොත්, නියත වශයෙන්ම ඔවුන්ද ඍජු මාර්ගය අත් කර ගත්හ. තවද ඔවුන් ප්රතික්ෂේප කර හැරියහොත් (ඒ වෙනුවෙන් ඔබ දුක් නොවනු. ඔබ අපගේ දූත මෙහෙවර ඔවුන්ට) ගෙනහැර දැක්වීමම ඔබ කෙරෙහි අනිවාර්යය වී ඇත්තේය. අල්ලාහ් තම වහලූන්ව අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය.
එබැවින් නුඹ සමඟ ඔවුන් වාද කළේ නම් එවිට මම මාගේ මුහුණ අල්ලාහ්ට යටහත් කළෙමි. තවද මා අනුගමනය කළ අය ද (එසේ යටහත් කළෝ ය) යැයි නුඹ පවසනු. තවද නුඹලා යටහත් වූයෙහු දැ? යි දේව ග්රන්ථය පිරිනමනු ලැබූවන්ගෙන් හා ලිවීමේ කියවීමේ හැකියාව නො මැත්තන්ගෙන් විමසනු. ඔවුහු එසේ යටහත් වූයෙහු නම් එවිට සැබැවින් ම ඔවුහු යහමඟ ලැබුවෝ ය. ඔවුහු පිටුපෑවෙහු නම් එවිට ඔබේ වගකීම වනුයේ දන්වා සිටීම පමණ ය. තවද අල්ලාහ් ගැත්තන් පිළිබඳව සර්ව නිරීක්ෂක ය.
إِنَّ ٱلَّذِينَ يَكْفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَيَقْتُلُونَ ٱلنَّبِيِّۦنَ بِغَيْرِ حَقٍّۢ وَيَقْتُلُونَ ٱلَّذِينَ يَأْمُرُونَ بِٱلْقِسْطِ مِنَ ٱلنَّاسِ فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ ﴿21﴾
නියත වශයෙන්ම කවුරුන් අල්ලාහ්ගේ ආයාවන් ප්රතික්ෂේප කරමින්ද, අසාධාරණයේ නබිවරුන්ව ඝාතනය කරමින්ද සිටින අතර මිනිසුන්ගෙන් සාධාරණය මගින්ම පොළඹවන්නන්වද ඝාතනය කරමින් සිටින්නෝද, ඔවුන්ට වේදනා ගෙන දෙන දඬුවම මගින් (නබියේ!) ඔබ සුභාරංචි පවසනු මැනව!
නියත වශයෙන් ම අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කරන, කිසිදු යුක්තියෙන් තොරව නබිවරුන්ව ඝාතනය කරන, ජනයා අතරින් සාධාරණ ලෙස (තීන්දු තීරණ) නියෝග කරන්නන් ඝාතනය කරන අය වනාහි ඔවුන්ට වේදනීය දඬුවමක් ඇති බව නුඹ ශුභාරංචි පවසනු.
أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ حَبِطَتْ أَعْمَٰلُهُمْ فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ ﴿22﴾
මොවුන් කරන (දැහැමි) ක්රියාවන් (සියල්ල) මෙලොවෙහිද පරලොවෙහිද (කිසිම ප්රයෝජනයක් නොමැතිව සම්පූර්ණයෙන්ම) විනාශ වී ගියේය. (පරලොවදී) මොවුන්ට උදව් කරන්නන් කිසිවෙකුත් නැත.
මෙලොව හා මතුලොව තම ක්රියාවන් නිෂ්ඵල වී ගිය අය මොවුහු ම ය. තවද ඔවුනට උදව්කරුවන් අතරින් කිසිවකු හෝ නොමැත.
أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ أُوتُوا۟ نَصِيبًۭا مِّنَ ٱلْكِتَٰبِ يُدْعَوْنَ إِلَىٰ كِتَٰبِ ٱللَّهِ لِيَحْكُمَ بَيْنَهُمْ ثُمَّ يَتَوَلَّىٰ فَرِيقٌۭ مِّنْهُمْ وَهُم مُّعْرِضُونَ ﴿23﴾
(නබියේ!) ධර්මයෙහි එක් කොටසක් දෙනු ලැබූ (යුදෙව්වන් වන) මොවුන්ව ඔබ අවධානය නොකළෙහිද? (ඔවුන් අතර ඇති වූ ආරවුල සමතයකට පත් කිරීමට ඔවුන් වෙත ඇති) අල්ලාහ්ගේ ධර්මය මගින්ම ඔවුන් අතරේ විනිශ්චය දීමට ඔවුන්ව කැඳවනු ලැබූ විට, ඔවුන්ගෙන් එක් කොටසක් (මෙය) ප්රතික්ෂේප කර ඈත් වූහ.
පුස්තකයෙන් කොටසක් පිරිනමනු ලැබූවන් දෙස නුඹ නො බැලුවෙහි ද? ඔවුන් අතර තීන්දු කරනු පිණිස අල්ලාහ්ගේ ග්රන්ථය වෙත ඔවුන් කැඳවනු ලබන්නෝ ය. පසුව ඔවුන් අතුරින් පිරිසක් පිටු දකින්නන් ලෙස හැරී ගියෝ ය.
ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا۟ لَن تَمَسَّنَا ٱلنَّارُ إِلَّآ أَيَّامًۭا مَّعْدُودَٰتٍۢ ۖ وَغَرَّهُمْ فِى دِينِهِم مَّا كَانُوا۟ يَفْتَرُونَ ﴿24﴾
මෙයට හේතුව වූයේ “විශේෂිත දින මිස, (නිරා) ගින්න නියත වශයෙන්ම අපව ස්පර්ශ කරන්නේ නැත” යයි ඔවුන් පවසමින් සිටි බැවිනි. තවද තම ධර්ම (කාරණාවන්)හි බොරුවම මනක්කල්පිත කරමින් පැවසීමද, ඔවුන්ව රවටා දැමීය.
එය, නියමිත දින ගණනකට පමණක් මිස (නිරා) ගින්න අපව ස්පර්ශ නො කරනු ඇතැයි ඔවුන් පැවසූ හේතුවෙනි. තවද ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගේ දහම තුළ ඔවුන් රවටා දැමුවේ ය.
فَكَيْفَ إِذَا جَمَعْنَٰهُمْ لِيَوْمٍۢ لَّا رَيْبَ فِيهِ وَوُفِّيَتْ كُلُّ نَفْسٍۢ مَّا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ ﴿25﴾
(නබියේ!) සැකයෙන් තොර එක් (විනිශ්චය) දිනදී අපි ඔවුන්ව ඒකරාශී කර, (ඔවුන්ගේ) සෑම ආත්මයකටම ඒවායේ ක්රියාවට සරිලන ඵලවිපාක පූරණ වශයෙන් දෙනු ලැබුවහොත් (ඔවුන්ගේ තත්වය) කෙසේ නම් ඇත්ද? ඔවුන් (තමන්ගේ ඵලවිපාක අත් කර ගැනීමෙහි පොඩියක් හෝ) අසාධාරණය කරනු නොලබන්නාහ.
ඒ ගැන කිසිදු සැකයක් නොමැති දිනයක අප ඔවුන්ව එක්රැස් කර සෑම ආත්මයක් සඳහා ම එය ඉපැයූ දෑ පූර්ණව දෙනු ලබන විට එය කෙසේ වේ ද? තවද ඔවුහු අපරාධ කරනු නො ලබන්නෝ ය.
قُلِ ٱللَّهُمَّ مَٰلِكَ ٱلْمُلْكِ تُؤْتِى ٱلْمُلْكَ مَن تَشَآءُ وَتَنزِعُ ٱلْمُلْكَ مِمَّن تَشَآءُ وَتُعِزُّ مَن تَشَآءُ وَتُذِلُّ مَن تَشَآءُ ۖ بِيَدِكَ ٱلْخَيْرُ ۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ﴿26﴾
(නබියේ! ප්රාර්ථනා කර) ඔබ මෙසේ පවසනු මැනව! “අපගේ අල්ලාහ් (දෙවියන් වහන්ස!) සියලූ රටවල් වලටම අධිපතියාණෙනි! ඔබ කැමැත්තන්ට රාජ්යය දෙන්නේය. ඔබ කැමැත්තන්ගෙන් රාජ්යය පහ කර හරින්නේය. ඔබ කැමැත්තන්ව ගෞරව කරන්නේය. ඔබ කැමැත්තන්ව අවමන් කරන්නේය. පින් ඇති දැය සියල්ල ඔබ අතෙහිම ඇත්තේය. නියත වශයෙන්ම ඔබම සියල්ල කෙරෙහි බලසම්පන්නයෙකි.
(නබිවරය!) නුඹ පවසනු. සියලු පාලනයන්හි පාලකයා වන අල්ලාහ්, ඔබ අභිමත අයට රාජ්ය පාලනය පිරිනමන්නෙහි ය. ඔබ අභිමත අයගෙන් රාජ්ය පාලනය උදුරා දමන්නෙහි ය. තවද ඔබ අභිමත අයව උසස් කරන්නෙහි ය. ඔබ අභිමත අයව පහත් කරන්නෙහි ය. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහි ය. නියත වශයෙන් ම ඔබ සියලු දෑ කෙරෙහි ශක්තිවන්තයා ය.
تُولِجُ ٱلَّيْلَ فِى ٱلنَّهَارِ وَتُولِجُ ٱلنَّهَارَ فِى ٱلَّيْلِ ۖ وَتُخْرِجُ ٱلْحَىَّ مِنَ ٱلْمَيِّتِ وَتُخْرِجُ ٱلْمَيِّتَ مِنَ ٱلْحَىِّ ۖ وَتَرْزُقُ مَن تَشَآءُ بِغَيْرِ حِسَابٍۢ ﴿27﴾
ඔබම රාත්රිය, දහවලට ඇතුළු වීමට සලස්වන්නේය. ඔබම දහවල, රාත්රියෙහි ඇතුළු වීමට සලස්වන්නේය. පණ නැති දැයෙන්, පණ ඇති දැය ඉකුත් කරන්නේද ඔබමය. පණ ඇති දැයෙන්, පණ නැති දැය ඉකුත් කරන්නේද ඔබමය. ඔබ කැමැත්තන්ට අප්රමාණවම ලබා දෙන්නේය”.
ඔබ රාත්රිය දහවලෙහි ඇතුළත් කරන්නෙහි ය. දහවල රාත්රියෙහි ඇතුළත් කරන්නෙහි ය. මළ දැයින් ජීවී දෑ පිට කරන්නෙහි ය. ජීවී දැයින් මළ දෑ පිට කරන්නෙහි ය. තවද ඔබ අභිමත අයට ගණනයකින් තොරව පෝෂණය ලබා දෙන්නෙහි ය.
لَّا يَتَّخِذِ ٱلْمُؤْمِنُونَ ٱلْكَٰفِرِينَ أَوْلِيَآءَ مِن دُونِ ٱلْمُؤْمِنِينَ ۖ وَمَن يَفْعَلْ ذَٰلِكَ فَلَيْسَ مِنَ ٱللَّهِ فِى شَىْءٍ إِلَّآ أَن تَتَّقُوا۟ مِنْهُمْ تُقَىٰةًۭ ۗ وَيُحَذِّرُكُمُ ٱللَّهُ نَفْسَهُۥ ۗ وَإِلَى ٱللَّهِ ٱلْمَصِيرُ ﴿28﴾
විශ්වාසවන්තයින් (තමන් මෙන්) විශ්වාසවන්තයින් මිස, ප්රතික්ෂේප කරන්නන්ව තමන්ට ආරක්ෂකයින් (අව්ලියා) බවට පත් කර නොගත යුතුය. ඔවුන්ගෙන් (තමන්ව) ආරක්ෂා කර ගන්නට මිස, කවුරුන් හෝ මෙසේ කළහොත් ඔවුන්ට අල්ලාහ්ගේ සන්නිධානයෙන් කිසිම සම්බන්ධයක් නැත. අල්ලාහ් තමන් ගැන ඔබට (බිය ගන්වා) අනතුරු අඟවන්නේය. (ඔබ) අල්ලාහ් වෙතටම (අවසානයේදී) යා යුතුව ඇත්තේය.
දේවත්වය විශ්වාස කළවුන් දේවත්වය විශ්වාස කළවුන්ව හැර දේවත්වය ප්රතික්ෂේප කළවුන්ව භාරකරුවන් ලෙස නො ගත යුතු ය. කවරෙකු එසේ කරන්නේ ද එවිට ඔහුට අල්ලාහ්ගෙන් කිසිවක් (කිසිදු ආරක්ෂාවක්) නො වනු ඇත. එහෙත් නුඹලා ඔවුන්ගෙන් (ආත්ම) ආරක්ෂාව සපයා ගැනීම උදෙසා මිස. තවද අල්ලාහ් තමන් ගැන නුඹලාට අවවාද කරන්නේ ය. එමෙන් ම ලැඟුම් ගන්නා ස්ථානය ඇත්තේ අල්ලාහ් වෙත ම ය.
قُلْ إِن تُخْفُوا۟ مَا فِى صُدُورِكُمْ أَوْ تُبْدُوهُ يَعْلَمْهُ ٱللَّهُ ۗ وَيَعْلَمُ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ﴿29﴾
(නබියේ!) ඔබ මෙසේ පවසනු: ඔබගේ සිත්හි ඇති දැය ඔබ සඟවා ගත්තද, නැතහොත් ඔබ (එයට වෙනස්ව) එළිදරව් කළද, නියත වශයෙන්ම අල්ලාහ් එය හොඳින් දන්නේය. (එපමණක්ද?) අහස්හි ඇති දැයද, භූමියෙහි ඇති දැයද ඔහු දන්නේය. (දැන ගන්නවා පමණක් නොව) අල්ලාහ් (මේවා) සියල්ල කෙරෙහිම බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය.
නුඹලාගේ හදවත් තුළ නුඹලා (යමක්) සඟවන්නේ නම් හෝ එය නුඹලා හෙළි කරන්නේ නම් හෝ අල්ලාහ් එය දන්නේ ය. තවද අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද ඔහු දන්නේ ය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.
يَوْمَ تَجِدُ كُلُّ نَفْسٍۢ مَّا عَمِلَتْ مِنْ خَيْرٍۢ مُّحْضَرًۭا وَمَا عَمِلَتْ مِن سُوٓءٍۢ تَوَدُّ لَوْ أَنَّ بَيْنَهَا وَبَيْنَهُۥٓ أَمَدًۢا بَعِيدًۭا ۗ وَيُحَذِّرُكُمُ ٱللَّهُ نَفْسَهُۥ ۗ وَٱللَّهُ رَءُوفٌۢ بِٱلْعِبَادِ ﴿30﴾
සෑම ආත්මයක්ම තමන් කළ පින්ද, තමන් කළ පව්ද ප්රත්යක්ෂව දකින දිනදී (දුක් වී) තමන්ටත් එයටත් අතරේ දීර්ඝ දුරස් ප්රමාණයක් හරස් විය යුතු නොවේදැයි කැමති වනු ඇත. එබැවින් අල්ලාහ් ඔබට තමන් ගැන (බිය ගන්වා) අනතුරු අඟවන්නේය. (මන්දයත්) අල්ලාහ් තම වහලූන් කෙරෙහි අධික වශයෙන් දයාබරව සිටින්නේය.
සෑම ආත්මයක් ම, තමන් කළ යහපත් දෑ ද තමන් කළ නපුරු දෑ ද (තමන්) ඉදිරියේ දකින දිනයේ දී, එය අතර හා තමන් අතර ඉතා දිගු දුරසක් තිබුණේ නම් යැයි ප්රිය කරනු ඇත. තවද අල්ලාහ් තමන් ගැන නුඹලාට අවවාද කරන්නේ ය. තවද අල්ලාහ් ගැත්තන් කෙරෙහි සෙනෙහෙවන්ත ය.
قُلْ إِن كُنتُمْ تُحِبُّونَ ٱللَّهَ فَٱتَّبِعُونِى يُحْبِبْكُمُ ٱللَّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ ۗ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿31﴾
(නබියේ! මිනිසුන්ට) ඔබ මෙසේ පවසනු: “ඔබ ඇත්තෙන්ම අල්ලාහ්ව ප්රිය කරන්නන් වශයෙන් සිටින්නෙහු නම්, ඔබ මාව අනුගමනය කරනු. ඔබව අල්ලාහ් ප්රිය කරනු ඇත. ඔබගේ පාපයන්ද ඔබ වෙනුවෙන් ඔහු ක්ෂමා කර හරිනු ඇත. අල්ලාහ් ක්ෂමා කරන්නෙකු හා ඉතාමත් ආදරය කරන්නෙකු වශයෙන්ද සිටින්නේය”.
නුඹලා අල්ලාහ්ව ප්රිය කරමින් සිටියෙහු නම්, එවිට නුඹලා මා අනුගමනය කරනු. අල්ලාහ් නුඹලාව ප්රිය කරනු ඇත. තවද නුඹලාගේ පාපයන්ට ඔහු සමාව දෙනු ඇත. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විතය යැයි (නබිවරය!) නුඹ පවසනු.
قُلْ أَطِيعُوا۟ ٱللَّهَ وَٱلرَّسُولَ ۖ فَإِن تَوَلَّوْا۟ فَإِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْكَٰفِرِينَ ﴿32﴾
(නබියේ! තවද) ඔබ මෙසේ පවසනු: “අල්ලාහ්ටද, (ඔහුගේ) රසූල්ටද ඔබ අවනත වනු. නමුත් ඔබ ප්රතික්ෂේප කළහොත්, නියත වශයෙන්ම අල්ලාහ් ප්රතික්ෂේප කරන්නන්ව ප්රිය කරන්නේ නැත”.
(තවද) නුඹලා අල්ලාහ්ට හා රසූල්වරයාට අවනත වනු යැයි පවසනු. එහෙත් ඔවුන් පිටුපෑවේ නම් එවිට සැබැවින් ම අල්ලාහ් දේව ප්රතික්ෂේපකයින්ව ප්රිය කරන්නේ නැත.
۞ إِنَّ ٱللَّهَ ٱصْطَفَىٰٓ ءَادَمَ وَنُوحًۭا وَءَالَ إِبْرَٰهِيمَ وَءَالَ عِمْرَٰنَ عَلَى ٱلْعَٰلَمِينَ ﴿33﴾
නියත වශයෙන්ම අල්ලාහ් (තමන්ගේ නියෝජිතයා වශයෙන්) ආදම්වද, (පසුව) නූහ්වද තෝරා ගත්තේය. (එසේම) ඉබ්රාහිම්ගේ පවුලද, ඉම්රාන්ගේ පවුලද සකල ලෝකයාගෙන්ම (තෝරා ගත්තේය).
සැබැවින් ම අල්ලාහ් ආදම්, නූහ්, ඉබ්රාහීම්ගේ පවුල හා ඉම්රාන්ගේ පවුල ලෝවැසියනට වඩා ඉහළින් තෝරා ගත්තේ ය.
ذُرِّيَّةًۢ بَعْضُهَا مِنۢ بَعْضٍۢ ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ ﴿34﴾
ඔවුන්ගෙන් කෙනෙකු අනිත් කෙනාගේ පරම්පරාවේ දරුවන්ය. අල්ලාහ් (සියල්ල) සවන් දෙන්නෙකු හා දන්නෙකු වශයෙන් සිටින්නේය.
ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුගෙන් පැවත එන පරපුරකි. තවද අල්ලාහ් සර්ව ශ්රාවක ය; සර්ව ඥානී ය.
إِذْ قَالَتِ ٱمْرَأَتُ عِمْرَٰنَ رَبِّ إِنِّى نَذَرْتُ لَكَ مَا فِى بَطْنِى مُحَرَّرًۭا فَتَقَبَّلْ مِنِّىٓ ۖ إِنَّكَ أَنتَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ﴿35﴾
ඉම්රාන්ගේ බිරිඳ (ගැබ් ගත් අවස්ථාවේදී පිරිමි දරුවෙකු ප්රසූත කිරීමට කැමැත්තක් දක්වමින්, දෙවියන්ට) “මගේ දෙවියනේ! නියත වශයෙන්ම මා මගේ ගර්භයෙහි ඇති දැය ඔබට සම්පූර්ණයෙන්ම කැප කර හැරීමට බාර වී ඇත්තෙමි. එබැවින් (එය) මා වෙතින් ඔබ බාර ගනු මැනව! නියත වශයෙන්ම ඔබ (ප්රාර්ථනාවන්ට) සවන් දෙන්නෙකු වශයෙන්ද, (සිතෙහි ඇති දැය) හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නෙහිය” යයි (ප්රාර්ථනා කර) පැවසීමෙන් අනතුරුව,
‘මාගේ පරමාධිපතියාණනි! සැබැවින් ම මම මාගේ කුස තුළ ඇති දෑ කැප කරනු ලබන්නක් ලෙස ඔබ වෙනුවෙන් භාරයක් තැබුවෙමි. එබැවින් මගෙන් (එය) පිළිගනු මැනව. නියත වශයෙන් ම ඔබ සර්ව ශ්රාවක ය; සර්ව ඥානීය’ යැයි ඉම්රාන්ගේ බිරිය පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
فَلَمَّا وَضَعَتْهَا قَالَتْ رَبِّ إِنِّى وَضَعْتُهَآ أُنثَىٰ وَٱللَّهُ أَعْلَمُ بِمَا وَضَعَتْ وَلَيْسَ ٱلذَّكَرُ كَٱلْأُنثَىٰ ۖ وَإِنِّى سَمَّيْتُهَا مَرْيَمَ وَإِنِّىٓ أُعِيذُهَا بِكَ وَذُرِّيَّتَهَا مِنَ ٱلشَّيْطَٰنِ ٱلرَّجِيمِ ﴿36﴾
ඇය (තම කැමැත්තට වෙනස්ව) එක් ගැහැනු දරුවෙකු ප්රසූත කළ විට, (එය අවමානයෙන් යුතුව ගණන් ගෙන) “මගේ දෙවියනේ! මා එක් ගැහැනු දරුවෙකු ප්රසූත කළෙමි” යයි පැවසුවාය. ඇය ප්රසූත කළ දැය (එහි ශ්රේෂ්ඨත්වය) අල්ලාහ්ම හොඳින් දන්නේය. (ඇය දන්නේ නැත). එහෙත් (ඇය කැමති වූ) පිරිමි (දරුවා) මෙම ගැහැනු (දරුවා) මෙන් නොව. (පසුව ඉම්රාන්ගේ බිරිඳ) “නියත වශයෙන්ම මා එයට ‘මර්යම්’ යයි නම තැබුවෙමි. එයද, එයගේ දරුවාද එළවා දමනු ලැබූ ෂෙයිතාන්ගේ (නපුරෙන්) බේරා ගන්නා මෙන් ඔබගෙන් ප්රාර්ථනා කරන්නෙමි!” යයි කීවාය.
පසුව ඇය එය ප්රසූත කළ කල්හි ‘මාගේ පරමාධිපතියාණනි! සැබැවින් ම මම එය ප්රසූත කළේ ගැහැනු දරුවකු ලෙසිනි. තවද ඇය ප්රසූත කළ දෑ පිළිබඳව අල්ලාහ් මැනවින් දන්නා ය. පිරිමියා ගැහැනිය මෙන් නො වේ. තවද සැබැවින් ම ඇයට මම මර්යම් යැයි නම් තැබුවෙමි. තවද ඇයට හා ඇයගේ පරපුරට පලවා හරින ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව මම ඔබ වෙතින් පතන්නෙමි’ යැයි ඇය පැවසුවා ය.
فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٍۢ وَأَنۢبَتَهَا نَبَاتًا حَسَنًۭا وَكَفَّلَهَا زَكَرِيَّا ۖ كُلَّمَا دَخَلَ عَلَيْهَا زَكَرِيَّا ٱلْمِحْرَابَ وَجَدَ عِندَهَا رِزْقًۭا ۖ قَالَ يَٰمَرْيَمُ أَنَّىٰ لَكِ هَٰذَا ۖ قَالَتْ هُوَ مِنْ عِندِ ٱللَّهِ ۖ إِنَّ ٱللَّهَ يَرْزُقُ مَن يَشَآءُ بِغَيْرِ حِسَابٍ ﴿37﴾
එබැවින් ඇයගේ දෙවියන් එය ඉතාමත් ආදරයෙන් බාර ගෙන, (පරිශුද්ධවද) අලංකාරවද එය වැඩෙන්නට සලස්වා, එය (පෝෂණය කිරීමට) සැකරීයියා භාරකාරත්වය බාර ගන්නා බවට පත් කළේය. සැකරීයියා ඇය සිටි නැමදුම් ස්ථානයට ඇතුළු වන සෑම අවස්ථාවන්හිදීම ඇය වෙත (යම්කිසි) ආහාර ද්රව්යයක් තිඛෙණු දැක “ඕ මර්යම්! මෙය ඔබට කොහි සිට පැමිණියේද?”යි විමසුවේය. එයට ඇය, “මෙය අල්ලාහ් වෙතින්ම (පැමිණෙන්නේය. මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් තමන් කැමැත්තන්ට අප්රමාණව ආහාර ලබා දෙන්නේය” යයි පැවසුවාය.
එවිට ඇයගේ පරමාධිපති යහපත් පිළිගැනීමකින් ඇයව පිළිගත්තේ ය. තවද යහපත් වැඩීමකින් හදා වඩා ගන්නට සැලැස්සුවේ ය. ඇයව zසකරිය්යාට භාර කළේ ය. නැමදුම් ස්ථානයේ ඇය වෙත zසකරිය්යා පිවිසෙන සෑම අවස්ථාවක ම ඇය අසල ආහාර දුටුවේ ය. ‘අහෝ මර්යම්! ඔබට මෙය කෙසේ (ලැබුණේ) ද?’ යැයි ඔහු ඇසුවේ ය. මෙය අල්ලාහ් වෙතින් යැයි ඇය පැවසුවා ය. නියත වශයෙන් ම අල්ලාහ් තමන් අභිමත අයට ගණනයකින් තොරව පෝෂණය ලබා දෙන්නේ ය.
هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُۥ ۖ قَالَ رَبِّ هَبْ لِى مِن لَّدُنكَ ذُرِّيَّةًۭ طَيِّبَةً ۖ إِنَّكَ سَمِيعُ ٱلدُّعَآءِ ﴿38﴾
(එවිට) සැකරීයියා එම ස්ථානයෙහි (තමන් වෙනුවෙන්) තම දෙවියන්ගෙන් ප්රාර්ථනා කර, “මගේ දෙවියනේ! ඔබගේ සන්නිධානයෙන් මා හට එක් ශුද්ධ වූ දරුවෙකු ලබා දෙනු මැනව! නියත වශයෙන්ම ඔබ ප්රාර්ථනාවන්ට සවන් දෙන්නෙකු වශයෙන් සිටින්නේය” යයි පැවසුවේය.
එම අවස්ථාවේ දී zසකරිය්යා තම පරමාධිපතිව අයැද සිටියේ ය. ‘මාගේ පරමාධිපතියාණනි! ඔබ වෙතින් මට දැහැමි පරපුරක් පිරිනමනු මැනව! සැබැවින් ම ඔබ ප්රාර්ථනාවට සවන් දෙන්නා’ යැයි ඔහු පැවසුවේ ය.
فَنَادَتْهُ ٱلْمَلَٰٓئِكَةُ وَهُوَ قَآئِمٌۭ يُصَلِّى فِى ٱلْمِحْرَابِ أَنَّ ٱللَّهَ يُبَشِّرُكَ بِيَحْيَىٰ مُصَدِّقًۢا بِكَلِمَةٍۢ مِّنَ ٱللَّهِ وَسَيِّدًۭا وَحَصُورًۭا وَنَبِيًّۭا مِّنَ ٱلصَّٰلِحِينَ ﴿39﴾
එබැවින් නැමදුම් ස්ථානයෙහි (මිහ්රාබ්හි) නැගී සිට නමදිමින් සිටි අවස්ථාවේදී (ඔහුට) මලායිකාවරුන් ශබ්ද නගා මෙසේ පැවසූහ: “(ඕ සැකරීයියා!) නියත වශයෙන්ම අල්ලාහ් යහ්යා (නමැති පුතෙකු) ඔබට (ලබා දෙන බවට) සුභාරංචි පවසන්නේය. ඔහු (පියෙකු නොමැතිව) අල්ලාහ්ගේ වචනයක් (මගින් ඇති විය හැකි ඊසා නබිව අනාවැකියක් වශයෙන්) සත්යය කර තබන්නේය. (මිනිසුන්ට) ප්රධානියෙකු වශයෙන්ද, (කාන්තා සුවයෙන්) ඈත් වූවෙකු වශයෙන්ද, නබිවරයෙකු වශයෙන්ද, හොඳ ගති පැවතුම් ඇත්තෙකු වශයෙන්ද සිටිනු ඇත”.
එවිට ඔහු නැමදුම් ස්ථානයෙහි, සිට ගෙන සලාතය ඉටු කරමින් සිටිය දී, සැබැවින් ම අල්ලාහ්ගෙන් වූ වදන සත්යය කරවන්නෙකු, නායකයෙකු, (කාන්තාවන්ගෙන්) වැළකුණු අයෙකු සහ දැහැමියන් අතුරින් නබිවරයෙකු ලෙස වූ යහ්යා පිළිබඳ අල්ලාහ් නුඹට ශුභාරංචිය දන්වන්නේ යැයි සුරදූතයින් ඔහු අමතා පැවසුහ.
قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِى غُلَٰمٌۭ وَقَدْ بَلَغَنِىَ ٱلْكِبَرُ وَٱمْرَأَتِى عَاقِرٌۭ ۖ قَالَ كَذَٰلِكَ ٱللَّهُ يَفْعَلُ مَا يَشَآءُ ﴿40﴾
(එයට සැකරීයියා වන) ඔහු (අල්ලාහ්ට “මගේ) දෙවියනේ! මා හට කෙසේ නම් දරුවන් ලැඛෙයිද? නියත වශයෙන්ම මා මහළු වී සිටින්නෙමි. මගේ බිරිඳ නම් වඳ ගැහැනියක් වශයෙන් සිටින්නීය” යයි පැවසුවේය. (එයට දෙවියන්) “මේ අන්දමටම (සිදු වනු ඇත!) අල්ලාහ් තමන් කැමති දැය (අනිවාර්යයෙන්ම) කරන්නේය” යයි පැවසුවේය.
‘මාගේ පරමාධිපතියාණනි! මට දරුවෙකු ලැබිය හැක්කේ කෙසේ ද? මා වයෝවෘද්ධ භාවය මා වෙත ළඟා වී ඇත. එමෙන් ම මාගේ බිරිය වද කතකි’ යැයි ඔහු පැවසුවේ ය. ‘එලෙසය අල්ලාහ් තමන් අභිමත දෑ සිදු කරනුයේ’ යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය.
قَالَ رَبِّ ٱجْعَل لِّىٓ ءَايَةًۭ ۖ قَالَ ءَايَتُكَ أَلَّا تُكَلِّمَ ٱلنَّاسَ ثَلَٰثَةَ أَيَّامٍ إِلَّا رَمْزًۭا ۗ وَٱذْكُر رَّبَّكَ كَثِيرًۭا وَسَبِّحْ بِٱلْعَشِىِّ وَٱلْإِبْكَٰرِ ﴿41﴾
(එයට) ඔහු “මගේ දෙවියනේ! (මෙයට) මා හට එක් සාධකයක් ලබා දෙනු (මැනව!)” යයි ඉල්ලා සිටියේය. (එයට) ඔහු “ඔබට (ලබා දෙනු ලබන) සාධකය නම්: දින තුනක් දක්වා සංඥා මගින් මිස, ඔබ මිනිසුන් සමග කතා නොකරන්නෙහිය. (ඒ දිනයන්හි) ඔබ ඔබගේ දෙවියන්ව (ඔහුගේ නාමය) අධික වශයෙන් සුවිශුද්ධ (දික්ර්) කරමින්ද, උදේ සවස (ඔහුව) නමදිමින්ද සිටිනු මැනව!” යයි පැවසුවේය.
‘මාගේ පරමාධිපතියාණනි! ඔබ මට සලකුණක් ඇති කරනු මැනව!’ යැයි ඔහු පැවසුවේ ය. ‘ඔබේ සලකුණ වනුයේ ඔබ ජනයා සමඟ සංඥා කිරීමකින් හැර දින තුනක් කතා නො කිරීම ය. තවද ඔබ ඔබේ පරමාධිපතිව අධිකව මෙනෙහි කරනු. තවද උදේ සවස පිවිතුරු කරනු’ යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය.
وَإِذْ قَالَتِ ٱلْمَلَٰٓئِكَةُ يَٰمَرْيَمُ إِنَّ ٱللَّهَ ٱصْطَفَىٰكِ وَطَهَّرَكِ وَٱصْطَفَىٰكِ عَلَىٰ نِسَآءِ ٱلْعَٰلَمِينَ ﴿42﴾
(නබියේ! මර්යම්ට) මලායිකාවරුන් පැවසූ අවස්ථාවේදී “ඕ මර්යම්! නියත වශයෙන්ම අල්ලාහ් ඔබව තෝරාගෙන ඇත්තේය. ඔබව පරිශුද්ධ බවටද පත් කර ඇත්තේය. සකල ලෝකයෙහිම සිටින කාන්තාවන් සියල්ලන්ටම වඩා ඔබව උසස් බවට පත් කර ඇත්තේය.
‘අහෝ මර්යම්! නියත වශයෙන් ම අල්ලාහ් ඔබව තෝරා ගත්තේ ය. ඔබව පිවිතුරු කළේ ය. තවද ලෝවැසි කාන්තාවන්ට වඩා ඔබව (ඉහළින්) තෝරා ගත්තේ ය’ යැයි මලක්වරුන් පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
يَٰمَرْيَمُ ٱقْنُتِى لِرَبِّكِ وَٱسْجُدِى وَٱرْكَعِى مَعَ ٱلرَّٰكِعِينَ ﴿43﴾
(එබැවින්) ඕ මර්යම්! ඔබ, ඔබගේ දෙවියන්ව නැවී නමදින්නන් (සුජූද් කරන්නන්) සමග ඔබත් නැවී සුජූද් කර (නමදිනු) මැනව!” (යයි පැවසූහ).
‘අහෝ මර්යම්! ඔබ ඔබේ පරමාධිපතිට අවනත වනු. (නළල බිම තබා) සුජූද් කරනු. තවද (නැවී තිරස් ව) රුකූඋ කරන්නන් සමඟ ඔබ ද රුකූඋ කරනු.’
ذَٰلِكَ مِنْ أَنۢبَآءِ ٱلْغَيْبِ نُوحِيهِ إِلَيْكَ ۚ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يُلْقُونَ أَقْلَٰمَهُمْ أَيُّهُمْ يَكْفُلُ مَرْيَمَ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يَخْتَصِمُونَ ﴿44﴾
(නබියේ!) මේ (සියල්ල ඔබ නොදන්නා) ගුප්ත පුවත් වන්නේය. මේවා අපි ඔබට වහී මගින් දැනුම් දෙන්නෙමු. තවද මර්යම්ව (හදාවඩා ගැනීමට) ඔවුන්ගෙන් කවුරුන් භාරකාරත්වය බාර ගන්නේද යන්න (නිවිත්තක් මගින් දැන ගැනීමට) ඔවුන් තමන්ගේ පෑන් (ගඟට) වීසි කළ අවස්ථාවේදීද ඔබ ඔවුන් සමග සිටියේ නැත. (මේ ගැන) ඔවුන් තර්ක කරමින් සිටින විටද, ඔබ ඔවුන් සමග සිටියේ නැත.
මෙය අදෘශ්යමාන පුවත් අතරිනි. අපි එය නුඹට හෙළිදරව් කරන්නෙමු. මර්යම්ට භාරකාරත්වය දරනුයේ ඔවුන්ගෙන් කවුරුන් දැ යි යන්න පිළිබඳව ඔවුන් ඔවුන්ගේ පන්හිදවල් වීසි කර (කුසපත්) දමන විට ඔවුන් අසල නුඹ නො සිටියෙහි ය. එමෙන් ම ඔවුන් වාද කරන විට ඔබ ඔවුන් අසල නො සිටියෙහි ය.
إِذْ قَالَتِ ٱلْمَلَٰٓئِكَةُ يَٰمَرْيَمُ إِنَّ ٱللَّهَ يُبَشِّرُكِ بِكَلِمَةٍۢ مِّنْهُ ٱسْمُهُ ٱلْمَسِيحُ عِيسَى ٱبْنُ مَرْيَمَ وَجِيهًۭا فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ وَمِنَ ٱلْمُقَرَّبِينَ ﴿45﴾
(තවද මර්යම්ට) මලායිකාවරුන් “ඕ මර්යම්! නියත වශයෙන්ම අල්ලාහ් තමන්ගේ (වනු! යන) එක් වචනයක් මගින් ඔබට (පුතෙකු ලබා දීමට) සුභාරංචි පවසන්නේය. එයගේ නම ‘මර්යම්ගේ පුත් ඊසා මසීහ්’ යනුවෙනි. ඔහු මෙලොවද පරලොවද ඉතාමත් ගාම්භීර කෙනෙකු වශයෙන්ද, (දෙවියන්ට) ඉතාමත් සමීප අයගෙන් කෙනෙකු වශයෙන්ද සිටිනු ඇත” යයි පැවසූහ.
‘අහෝ මර්යම්! නියත වශයෙන් ම අල්ලාහ් ඔහුගෙන් වූ වදනක් පිළිබඳ ඔබට ශුභාරංචි දන්වන්නේ ය. ඔහු නමින් මර්යම්ගේ පුත් ඊසා හෙවත් මසීහ් වන අතර ඔහු මෙලොව හා මතුලොව ගරුත්වයක් ඇති දේව සමීපතයින් අතරින් කෙනෙකි.
وَيُكَلِّمُ ٱلنَّاسَ فِى ٱلْمَهْدِ وَكَهْلًۭا وَمِنَ ٱلصَّٰلِحِينَ ﴿46﴾
තවද “ඔහු තොටිල්ලේ (ළදරුවෙකු වශයෙන්) සිටියදීද, (තමමවගේ පරිශුද්ධභාවය ගැනද, තම නබිත්වය ගැනද) තරුණ වියේදීද මිනිසුන් සමග කතා කරනු ඇත. තවද හොඳ ගති පැවතුම් ඇත්තන්ගෙන් කෙනෙකු වශයෙන්ද සිටිනු ඇත” (යයිද පැවසූහ).
තවද ඔහු තොටිල්ලෙහි පසු වන වියේ දී ද, තුරුණු වියේ දී ද ජනයා සමඟ කතා කරනු ඇත. තවද ඔහු දැහැමියන් අතුරින් කෙනෙකි.
قَالَتْ رَبِّ أَنَّىٰ يَكُونُ لِى وَلَدٌۭ وَلَمْ يَمْسَسْنِى بَشَرٌۭ ۖ قَالَ كَذَٰلِكِ ٱللَّهُ يَخْلُقُ مَا يَشَآءُ ۚ إِذَا قَضَىٰٓ أَمْرًۭا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ ﴿47﴾
(එයට මර්යම් තම දෙවියන්ට) “මගේ දෙවියනේ! කිසිම මිනිසෙකු මා හට ළං නොවී සිටියදී මට කෙසේ නම් දරුවෙකු ඇති විය හැකිද?”යි පැවසුවාය. (එයට) මෙසේම අල්ලාහ් තමන් අදහස් කළ දැය උත්පාදනය කරන්නේය. ඔහු වස්තුවක් (උත්පාදනය කිරීමට) අදහස් කළහොත් එය ‘වනු’ යයි පැවසීමම (ඇති ප්රමාදයයි!) එය එවෙලේම සිදු වන්නේය” යයි පැවසුවේය.
‘මාගේ පරමාධිපතියාණනි! කිසිදු මිනිසෙකු මා ස්පර්ශ නො කර තිබිය දී මට දරුවෙකු ලැබිය හැක්කේ කෙසේ දැ?’ යි ඇය විමසුවා ය. එලෙසය, අල්ලාහ් තමන් අභිමත දෑ මවන්නේ. ඔහු යම් කරුණක් තීන්දු කළ විට එයට ‘වනු‘ යැයි පවසනවා පමණ ය, එය වහාම සිදු වන්නේ ය.
وَيُعَلِّمُهُ ٱلْكِتَٰبَ وَٱلْحِكْمَةَ وَٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ ﴿48﴾
තවද “ඔහුට ධර්මයද, ඥානයද, තව්රාතයද, ඉන්ජීලයද උගන්වනු ඇත.
තවද ඔහු ඔහුට දේව ග්රන්ථය ද, ප්රඥාව ද, තව්රාතය ද, ඉන්ජීලය ද උගන්වන්නේ ය.
وَرَسُولًا إِلَىٰ بَنِىٓ إِسْرَٰٓءِيلَ أَنِّى قَدْ جِئْتُكُم بِـَٔايَةٍۢ مِّن رَّبِّكُمْ ۖ أَنِّىٓ أَخْلُقُ لَكُم مِّنَ ٱلطِّينِ كَهَيْـَٔةِ ٱلطَّيْرِ فَأَنفُخُ فِيهِ فَيَكُونُ طَيْرًۢا بِإِذْنِ ٱللَّهِ ۖ وَأُبْرِئُ ٱلْأَكْمَهَ وَٱلْأَبْرَصَ وَأُحْىِ ٱلْمَوْتَىٰ بِإِذْنِ ٱللَّهِ ۖ وَأُنَبِّئُكُم بِمَا تَأْكُلُونَ وَمَا تَدَّخِرُونَ فِى بُيُوتِكُمْ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ ﴿49﴾
“ඉස්රායීල පරම්පරා දරුවන්ට (ඔහුව) එක් නබිවරයෙකු වශයෙන්ද පත් කරනු ඇත” (යයි දෙවියන් පැවසුවේය. පසුව ඊසා ඉපදී තම තරුණ වියට පත් වී ඉස්රායීල් පරම්පරා දරුවන් වෙත ගිය අවස්ථාවේදී ඔවුන්ට මෙසේ පැවසුවේය): “නියත වශයෙන්ම මා ඔබගේ දෙවියන් වෙතින් (යවනු ලැබූ එක් නබිවරයෙකු යන්නට) එක් ප්රාතිහාර්යයක් සමග පැමිණ ඇත්තෙමි. ඔබ වෙනුවෙන් මැටි වලින් පක්ෂියෙකුගේ හැඩරුව මෙන් අඹා මා එයට පිඹින්නෙමි. අල්ලාහ්ගේ අනුමැතියට අනුව එය (පණ ඇති) පක්ෂියෙකු බවට පත් වනු ඇත. අල්ලාහ්ගේ අනුමැතියට අනුව උප්පත්තියෙන්ම අන්ධයින්වද, කුෂ්ට (ලාදුරු) රොගීන්වද මා සුව කරන්නෙමි. මරණයට පත් වූවන්ටද මා පණ දෙන්නෙමි. ඔබ අනුභව කළ දැයද, ඔබ නිවෙස්හි එක්කාසු කර ඇති දැයද, මා ඔබට දැනුම් දෙන්නෙමි. ඇත්තෙන්ම ඔබ විශ්වාසය තැබූවන් වශයෙන් සිටින්නෙහු නම් මෙයින් ඔබට (තෘප්තියක් ලැබිය හැකි) සාධකයක් ඇත්තේය”.
‘ඉස්රාඊල් දරුවන්ට ධර්ම දූතයෙකු ලෙසින් ද නියත වශයෙන් ම මම නුඹලාට නුඹලාගේ පරමාධිපතිගෙන් සංඥාවක් ගෙන ආවෙමි. සැබැවින් ම මම නුඹලාට පක්ෂියෙකු හැඩය මෙන් (ජීවියෙකු) මැටියෙන් මවා එහි පිඹිමි. එවිට එය අල්ලාහ්ගේ අනුමැතියෙන් පක්ෂියෙකු වනු ඇත. තවද මම උපතින් අන්ධ අය ද ළාදුරු රෝගීන් ද සුව කරමි. තවද අල්ලාහ්ගේ අනුමැතියෙන් මිය ගියවුනට ප්රාණය දෙමි. නුඹලා අනුභව කරන දෑ ගැන ද නුඹලාගේ නිවෙස් තුළ නුඹලා රැස් කර තබා ඇති දෑ ගැන ද මම නුඹලාට දන්වා සිටිමි. නුඹලා විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් සැබැවින් ම නුඹලාට මෙහි සාධකයක් ඇත.’
وَمُصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَىَّ مِنَ ٱلتَّوْرَىٰةِ وَلِأُحِلَّ لَكُم بَعْضَ ٱلَّذِى حُرِّمَ عَلَيْكُمْ ۚ وَجِئْتُكُم بِـَٔايَةٍۢ مِّن رَّبِّكُمْ فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿50﴾
“මා ඉදිරියේ ඇති තව්රාතය(ද මා) සත්යය කර තබා, (පෙර) ඔබට තහනම් කර තිබූ දැයෙන් සමහර දැය ඔබට අනුමත කර තැබීම සඳහාද ඔබගේ දෙවියන්ගෙන් (මෙවැනි) සාධකයක් සමග ඔබ වෙත මා පැමිණ ඇත්තෙමි. එබැවින් ඔබ අල්ලාහ්ට බිය වී මාව අනුගමනය කරනු.
‘තවද මා ඉදිරියේ ඇති තව්රාතය තහවුරු කරන්නෙකු ලෙසින් ද නුඹලා වෙත තහනම් කරනු ලැබූ ඇතැම් දෑ නුඹලාට මා අනුමත කරනු පිණිස ද වේ. තවද නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සංඥාවක් මම නුඹලා වෙත ගෙන ආවෙමි. එබැවින් නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.’
إِنَّ ٱللَّهَ رَبِّى وَرَبُّكُمْ فَٱعْبُدُوهُ ۗ هَٰذَا صِرَٰطٌۭ مُّسْتَقِيمٌۭ ﴿51﴾
නියත වශයෙන්ම අල්ලාහ්ම මගේ දෙවියන්ද ඔබගේ දෙවියන්ද වන්නේය. එබැවින් ඔහුවම ඔබ නමදිනු. මෙයයි ඍජු මාර්ගය” (යයිද පැවසුවේය).
සැබැවින් ම අල්ලාහ් මාගේ පරමාධිපති ය. නුඹලාගේ ද පරමාධිපති ය. එබැවින් නුඹලා ඔහුට නැමදුම් ඉටු කරනු. ඍජු මාර්ගය මෙයයි.
۞ فَلَمَّآ أَحَسَّ عِيسَىٰ مِنْهُمُ ٱلْكُفْرَ قَالَ مَنْ أَنصَارِىٓ إِلَى ٱللَّهِ ۖ قَالَ ٱلْحَوَارِيُّونَ نَحْنُ أَنصَارُ ٱللَّهِ ءَامَنَّا بِٱللَّهِ وَٱشْهَدْ بِأَنَّا مُسْلِمُونَ ﴿52﴾
ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු (තමන්ව) ප්රතික්ෂේප කරනු ඊසාට හැඟූනු විට, (ඔවුන්ට) “අල්ලාහ් වෙනුවෙන් මා හට උදව් කරන්නේ කවරෙක්ද?”යි විමසුවේය. (එයට ඔහුගේ) අනුගාමිකයින් “අපි අල්ලාහ් වෙනුවෙන් (ඔබට) උදව්කරුවන් වශයෙන් සිටින්නෙමු. ඇත්තෙන්ම අල්ලාහ්ව විශ්වාස කරන්නෙමු. එබැවින් නියත වශයෙන්ම අපි (සම්පූර්ණයෙන්ම ඔහුට අවනත වූ) මුස්ලිම්වරුන් බවට ඔබ සාක්ෂි දරනු මැනව!” යයි පැවසූහ.
ඔවුන්ගෙන් වූ දේව ප්රතික්ෂේපය ඊසා වටහා ගත් කල්හි ''අල්ලාහ් වෙනුවෙන් මට උදව් කරන්නන් කවුරුන් දැ?'' යි විමසා සිටියේ ය. ගෝලයෝ ''අල්ලාහ්ගේ උදව් කරුවෝ අපි වෙමු. අපි අල්ලාහ්ව විශ්වාස කළෙමු. තවද නියත වශයෙන් ම අපි මුස්ලිම්වරුන් බවට ඔබ සාක්ෂි දරනු'' යැයි පවසා සිටියෝ ය.
رَبَّنَآ ءَامَنَّا بِمَآ أَنزَلْتَ وَٱتَّبَعْنَا ٱلرَّسُولَ فَٱكْتُبْنَا مَعَ ٱلشَّٰهِدِينَ ﴿53﴾
(තවද) “අපගේ දෙවියනේ! ඔබ (මොහුට) පහළ කරන ලද (ධර්මය) අපි විශ්වාස කරන්නෙමු. (ඔබගේ) මෙම රසූල්වද අපි අනුගමනය කර කටයුතු කරන්නෙමු. එබැවින් (ඔහුව) සත්යය කරන්නන් සමග අපවද ඔබ සටහන් කර ගනු මැනව!” (යයිද එම අනුගාමිකයින් ප්රාර්ථනා කළහ).
‘අපගේ පරමාධිපතියාණනි! ඔබ පහළ කළ දෑ අපි විශ්වාස කළෙමු. රසූල්වරයාව ද අපි අනුගමනය කළෙමු. එබැවින් ඔබ අපව සාක්ෂිකරුවන් සමඟ සටහන් කර ගනු මැනව!’
وَمَكَرُوا۟ وَمَكَرَ ٱللَّهُ ۖ وَٱللَّهُ خَيْرُ ٱلْمَٰكِرِينَ ﴿54﴾
(ඊසාව ප්රතික්ෂේප කළ) ඔවුන්, (ඔහුව ඝාතනය කිරීමට) කුමන්ත්රණය කළහ. (එහෙත් අල්ලාහ් ඔහුව බේරාගෙන තමන්ගෙන් කෙනෙකුවම ඔවුන් ඝාතනය කරන මෙන්) අල්ලාහ් (ඔවුන්ට) කුමන්ත්රණ කර හැරියේය. අල්ලාහ් කුමන්ත්රණ කරන්නන්ගෙන් බලසම්පන්නය.
තවද ඔවුහු කුමන්ත්රණ කළෝ ය. අල්ලාහ් ද කුමන්ත්රණ කළේ ය. තවද අල්ලාහ් කුමන්ත්රණ කරන්නන්ගෙන් අති ශ්රේෂ්ඨයා ය.
إِذْ قَالَ ٱللَّهُ يَٰعِيسَىٰٓ إِنِّى مُتَوَفِّيكَ وَرَافِعُكَ إِلَىَّ وَمُطَهِّرُكَ مِنَ ٱلَّذِينَ كَفَرُوا۟ وَجَاعِلُ ٱلَّذِينَ ٱتَّبَعُوكَ فَوْقَ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ ۖ ثُمَّ إِلَىَّ مَرْجِعُكُمْ فَأَحْكُمُ بَيْنَكُمْ فِيمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ ﴿55﴾
(ඊසාට) අල්ලාහ් පැවසූ දැය (ඔවුන්ට) මතක් කර දෙනු: “ඕ ඊසා! නියත වශයෙන්ම මා ඔබව (ඔබගේ ආයුෂ) පූරණය කරන්නෙමි. ඔබව මාගේ සන්නිධානයට ඔසවා ගන්නෙමි. ප්රතික්ෂේප කරන්නන්ගේ (අපවාදයෙන්) ඔබව පරිශුද්ධ කර තබන්නෙමි. ඔබව අනුගමනය කරන්නන්ව, ප්රතික්ෂේප කරන්නන් කෙරෙහි විනිශ්චය දින දක්වා උසස් කරද තබන්නෙමි” (යයි පැවසීමෙන් අනතුරුව, ඕ ඊසා! එම ප්රතික්ෂේප කරන්නන්ට මා පැවසුවේ යයි ඔබ මෙසේ පවසනු (මැනව!): “(අල්ලාහ් වන) මා වෙතම ඔබ පසුවද පැමිණෙන්නෙහුය. ඔබ තර්ක කරමින් සිටින දැය ගැන (ඒ අවස්ථාවේදී) මා ඔබ අතරේ විනිශ්චය දෙන්නෙමි” (යයිද පැවසුවේය).
‘අහෝ ඊසා! සැබැවින් ම මම නුඹව අත්පත් කර ගනිමි. නුඹව මා වෙතට ඔසවා ගනිමි. ප්රතික්ෂේප කළවුන්ගෙන් මම නුඹව පිවිතුරු කරමි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින දක්වා නුඹව ප්රතික්ෂේප කළවුනට වඩා නුඹව පිළිපැද්දවුන්ව ඉහළින් තබමි. පසුව මා වෙතය නුඹලාගේ නැවත යොමු වන ස්ථානය ඇත්තේ. එවිට නුඹලා අතර නුඹලා කවර කරුණක මත භේද ඇති කර ගනිමින් සිටියෙහු ද ඒ ගැන තීන්දු දෙමි’ යැයි අල්ලාහ් පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
فَأَمَّا ٱلَّذِينَ كَفَرُوا۟ فَأُعَذِّبُهُمْ عَذَابًۭا شَدِيدًۭا فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ ﴿56﴾
එබැවින් (ඔවුන්ගෙන්) කවුරුන් (ඔබව) ප්රතික්ෂේප කරන්නෝද, ඔවුන්ව මා මෙලොවෙහිද, පරලොවෙහිද දැඩි ලෙස දඬුවම් කරමි. ඔවුන්ට උදව් කරන්නන් කිසිවෙකුත් නොසිටිනු ඇත.
ප්රතික්ෂෙප කළවුන් වූ කලි, ඔවුනට මෙලොවෙහි හා මතු ලොවෙහි දැඩි දඬුවමකින් මම දඬුවම් කරමි. තවද ඔවුනට උදව්කරුවන්ගෙන් කිසිවෙක් නොමැත.
وَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ ۗ وَٱللَّهُ لَا يُحِبُّ ٱلظَّٰلِمِينَ ﴿57﴾
කවුරුන් (ඔබව) විශ්වාස කර දැහැමි ක්රියාවන් කරන්නෝද, ඔවුන්ගේ (හොඳ) ඵලවිපාක ඔවුන්ට පූරණ වශයෙන් ලබා දෙනු ඇත. අල්ලාහ් අපරාධකරුවන්ව ප්රිය කරන්නේ නැත.
විශ්වාස කොට යහකම් කළවුන් වූ කලි, ඔවුන්ගේ ප්රතිඵල ඔවුනට ඔහු පූර්ණව පිරිනමයි. එමෙන් ම අල්ලාහ් අපරාධකරුවන් ප්රිය නො කරයි.
ذَٰلِكَ نَتْلُوهُ عَلَيْكَ مِنَ ٱلْءَايَٰتِ وَٱلذِّكْرِ ٱلْحَكِيمِ ﴿58﴾
(නබියේ!) අපි ඔබ කෙරෙහි සමුදීරණය කළ මේවා (දෙවියන්ගේ) ආයාවන් වශයෙන්ද, ඥානයෙන් (පිරි) ඔවදන් වශයෙන්ද ඇත්තේය.
එය, මෙම වදන් හා සියුම් ඥානාන්විත මෙනෙහි කිරීම තුළින් අපි නුඹට කියවා පෙන්වූ දෑ ය.
إِنَّ مَثَلَ عِيسَىٰ عِندَ ٱللَّهِ كَمَثَلِ ءَادَمَ ۖ خَلَقَهُۥ مِن تُرَابٍۢ ثُمَّ قَالَ لَهُۥ كُن فَيَكُونُ ﴿59﴾
නියත වශයෙන්ම අල්ලාහ්ගේ සන්නිධානයෙන් ඊසාගේ උපමාව, ආදම්ගේ උපමාව මෙන් වන්නේය! ඔහු, ඔහුව මැටියෙන් උත්පාදනය කර, “(මිනිසා බවට පත්) වනු” යයි පැවසුවේය. එවෙලේම (එසේ) සිදු විය.
නියත වශයෙන් ම අල්ලාහ් ඉදිරියේ ඊසාගේ උපමාව ආදම්ගේ උපමාව මෙනි. ඔහුව ඔහු පසින් මවා පසුව ඔහුට “වනු” යැයි පැවසුවේ ය. එවිට ඔහු ඇති විය.
ٱلْحَقُّ مِن رَّبِّكَ فَلَا تَكُن مِّنَ ٱلْمُمْتَرِينَ ﴿60﴾
(නබියේ! ඊසා ගැන) ඔබගේ දෙවියන්ගෙන් ලැබුණු සත්යය වූ (පුවත) මෙයයි. එබැවින් (මේ ගැන) සැක සිතන්නන්ගෙන් ඔබත් (කෙනෙකු බවට) පත් නොවනු.
මෙම සත්යය නුඹගේ පරමාධිපතිගෙනි. එබැවින් නුඹ සැක කරන්නන් අතුරින් කෙනෙකු නො වනු.
فَمَنْ حَآجَّكَ فِيهِ مِنۢ بَعْدِ مَا جَآءَكَ مِنَ ٱلْعِلْمِ فَقُلْ تَعَالَوْا۟ نَدْعُ أَبْنَآءَنَا وَأَبْنَآءَكُمْ وَنِسَآءَنَا وَنِسَآءَكُمْ وَأَنفُسَنَا وَأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَتَ ٱللَّهِ عَلَى ٱلْكَٰذِبِينَ ﴿61﴾
(නබියේ!) ඔබට සත්යය වූ පුවත ලැබුණු පසුවද, මේ ගැන ඔබ වෙත කවුරුන් හෝ තර්ක කළහොත්, (ඔවුන්ට) ඔබ මෙස් කියනු: “එනු, අපි අපගේ දරුවන්වද, ඔබගේ දරුවන්වද, අපගේ භාර්යයාවන්ද, ඔබගේ භාර්යයාවන්ද, අපවද, ඔබවද කැඳවා (ඒකරාශී කර) තබාගෙන, සෑමදෙනාම (තම තමන්ගේ කියමන් සත්යය යයි) දිව්රා, ‘(මෙයට වෙනස් ආකාරයකට පවසන) බොරුකාරයන් කෙරෙහි අල්ලාහ්ගේ ශාපය අත් වේවා!’ යයි ප්රාර්ථනා කරමු” (යයි පවසන මෙන් නියෝග කළේය. මෙසේ නබි තුමාණන් ඔවුන්ව ආරාධනා කළ අවස්ථාවේදී කිසිවෙකුත් මෙසේ දිව්රීමට ඉදිරිපත් වූවේ නැත).
නුඹ වෙත නිවැරදි දැනුම පැමිණි පසුව ඒ (ඊසා) සම්බන්ධයෙන් කවුරුන් හෝ නුඹ සමඟ වාද කළේ නම්, එවිට ඔවුනට නුඹ, “නුඹලා එනු. අපි අපගේ දරුවන් හා නුඹලාගේ දරුවන් ද අපගේ කාන්තාවන් හා නුඹලාගේ කාන්තාවන් ද අප හා නුඹලා ද කැඳවා පසුව අපි අල්ලාහ්ගේ ශාපය බොරු කාරයින් මත පත් කරමු” යැයි (නබිවරය) පවසනු.
إِنَّ هَٰذَا لَهُوَ ٱلْقَصَصُ ٱلْحَقُّ ۚ وَمَا مِنْ إِلَٰهٍ إِلَّا ٱللَّهُ ۚ وَإِنَّ ٱللَّهَ لَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿62﴾
නියත වශයෙන්ම මෙයයි සත්යය වූ ඉතිහාසය. අල්ලාහ් හැර, වෙන කිසිම දෙවියෙක් නැත. නියත වශයෙන්ම අල්ලාහ්; ඔහු (සියල්ලන්ට වඩා) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
සැබැවින් ම සත්ය කතාන්තරය වනුයේ මෙයයි. තවද අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නොමැත. තවද සැබැවින් ම අල්ලාහ් වන ඔහු මය සර්ව බලධාරී; සර්ව ප්රඥාවන්ත වනුයේ.
فَإِن تَوَلَّوْا۟ فَإِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِٱلْمُفْسِدِينَ ﴿63﴾
(නබියේ! මින් පසුවද ඔබව විශ්වාස නොකර) ඔවුන් ප්රතික්ෂේප කරන්නේ නම්, නියත වශයෙන්ම අල්ලාහ් (මෙම) නපුරන්ව හොඳින් දැන සිටින්නෙකු වශයෙන්ම සිටින්නේය.
එබැවින් ඔවුහු පිටුපෑවෙහු නම් එවිට නියත වශයෙන් ම අල්ලාහ් කලහකාරීන් පිළිබඳව සර්ව ඥානී ය.
قُلْ يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ تَعَالَوْا۟ إِلَىٰ كَلِمَةٍۢ سَوَآءٍۭ بَيْنَنَا وَبَيْنَكُمْ أَلَّا نَعْبُدَ إِلَّا ٱللَّهَ وَلَا نُشْرِكَ بِهِۦ شَيْـًۭٔا وَلَا يَتَّخِذَ بَعْضُنَا بَعْضًا أَرْبَابًۭا مِّن دُونِ ٱللَّهِ ۚ فَإِن تَوَلَّوْا۟ فَقُولُوا۟ ٱشْهَدُوا۟ بِأَنَّا مُسْلِمُونَ ﴿64﴾
(නබියේ! නැවතත් ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: ධර්මය හිමි අයවළුනි! අපටත් ඔබටත් (සමාදාන වූ) එක් මධ්යස්ථ කාරණාවක් දෙසට එනු මැනව! (එනම්) ‘අපි අල්ලාහ් මිස, වෙන කිසිවක් නමදින්නේ නැත. අපි ඔහුට කිසිම දැයක් සමාන වශයෙන් තබන්නේද නැත. අපගෙන් කිසිවෙකුත් අල්ලාහ් මිස, කිසිවෙකුත් දෙවියන් වශයෙන් ඇර ගන්නේද නැත’ (යයි පවසනු මැනව! විශ්වාසවන්තයිනි! මෙයත්) ඔවුන් ප්රතික්ෂේප කළහොත් (ඔවුන්ට) “නියත වශයෙන්ම අපි (ඔහු කෙනෙකුටම සම්පූර්ණයෙන්ම අවනත වූ) මුස්ලිම්වරුන් යයි ඔබ සාක්ෂි දරනු මැනව!” යයි ඔබ පවසා හරිනු.
‘අහෝ දහම් ලත් ජනයිනි! අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු අපි නො නමදිමු. ඔහුට කිසිවක් ආදේශ නො තබමු. අල්ලාහ්ගෙන් තොරව අප අතරින් ඇතැමෙක් ඇතැමෙකුව දෙවියන් ලෙස නො ගත යුතුය යනුවෙන් අප හා ඔබ අතර වූ පොදු සම්මත වදනක් වෙත පැමිණෙනු’ යැයි (නබිවරය!) පවසනු. එවිට ඔවුහු පිටුපෑවෙහු නම් ‘සැබැවින් ම අපි අවනත වූවන් බවට නුඹලා සාක්ෂි දරනු’ යැයි පවසනු.
يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لِمَ تُحَآجُّونَ فِىٓ إِبْرَٰهِيمَ وَمَآ أُنزِلَتِ ٱلتَّوْرَىٰةُ وَٱلْإِنجِيلُ إِلَّا مِنۢ بَعْدِهِۦٓ ۚ أَفَلَا تَعْقِلُونَ ﴿65﴾
ධර්මය හිමි අයවළුනි! ඉබ්රාහීම් ගැන (ඔහු යුදෙව්වෙකු වශයෙන් හෝ නැතහොත් ක්රිස්තියානුවෙකු වශයෙන් හෝ සිටියෙහිය යයි) කුමක් නිසා නිකරුණේ තර්ක කරමින් සිටින්නේද? (යුදෙව්වන්ගේ ධර්මය වන) තව්රාතයද, (ක්රිස්තියානුවන්ගේ ධර්මය වන) ඉන්ජීල්ද ඔහුගෙන් ඉතාමත් දීර්ඝ කාලයකට) පසුවම පහළ විය. (මෙතරම් දැයක්වත්) ඔබ දැන ගත යුතු නොවේද?
‘දහම් ලත් ජනයිනි! ඉබ්රාහීම් සම්බන්ධයෙන් නුඹලා වාද කරනුයේ මන් ද? ඔහුගෙන් පසුව මිස තව්රාතය හා ඉන්ජීලය පහළ වූයේ නැත. (ඒ ගැන) නුඹලා වටහා ගන්නේ නැති ද?’
هَٰٓأَنتُمْ هَٰٓؤُلَآءِ حَٰجَجْتُمْ فِيمَا لَكُم بِهِۦ عِلْمٌۭ فَلِمَ تُحَآجُّونَ فِيمَا لَيْسَ لَكُم بِهِۦ عِلْمٌۭ ۚ وَٱللَّهُ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ ﴿66﴾
කිමෙක්ද! ඔබ (යම් කිසිවක්) දන්නා කාරණාවෙහි නිකරුණේ තර්ක කරමින් සිටියෙහුය. ඔබ පොඩියක් හෝ නොදන්නා කාරණාවන්හිද ඔබ කුමක් නිසා තර්ක කිරීමට ඉදිරිපත් වූවේද! අල්ලාහ්ම (මේ සියල්ල) හොඳින් දන්නේය. ඔබ නොදන්නෙහුය.
මෙන්න මේ නුඹලා! නුඹලාට කවර දෙයක් ගැන දැනුමක් ඇත්තේ ද එවැනි දෙයක් පිළිබඳව නුඹලා වාද කර ඇත. එහෙත් කවර දෙයක් පිළිබඳව නුඹලාට දැනුමක් නොමැත්තේ ද එවැනි දෙයක් පිළිබඳ නුඹලා වාද කරනුයේ මන් ද? තවද අල්ලාහ් දන්නේ ය. එහෙත් නුඹලා නො දන්නෙහු ය.
مَا كَانَ إِبْرَٰهِيمُ يَهُودِيًّۭا وَلَا نَصْرَانِيًّۭا وَلَٰكِن كَانَ حَنِيفًۭا مُّسْلِمًۭا وَمَا كَانَ مِنَ ٱلْمُشْرِكِينَ ﴿67﴾
ඉබ්රාහීම් යුදෙව්වෙකු වශයෙන් සිටියේද නැත. ක්රිස්තියානුවෙකු වශයෙන් සිටියේද නැත. එහෙත් දෙවියන්ට සම්පූර්ණයෙන්ම අවනත වූ ඍජු මුස්ලිමෙකු වශයෙන්ම සිටියේය. තවද ඔහු සමානයන් තබා නමදින්නන්ගෙන්ද (කිසි දිනෙක) සිටියේ නැත.
ඉබ්රාහීම් යුදෙව්වෙකු හෝ කිතුනුවෙකු හෝ නො වීය. එනමුත් ඔහු අවංක මුස්ලිම්වරයෙකු විය. තවද ඔහු ආදේශ තබන්නන් අතුරින් කෙනෙක් ද නො වීය.
إِنَّ أَوْلَى ٱلنَّاسِ بِإِبْرَٰهِيمَ لَلَّذِينَ ٱتَّبَعُوهُ وَهَٰذَا ٱلنَّبِىُّ وَٱلَّذِينَ ءَامَنُوا۟ ۗ وَٱللَّهُ وَلِىُّ ٱلْمُؤْمِنِينَ ﴿68﴾
නියත වශයෙන්ම මිනිසුන්ගෙන් ඉබ්රාහීම්ට ඉතාමත් සමීප කෙනා (කවුරුන්දයත්) ඔහුව අනුගමනය කරන්නන් හා මෙම නබිද, (මොහුව) විශ්වාස කළ අයද වන්නාහ. අල්ලාහ් මෙම විශ්වාසවන්තයින්ව (ප්රිය කර) බේරා ගන්නෙකු වශයෙන් සිටින්නේය.
නියත වශයෙන් ම මිනිසුන්ගෙන් ඉබ්රාහීම්ට වඩා සමීපතම අය වනුයේ, ඔහුව ද, මෙම නබිවරයාව ද, අනුගමනය කළවුන් හා විශ්වාස කළවුන් ය. තවද අල්ලාහ් විශ්වාස කරන්නන්ගේ භාරකරු ය.
وَدَّت طَّآئِفَةٌۭ مِّنْ أَهْلِ ٱلْكِتَٰبِ لَوْ يُضِلُّونَكُمْ وَمَا يُضِلُّونَ إِلَّآ أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ ﴿69﴾
ධර්මය හිමි අයගෙන් එක් සමූහයක් ඔබව මාර්ගය වැරද යාමට සැලැස්වීමට කැමති කරන්නාහ. ඔවුන් තමන්වම මිස, (ඔබව) මාර්ගය වැරද යාමට සැලැස්වීමට නොහැක. (මෙය) ඔවුන් වටහා ගන්නේ නැත.
‘නුඹලාව නොමඟ යවන්නට ඇත් නම්’ යැයි දහම් ලත් ජනයා අතරින් පිරිසක් ප්රිය කරති. ඔවුන්ව ම මිස වෙනත් කිසිවෙකුව ඔවුන් නොමඟ හැරියේ නැත. එහෙත් ඔවුහු (එය) වටහා නො ගන්නෝ ය.
يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لِمَ تَكْفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَأَنتُمْ تَشْهَدُونَ ﴿70﴾
ධර්මය හිමි අයවළුනි! ඔබ (සාධකයන් බොහොමයක්) දුටුවායින් පසුවද අල්ලාහ්ගේ ආයාවන් ඔබ කුමක් නිසා ප්රතික්ෂේප කරන්නෙහුද?
‘අහෝ දහම් ලත් ජනයිනි! නුඹලා සාක්ෂි දරමින් සිටිය දී අල්ලාහ්ගේ වැකි නුඹලා ප්රතික්ෂේප කරනුයේ මන් ද?’
يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لِمَ تَلْبِسُونَ ٱلْحَقَّ بِٱلْبَٰطِلِ وَتَكْتُمُونَ ٱلْحَقَّ وَأَنتُمْ تَعْلَمُونَ ﴿71﴾
ධර්මය හිමි අයවළුනි! ඇත්ත බොරුවත් සමග කුමක් නිසා පටළවන්නෙහුද? ඔබ (හොඳින්) දැන සිටියදී කුමක් නිසා සත්යය වසං කරන්නෙහුද?
‘දහම් ලත් ජනයිනි! සත්යය සමඟ අසත්යය නුඹලා මුසු කරනුයේ මන් ද? නුඹලා දැනුවත්ව සිටිය දී සත්යය වසන් කරන්නෙහු ය.’
وَقَالَت طَّآئِفَةٌۭ مِّنْ أَهْلِ ٱلْكِتَٰبِ ءَامِنُوا۟ بِٱلَّذِىٓ أُنزِلَ عَلَى ٱلَّذِينَ ءَامَنُوا۟ وَجْهَ ٱلنَّهَارِ وَٱكْفُرُوٓا۟ ءَاخِرَهُۥ لَعَلَّهُمْ يَرْجِعُونَ ﴿72﴾
ධර්මය හිමි අයගෙන් එක් සමූහයක් (තම වාර්ගිකයින්ට) මෙසේ පවසන්නාහ: “ඔබ විශ්වාසය තැබූවන්ට පහළ කරන ලද (මෙම ධර්මය) උදේ කාලයේ විශ්වාස කර, සවස් කාලයේ (එය) ප්රතික්ෂේප කර හරිනු. (මෙමගින් විශ්වාසය තැබූ) ඔවුන්ද, (අවුල් වී තම විශ්වාසයෙන්) හැරී යනු ඇත”.
දහම් ලත් ජනයා අතුරින් පිරිසක් (තම වාර්ගිකයින්ට) “විශ්වාස කළවුනට පහළ කළ දෑ නුඹලා දහවල් කාලයේ විශ්වාස කර, එහි අවසන් භාගයේ නුඹලා ප්රතික්ෂේප කරනු. ඔවුන්(ගේ විශ්වාසයෙන්) නැවත හැරී පැමිණිය හැකි” යැයි පවසති.
وَلَا تُؤْمِنُوٓا۟ إِلَّا لِمَن تَبِعَ دِينَكُمْ قُلْ إِنَّ ٱلْهُدَىٰ هُدَى ٱللَّهِ أَن يُؤْتَىٰٓ أَحَدٌۭ مِّثْلَ مَآ أُوتِيتُمْ أَوْ يُحَآجُّوكُمْ عِندَ رَبِّكُمْ ۗ قُلْ إِنَّ ٱلْفَضْلَ بِيَدِ ٱللَّهِ يُؤْتِيهِ مَن يَشَآءُ ۗ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌۭ ﴿73﴾
“ඔබගේ ධර්මය අනුගමනය කළ අය හැර, (වෙන කිසිවෙකුත්) ඔබ විශ්වාස නොකරනු” (යයිද පවසන්නාහ. මෙයට නබියේ!) ඔබ මෙසේ පවසනු: “නියත වශයෙන්ම අල්ලාහ්ගේ මාර්ගයම ඍජු මාර්ගයයි”. (තවද ඔවුන් තම වාර්ගිකයින්ට) “ඔබට දෙනු ලැබූවක් මෙන් දැයක් (ධර්මයක්) වෙනත් කිසිවෙකුටත් දෙනු ලබනු ඇතැයි යනුවෙන් හෝ නැතහොත් ඔවුන් ඔබගේ දෙවියන් ඉදිරියේ තර්ක කරනු ඇත (යනුවෙන් හෝ නැතහොත් ඔබව ජයග්රහණය කරන්නාහ) යනුවෙන් හෝ (විශ්වාස නොකරනු!” යයිද පවසන්නාහ. එයට නබියේ!) ඔබ මෙසේ පවසනු: (ධර්මය නමැති) ඉමහත් භාග්යය නියත වශයෙන්ම අල්ලාහ්ගේ අතෙහිම ඇත්තේය. එය ඔහු කැමැත්තන්ටම දෙන්නේය. අල්ලාහ් ඉතාමත් විශාලවන්තයෙකු වශයෙන්ද, (මිනිසුන්ගේ හැකියාවන්) හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය.
තවද ‘නුඹලාගේ දහම පිළිපදින අයව පමණක් මිස (වෙන කිසිවෙකු) නුඹලා විශ්වාස නො කරනු.’ (යැයි ද ඔවුහු පවසති.) ‘සැබැවින් ම සැබෑ මඟ පෙන්වීම වනුයේ අල්ලාහ්ගේ මඟ පෙන්වීම’ යැයි (නබිවරය!) නුඹ පවසනු. ‘(තවදුරටත්) නුඹලාට දෙනු ලැබුවක් මෙන් (දේව ග්රන්ථයක්) කිසිවෙකුට දෙනු ලබනු ඇතැ යි හෝ ඔවුන් නුඹලාගේ පරමාධිපති අබියස වාද කරනු ඇතැ යි හෝ නුඹලා විශ්වාස නො කරනු.’ (යැයි ඔවුහු පවසති) “සැබෑ භාග්යය අල්ලාහ්ගේ අතෙහි ය. එය ඔහු අභිමත අයට පිරිනමන්නේ ය. තවද අල්ලාහ් සර්ව ව්යාපක ය; සර්ව ඥානී ය” යැයි (නබිවරය නුඹ) පවසනු.
يَخْتَصُّ بِرَحْمَتِهِۦ مَن يَشَآءُ ۗ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ ﴿74﴾
ඔහු තමන් කැමැත්තන්ව තම දයාවට නතු කර ගන්නේය. අල්ලාහ් ඉමහත් දානපතියෙකු වශයෙන්ද සිටින්නේය.
තමන් අභිමත කරන උදවියට අල්ලාහ් ඔහුගේ දයාව නියම කරන්නේ ය. තවද අල්ලාහ් අතිමහත් භාග්යයෙන් යුක්ත ය.
۞ وَمِنْ أَهْلِ ٱلْكِتَٰبِ مَنْ إِن تَأْمَنْهُ بِقِنطَارٍۢ يُؤَدِّهِۦٓ إِلَيْكَ وَمِنْهُم مَّنْ إِن تَأْمَنْهُ بِدِينَارٍۢ لَّا يُؤَدِّهِۦٓ إِلَيْكَ إِلَّا مَا دُمْتَ عَلَيْهِ قَآئِمًۭا ۗ ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا۟ لَيْسَ عَلَيْنَا فِى ٱلْأُمِّيِّۦنَ سَبِيلٌۭ وَيَقُولُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ وَهُمْ يَعْلَمُونَ ﴿75﴾
(නබියේ!) ධර්මය හිමි අයගෙන් සමහරෙකු සිටින්නාහ; ඔවුන් වෙත ඔබ (රණ්) පොදියක් විශ්වාස කර දුන්නා වුවද, (කිසිම අඩුවක් නැතිව) එය ඔබ වෙත ආපසු දෙනු ලබන්නාහ. ඔවුන්ගෙන් තවත් සමහරෙකුද සිටින්නාහ; ඔවුන් වෙත ඔබ (සුළු ප්රමාණයක) මුදලක් විශ්වාස කර බාර දුන්නා වුවද, ඒ වෙනුවෙන් ඔබ (සණ්ඩු සරුවල් කර) ඔවුන් (හිස) මත සිටින තුරු එය ආපසු ලබා දෙන්නේ නැත. මෙයට හේතුව “නූගතුන්ගේ කාරණාවෙහි (අපි කුමන නපුරක් කළා වුවද, ඒ වෙනුවෙන්) අපව (වරදට හසු කර ගැනීමට ක්රමයක් නැත” යයි ඔවුන් (සමච්චලෙන් මෙන්) පැවසීමය. නමුත් ඔවුන් දැන දැනම (තමන්ව වරදට හසු කර ගන්නේ නැත යයි) අල්ලාහ් කෙරෙහි බොරු ගොතා කියන්නාහ.
දහම් ලත් ජනයා අතුරින් ඇතැම්හු නුඹ ඔහුට රන් පොදියක් භාර කළේ නම් එය නුඹට නැවත ලබා දෙති. එමෙන් ම තවත් ඇතැම්හු නුඹ ඔහුට දීනාරයක් භාර කළේ නම්, ඒ කෙරෙහි නුඹ නිරන්තරයෙන් (ඉල්ලා) සිටින තෙක් මිස නුඹ වෙත එය නැවත ලබා නො දෙති. එය, ලිවීමට කියවීමට නො දත් අය අතර අපට විරුද්ධව කිසිදු මඟක් නො මැතැ යි ඔවුන් පැවසූ බැවිනි. තවද ඔවුහු දැනදැන ම අල්ලාහ් ගැන බොරු ප්රකාශ කරති.
بَلَىٰ مَنْ أَوْفَىٰ بِعَهْدِهِۦ وَٱتَّقَىٰ فَإِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُتَّقِينَ ﴿76﴾
(ඇත්ත) එසේ නොව. කවුරුන් තමන්ගේ පොරොන්දුව ඉටු කර, (දෙවියන්ට) බිය වී කටයුතු කරන්නෝද, (ඔවුන්ව වරදට හසු කර ගන්නේ නැත). නියත වශයෙන්ම අල්ලාහ් (මෙවැනි) භය භක්තිකයින්ව ප්රිය කරන්නේය.
එසේ නොව කවරෙකු තම ගිවිසුම ඉටු කර බැතිමත් වූයේ ද සැබැවින් ම අල්ලාහ් බැතිමත් අයව ප්රිය කරන්නේ ය.
إِنَّ ٱلَّذِينَ يَشْتَرُونَ بِعَهْدِ ٱللَّهِ وَأَيْمَٰنِهِمْ ثَمَنًۭا قَلِيلًا أُو۟لَٰٓئِكَ لَا خَلَٰقَ لَهُمْ فِى ٱلْءَاخِرَةِ وَلَا يُكَلِّمُهُمُ ٱللَّهُ وَلَا يَنظُرُ إِلَيْهِمْ يَوْمَ ٱلْقِيَٰمَةِ وَلَا يُزَكِّيهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌۭ ﴿77﴾
කවුරුන් අල්ලාහ් වෙත කළ පොරොන්දුවද, තමන්ගේ දිව්රුම්ද සුළු මුදලකට විකුණා දමන්නෝද, ඔවුන්ට පරලොවදී නියත වශයෙන්ම කිසිම (හොඳ) භාග්යයක් නැත. තවද අල්ලාහ් (විනිශ්චය දිනදී) ඔවුන් සමග (ආශාවෙන්) කතා කරන්නේද නැත. ඔවුන්ව විනිශ්චය දිනදී (ආදරයෙන් හැරී) බලන්නේද නැත. ඔවුන්ව පරිශුද්ධ කර හරින්නේද නැත. ඔවුන්ට වේදනා ගෙන දෙන දඬුවම්ද ඇත.
සැබැවින් ම අල්ලාහ්ගේ ගිවිසුම ද ඔවුන්ගේ දිවුරුම් ද සුළු මිලකට විකුණන්නන් වනාහි මතු ලොවෙහි කිසිදු කොටසක් නො ලබනුයේ ඔවුහු ම ය. එමෙන් ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී අල්ලාහ් ඔවුන් සමඟ කතා නො කරයි. ඔවුන් දෙස නො බලයි. තවද ඔවුන්ව පිවිතුරු නො කරයි. ඔවුනට වේදනීය දඬුවමක් ද ඇත.
وَإِنَّ مِنْهُمْ لَفَرِيقًۭا يَلْوُۥنَ أَلْسِنَتَهُم بِٱلْكِتَٰبِ لِتَحْسَبُوهُ مِنَ ٱلْكِتَٰبِ وَمَا هُوَ مِنَ ٱلْكِتَٰبِ وَيَقُولُونَ هُوَ مِنْ عِندِ ٱللَّهِ وَمَا هُوَ مِنْ عِندِ ٱللَّهِ وَيَقُولُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ وَهُمْ يَعْلَمُونَ ﴿78﴾
නියත වශයෙන්ම ඔවුන්ගෙන් එක් සමූහයක් ඇත්තාහ; ඔවුන් ධර්මය (ශුද්ධ වූ කුර්ආනය) කියවන විට, (ඒ සමග බොහොමයක් වෙනත් වගන්තීන්ද කළවම් කර), ඒවාද ධර්මයෙහි ඇත්තේය යයි ඔබ අදහස් කර ගැනීම පිණිස තමන්ගේ දිව (කට) ඇද කරමින් කියවන්නාහ. එහෙත් ඒවා ධර්මයෙහි ඇති දැය නොව. තවද ඔවුන් “එය අල්ලාහ් වෙතින් පැමිණ ඇත” යයිද පවසන්නාහ. එය අල්ලාහ් වෙතින් පැමිණි දැයද නොව. ඔවුන් හොඳින් දැන දැනම අල්ලාහ් මත (මෙසේ) බොරු ගොතා කියන්නාහ.
තවද නියත වශයෙන් ම ඔවුන් අතරින් තවත් පිරිසක් ද වෙති. ඔවුහු ධර්ම ග්රන්ථය දිවවල් හරවමින් කියවති. එය, ධර්ම ග්රන්ථයේ දෙයක් බව නුඹලා සිතනු පිණිස ය. එහෙත් එය ධර්ම ග්රන්ථයෙන් නො වෙයි. එමෙන් ම එය අල්ලාහ් වෙතින් යැයි පවසති. එහෙත් එය අල්ලාහ් වෙතින් ද නො වෙයි. තවද ඔවුහු දැනුවත්ව ම අල්ලාහ් කෙරෙහි බොරු ගොතා පවසති.
مَا كَانَ لِبَشَرٍ أَن يُؤْتِيَهُ ٱللَّهُ ٱلْكِتَٰبَ وَٱلْحُكْمَ وَٱلنُّبُوَّةَ ثُمَّ يَقُولَ لِلنَّاسِ كُونُوا۟ عِبَادًۭا لِّى مِن دُونِ ٱللَّهِ وَلَٰكِن كُونُوا۟ رَبَّٰنِيِّۦنَ بِمَا كُنتُمْ تُعَلِّمُونَ ٱلْكِتَٰبَ وَبِمَا كُنتُمْ تَدْرُسُونَ ﴿79﴾
මිනිසෙකුට ධර්මයද ඥානයද නබිත්වයද අල්ලාහ් ලබා දුන් පසු ඔහු මිනිසුන්ට “අල්ලාහ් හැර මාවම නමදිනු” යයි පැවසීමට (මගක්) නැත. එහෙත් (මිනිසුන්ට) “ඔබ ධර්මය (අන් අයට) උගන්වා දෙමින්ද, සමුදීරණය කරමින්ද, සිටීමේ හේතුවෙන් (එහි ඇති සේ) දෙවියන් (එක් කෙනෙකුවම නමදින) වහලූන් බවට පත් වනු” (යයිම පවසනු ඇත).
කෙනෙකුට ධර්ම ග්රන්ථය ද ප්රඥාව ද නබිත්වය ද පිරිනමා තිබිය දී, ඉන් අනතුරුව අල්ලාහ්ව හැර දමා මට ම දාසයින් වී සිටිනු යැයි ජනයාට පැවසීමට කිසිදු මිනිසෙකුට බලයක් නැත. එහෙත් දේව ග්රන්ථය නුඹලා උගන්වමින් සිටින බැවින් ද, නුඹලා ඉගෙන ගනිමින් සිටින බැවින් ද නුඹලා ගැඹුරු ප්රඥාවෙන් යුත් විද්වතුන් වනු. (යැයි ඔහු පවසනු ඇත)
وَلَا يَأْمُرَكُمْ أَن تَتَّخِذُوا۟ ٱلْمَلَٰٓئِكَةَ وَٱلنَّبِيِّۦنَ أَرْبَابًا ۗ أَيَأْمُرُكُم بِٱلْكُفْرِ بَعْدَ إِذْ أَنتُم مُّسْلِمُونَ ﴿80﴾
තවද “මලායිකාවරුන්වද, නබිවරුන්වද දෙවිවරුන් වශයෙන් ඇර ගනු” යයිද ඔහු ඔබට අණ කරන්නේ නැත. කිමෙක්ද! (දෙවියන් කෙනෙකුටම) ඔබ සම්පූර්ණයෙන්ම අවනත වූවායින් පසු, (එය) ප්රතික්ෂේප කරන මෙන් ඔහු ඔබට නියෝග කරනු ඇත්ද?
තවද නුඹලා මලක්වරුන් හා නබිවරුන් දෙවිවරුන් ලෙස ගැනීමට ඔහු නුඹලාට නියෝග නො කරයි. නුඹලා මුස්ලිම්වරුන් බවට පත් වූ පසු දේව ප්රතික්ෂේපය ඔහු නුඹලාට අණ කරනු ඇත් ද?
وَإِذْ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ ٱلنَّبِيِّۦنَ لَمَآ ءَاتَيْتُكُم مِّن كِتَٰبٍۢ وَحِكْمَةٍۢ ثُمَّ جَآءَكُمْ رَسُولٌۭ مُّصَدِّقٌۭ لِّمَا مَعَكُمْ لَتُؤْمِنُنَّ بِهِۦ وَلَتَنصُرُنَّهُۥ ۚ قَالَ ءَأَقْرَرْتُمْ وَأَخَذْتُمْ عَلَىٰ ذَٰلِكُمْ إِصْرِى ۖ قَالُوٓا۟ أَقْرَرْنَا ۚ قَالَ فَٱشْهَدُوا۟ وَأَنَا۠ مَعَكُم مِّنَ ٱلشَّٰهِدِينَ ﴿81﴾
නබිවරුන් (මගින් ඔබගේ මුතුන් මිත්තන්) වෙත අල්ලාහ් පොරොන්දු ලබා ගත් අවස්ථාවේදී (ඔවුන්ට) “ධර්මයද, ඥානයද මා ඔබට ලබා දී ඇත්තෙමි. (මින්) පසුවද ඔබ අත ඇති දැය සත්යය කරන එක් නබිවරයෙකු පැමිණෙන්නේ නම් ඔහුව ඔබ ඇත්තෙන්ම විශ්වාස කර, නියත වශයෙන්ම ඔහුට උදව් කළ යුතුය” (යයි පැවසීමෙන් අනතුරුව “මෙය) ඔබත් ස්ථීර කරන්නෙහුද? මගේ මෙම නියෝගය පිළි ගත්තෙහුද?”යි විමසුමට, ඔවුන් “අපි (එය) බාර ගත්තෙමු” යයිම පැවසූහ. එයට (දෙවියන් “මෙයට) ඔබ සාක්ෂි දරනු. මමත් ඔබ සමග සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකු බවට සිටින්නෙමි” යයි පැවසුවේය.
තවද අල්ලාහ් නබිවරුන්ගෙන් ප්රතිඥා ලබා ගත් අවස්ථාව සිහිපත් කරනු. (ඔවුන් අමතා) මා නුඹලාට දේව ග්රන්ථය හා ප්රඥාව ප්රදානය කර ඇත්තෙමි. ඉන් පසුව නුඹලා සමඟ ඇති දහම් කරුණු සත්යය කර වන ධර්ම දූතයෙකු පැමිණෙයි. නුඹලා ඔහුව සැබෑ ලෙස විශ්වාස කළ යුතු ය. නුඹලා ඔහුට සැබැවින් ම උදව් කළ යුතු ය. මෙය නුඹලා පිළිගත්තෙහු ද, ඒ සම්බන්ධයෙන් වූ මාගේ බලවත් ප්රතිඥාව නුඹලා ගත්තෙහු ද? යනුවෙන් ඔහු (අල්ලාහ්) විමසුවේ ය. අපි "පිළිගත්තෙමු" යැයි ඔවුහු පැවසුවෝ ය. එසේ නම් නුඹලා එයට සාක්ෂි දරනු. තවද මම ද නුඹලා සමඟ සාක්ෂි දරන්නන් අතුරින් වෙමි යැයි පැවසුවේ ය.
فَمَن تَوَلَّىٰ بَعْدَ ذَٰلِكَ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْفَٰسِقُونَ ﴿82﴾
මින් පසුවද කවුරුන් හෝ ප්රතික්ෂේප කළහොත් නියත වශයෙන්ම ඔවුන් පාපතරයන්ම වන්නාහ.
එබැවින් කවරෙකු ඉන් පසුව පිටුපෑවේ ද එවිට පාපතරයෝ වන්නෝ ඔවුහු ම ය.
أَفَغَيْرَ دِينِ ٱللَّهِ يَبْغُونَ وَلَهُۥٓ أَسْلَمَ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ طَوْعًۭا وَكَرْهًۭا وَإِلَيْهِ يُرْجَعُونَ ﴿83﴾
අල්ලාහ්ගේ ධර්මය හැර (වෙනත් ධර්මයක්ද) මොවුන් කැමති වන්නේ? අහස්හිද භූමියෙහිද ඇති සියල්ලම (ඒවා) කැමති වුවද අකමැති වුවද ඔහුට යටහත් පහත් වෙමින්ම කටයුතු කරන්නාහ. තවද (ඒවා සියල්ලම) ඔහු වෙතම ගෙන එනු ලබන්නේය.
අල්ලාහ්ගේ දහම හැර ඔවුන් සොයන වෙනත් යමක් තිබේ ද? අහස් හා මහපොළොව තුළ ඇති අය කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ ඔහුට ම යටහත් වෙති. තවද ඔහු වෙත ම ඔවුහු නැවත යොමු කරනු ලබන්නෝ ය.
قُلْ ءَامَنَّا بِٱللَّهِ وَمَآ أُنزِلَ عَلَيْنَا وَمَآ أُنزِلَ عَلَىٰٓ إِبْرَٰهِيمَ وَإِسْمَٰعِيلَ وَإِسْحَٰقَ وَيَعْقُوبَ وَٱلْأَسْبَاطِ وَمَآ أُوتِىَ مُوسَىٰ وَعِيسَىٰ وَٱلنَّبِيُّونَ مِن رَّبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍۢ مِّنْهُمْ وَنَحْنُ لَهُۥ مُسْلِمُونَ ﴿84﴾
(නබියේ!) ඔබ මෙසේ පවසනු: අල්ලාහ්වද, තමන් කෙරෙහි පහළ කරනු ලැබූ දැයද; ඉබ්රාහීම්, ඉස්මායීල්, ඉස්හාක්, යාකූබ් ආදීන් කෙරෙහිද ඔවුන්ගේ දරුවන් කෙරෙහිද, පහළ කරනු ලැබූ දැයද; මූසා, ඊසා ආදී අනිත් නබිවරුන්ට ඔවුන්ගේ දෙවියන් විසින් පහළ කරනු ලැබූ දැයද, අපි විශ්වාස කරන්නෙමු. මොවුන්ගෙන් කිසිවෙකුත් (‘නබිවරයෙකු නොවේ’ යයි) අපි වෙන්කර නොහරිමු. ඔහුටම (අල්ලාහ් එක් කෙනෙකුටම) අපි සම්පූර්ණයෙන්ම අවනත වී කටයුතු කරන්නෙමු.
‘අපි අල්ලාහ්ව ද, අප වෙත පහළ කරනු ලැබූ දෑ ද ඉබ්රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා යඃකූබ්ගේ පරපුරට දෙනු ලැබු දෑ ද තම පරමාධිපතිගෙන් මූසා, ඊසා හා නබිවරුන්ට දෙනු ලැබූ දෑ ද විශ්වාස කළෙමු. ඔවුන් අතරින් කිසිවෙකු අතර වෙනස්කම් ඇති නො කරමු. තවද අපි ඔහුට අවනත වන්නෝ (මුස්ලිම්වරුන්) වෙමු’ යැයි නුඹ පවසනු.
وَمَن يَبْتَغِ غَيْرَ ٱلْإِسْلَٰمِ دِينًۭا فَلَن يُقْبَلَ مِنْهُ وَهُوَ فِى ٱلْءَاخِرَةِ مِنَ ٱلْخَٰسِرِينَ ﴿85﴾
“ඉස්ලාමය හැර (වෙන කිසියම්) ධර්මයක් කවුරුන් හෝ කැමති වුවහොත් නියත වශයෙන්ම ඔහුගෙන් (එය) බාර ගනු ලබන්නේ නැත. පරලොවදී ඔහු පරාජිතයින්ගෙන් කෙනෙකු වශයෙන් සිටිනු ඇත”.
කවරෙකු ඉස්ලාමය හැර වෙනත් දහමක් සොයන්නේ ද එවිට ඔහුගෙන් කිසිවක් පිළිගනු නො ලබන්නේ ම ය. තවද ඔහු මතු ලොවෙහි අලාභ වන්තයින් අතුරින් කෙනෙකි.
كَيْفَ يَهْدِى ٱللَّهُ قَوْمًۭا كَفَرُوا۟ بَعْدَ إِيمَٰنِهِمْ وَشَهِدُوٓا۟ أَنَّ ٱلرَّسُولَ حَقٌّۭ وَجَآءَهُمُ ٱلْبَيِّنَٰتُ ۚ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ ﴿86﴾
අල්ලාහ් කෙසේ එක් සමුහයක් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේද? ඔවුන් නම් තමන් වෙත පැමිණි බොහොමයක් සාධකයන් මගින් නියත වශයෙන්ම (අල්ලාහ්ගේ) රසූල්වරයාණන් සත්යවන්තයෙකු යයි සාක්ෂි දරා, විශ්වාසය තැබූවායින් පසුවද (ඔබව) ප්රතික්ෂේප කරන්නාහ. අල්ලාහ් (මෙවැනි) අපරාධකාර ජනතාව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත.
රසූල්වරයා සත්යය යැයි සාක්ෂි දරා ඔහුව ඔවුන් විශ්වාස කොට ඔවුන් වෙත පැහැදිලි සාධක පැමිණි පසුවත් ප්රතික්ෂේප කළ ජනයාව අල්ලාහ් යහ මඟ යොමු කරනුයේ කෙසේ ද? අල්ලාහ් මෙවැනි අපරාධකාර පිරිසට මඟ පෙන්වන්නේ නැත.
أُو۟لَٰٓئِكَ جَزَآؤُهُمْ أَنَّ عَلَيْهِمْ لَعْنَةَ ٱللَّهِ وَٱلْمَلَٰٓئِكَةِ وَٱلنَّاسِ أَجْمَعِينَ ﴿87﴾
මෙවැන්නන්ට (ඔවුන්ගේ ක්රියාවන්ට සරිලන) ඵලවිපාක නම්, මොවුන් කෙරෙහි නියත වශයෙන්ම අල්ලාහ්, මලායිකාවරුන්, මිනිසුන් ආදී සියල්ලන්ගේම ශාපයයි!
සැබැවින් ම ඔවුන් වනාහි ඔවුන් කෙරෙහි අල්ලාහ්ගේ ද මලක්වරුන්ගේ ද සියලු මිනිසුන්ගේ ද ශාපය ප්රතිඵල වශයෙන් හිමි වන්නෝ.
خَٰلِدِينَ فِيهَا لَا يُخَفَّفُ عَنْهُمُ ٱلْعَذَابُ وَلَا هُمْ يُنظَرُونَ ﴿88﴾
මෙයින්ම (මෙම ශාපයෙන්ම) ඔවුන් සැමදා රැඳී සිටින්නාහ. දඬුවම ඔවුන්ට ලෙහෙසි කරනු ලබන්නේද නැත. ඔවුන්ට විවේකයක් දෙනු ලබන්නේද නැත.
එහි (නිරයේ) ඔවුන් සදාතනිකයින් ය. ඔවුන්ගෙන් දඬුවම සැහැල්ලු කරනු නො ලැබේ. තවද ඔවුනට අවකාශය දෙනු නො ලැබේ.
إِلَّا ٱلَّذِينَ تَابُوا۟ مِنۢ بَعْدِ ذَٰلِكَ وَأَصْلَحُوا۟ فَإِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌ ﴿89﴾
එහෙත් මින් පසුවද, කවුරුන් හෝ පශ්චාතාප වී (පාපයන්ගෙන් ඈත් වී) හැඩ ගැසුණහොත් (අල්ලාහ් ඔවුන්ට සමාව දෙනු ඇත). මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් සමාව දෙන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන්ම සිටින්නේය.
එහෙත් ඉන්පසුව පශ්චාත්තාප වී තමන් නිවැරදි කර ගත් අය හැර. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විත ය.
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ بَعْدَ إِيمَٰنِهِمْ ثُمَّ ٱزْدَادُوا۟ كُفْرًۭا لَّن تُقْبَلَ تَوْبَتُهُمْ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلضَّآلُّونَ ﴿90﴾
එහෙත් කවුරුන් විශ්වාසය තැබීමෙන් පසු ප්රතික්ෂේප කර, එම ප්රතික්ෂේපයේම අධික වන්නෝද, ඔවුන්ගේ සමාව ඉල්ලීම නියත වශයෙන්ම බාර ගනු නොලැබේ. ඔවුන්ම (සම්පූර්ණයෙන්) මාර්ගය වැරද ගියවුන් වන්නාහ.
නියත වශයෙන් ම තම විශ්වාසයෙන් පසුව ප්රතික්ෂේප කොට අනතුරුව ප්රතික්ෂේපය අධික වූවන් වනාහි ඔවුන්ගේ පශ්චාත්තාපය පිළිගනු නො ලබන්නේ ම ය. තවද මුළාවූවෝ ඔවුහු ම ය.
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَمَاتُوا۟ وَهُمْ كُفَّارٌۭ فَلَن يُقْبَلَ مِنْ أَحَدِهِم مِّلْءُ ٱلْأَرْضِ ذَهَبًۭا وَلَوِ ٱفْتَدَىٰ بِهِۦٓ ۗ أُو۟لَٰٓئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌۭ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ ﴿91﴾
නියත වශයෙන්ම කවුරුන් ප්රතික්ෂේප කර, (එම ප්රතික්ෂේපයෙන් නොමිදී) ප්රතික්ෂේප කරමින්ම මරණයට පත් වන්නෝද, ඔවුන්ගෙන් කෙනෙකුට මෙම භූමියෙහි බොහෝ සේ රත්රන් තිබී, එය (තම වරදට සමාව ලබා ගැනීම සඳහා ඒ සියල්ල) තමන්ට වන්දි වශයෙන් දුන්නද, (එය) බාර ගනු ලබන්නේ නැත.මෙවැන්නන්ටම වේදනා ගෙන දෙන දඬුවම් ඇත. මොවුන්ට උදව් කරන්නන්ද (එහිදී) කිසිවෙකුත් නැත.
නියත වශයෙන් ම ප්රතික්ෂේප කොට ප්රතික්ෂේපකයින් ලෙස සිටිය දීම මිය ගියවුන් වනාහි මහපොළොව රනින් පිරී එය වන්දි වශයෙන් ගෙවනු ලැබුව ද ඔවුන් කිසිවෙකුගෙන් එය පිළිගනු නො ලබන්නේ ම ය. ඔවුනට වේදනීය දඬුවම ඇත. තවද ඔවුනට උදව්කරුවන් අතරින් කිසිවෙකු ද නොමැත.
لَن تَنَالُوا۟ ٱلْبِرَّ حَتَّىٰ تُنفِقُوا۟ مِمَّا تُحِبُّونَ ۚ وَمَا تُنفِقُوا۟ مِن شَىْءٍۢ فَإِنَّ ٱللَّهَ بِهِۦ عَلِيمٌۭ ﴿92﴾
(දානමාන කරන්නේ නම්), ඔබ කැමති වස්තුවෙන් වියදම් නොකරන තුරු නියත වශයෙන්ම ඔබට පින් අයිති වන්නේ නැත. (දානමාන වශයෙන්) ඔබ කුමක් වියදම් කළා වුවද, නියත වශයෙන්ම අල්ලාහ් එයද හොඳින් දන්නේය.
නුඹලා ප්රිය කරන දැයින් වියදම් කරන තෙක් නුඹලා යහපත නො ලබන්නෙහු ම ය. තවද කවර දැයකින් නුඹලා වියදම් කරන්නේ ද ඒ පිළිබඳව නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ඥානී ය.
۞ كُلُّ ٱلطَّعَامِ كَانَ حِلًّۭا لِّبَنِىٓ إِسْرَٰٓءِيلَ إِلَّا مَا حَرَّمَ إِسْرَٰٓءِيلُ عَلَىٰ نَفْسِهِۦ مِن قَبْلِ أَن تُنَزَّلَ ٱلتَّوْرَىٰةُ ۗ قُلْ فَأْتُوا۟ بِٱلتَّوْرَىٰةِ فَٱتْلُوهَآ إِن كُنتُمْ صَٰدِقِينَ ﴿93﴾
තව්රාතය පහළ වීමට පෙර ඉස්රායීල්වරුන්ට සෑම ආහාරයක්ම අනුමත කර තිබුණි. එහෙත් (යාකූබ් වන) ඉස්රායීල්වරුන් තමන්ට තහනම් කර ගත් දැය හැර. (එබැවින් මෙයට වෙනස් අන්දමින් පවසන යුදෙව්වන්ට නබියේ!) ඔබ මෙසේ කියනු: “ඔබ ඇත්තෙන්ම සත්යය ප්රකාශ කරන්නන් වශයෙන් සිටින්නෙහු නම්, තව්රාතය ගෙනැවිත් එය කියවා පෙන්වනු”.
‘තව්රාතය පහළ කරනු ලැබීමට පෙර ඉස්රාඊල් (යඃකූබ්) තමන් කෙරෙහි තහනම් කර ගත් දෑ හැර සෙසු ආහාර සියල්ල ඉස්රාඊල් දරුවන්ට අනුමතව තිබිණ’ යැයි (නබිවරය!) පවසනු. එහෙයින් නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් තව්රාතය ගෙනැවිත් එය කියවා බලනු.
فَمَنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ مِنۢ بَعْدِ ذَٰلِكَ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلظَّٰلِمُونَ ﴿94﴾
මින් පසුවද, කවුරුන් හෝ අල්ලාහ් මත මනක්කල්පිතව බොරු ගොතා කීවහොත් ඔවුන් අපරාධකරුවන්ය.
එබැවින් කවරෙක් එයට පසුව (පවා) අල්ලාහ් කෙරෙහි අසත්ය ගෙතුවෝ ද එවිට අපරාධ කරුවෝ ඔවුහු ම ය.
قُلْ صَدَقَ ٱللَّهُ ۗ فَٱتَّبِعُوا۟ مِلَّةَ إِبْرَٰهِيمَ حَنِيفًۭا وَمَا كَانَ مِنَ ٱلْمُشْرِكِينَ ﴿95﴾
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “(මේවා ගැන) අල්ලාහ් සත්යයම පවසා ඇත්තේය. එබැවින් (විශ්වාසවන්තයිනි! මොවුන්ව ප්රතික්ෂේප කර දමා) ඍජු මාර්ගයෙහි ගිය ඉබ්රාහීම්ගේ ධර්මයම අනුගමනය කරනු. ඔහු සමානයන් තබා නමදින්නන්ගෙන් කෙනෙකු වූවේ නැත”.
(නබිවරය!) නුඹ පවසනු. ‘අල්ලාහ් සත්ය පැවසුවේ ය. එබැවින් නුඹලා අවංක ලෙසින් ඉබ්රාහීම්ගේ පිළිවෙත පිළිපදිනු. තවද ඔහු ආදේශ තබන්නන් අතුරින් කෙනෙක් නො වීය.’
إِنَّ أَوَّلَ بَيْتٍۢ وُضِعَ لِلنَّاسِ لَلَّذِى بِبَكَّةَ مُبَارَكًۭا وَهُدًۭى لِّلْعَٰلَمِينَ ﴿96﴾
(මෙලොවෙහි දෙවියන්ව නමදින්නට යයි) මිනිසුන්ට ඉදි කරන්නට යෙදුන නැමදුපළවල් වලින් පළමුවැන්න, නියත වශයෙන්ම ‘බක්කා’හි (මක්කාවෙහි) පිහිටි එකයි. (එය ආශීර්වාද කරනු ලැබූ එකක් වශයෙන්ද), ඉතාමත් භාග්යයට අයත් එකක් වශයෙන්ද, මුළුමහත් ලෝකවාසීන්ටම ඍජු මාර්ගය (පෙන්වන්නක්) වශයෙන්ද ඇත්තේය.
ලෝ වැසියනට මඟ පෙන්වන්නක් හා සෞභාග්යක් ලෙස ජනයාට (නැමදුම සඳහා) තබනු ලැබූ ප්රථම ගෘහය බක්කා (හෙවත් මක්කා) වෙහි පිහිටා ඇත.
فِيهِ ءَايَٰتٌۢ بَيِّنَٰتٌۭ مَّقَامُ إِبْرَٰهِيمَ ۖ وَمَن دَخَلَهُۥ كَانَ ءَامِنًۭا ۗ وَلِلَّهِ عَلَى ٱلنَّاسِ حِجُّ ٱلْبَيْتِ مَنِ ٱسْتَطَاعَ إِلَيْهِ سَبِيلًۭا ۚ وَمَن كَفَرَ فَإِنَّ ٱللَّهَ غَنِىٌّ عَنِ ٱلْعَٰلَمِينَ ﴿97﴾
එහි පැහැදිලි සාධකයන්ද ඇත්තේය. ඉබ්රාහිම් (සලාත් කිරීම සඳහා) සිට ගත් ස්ථානයද ඇත්තේය. කවුරුන් එහි ඇතුළු වන්නේද, ඔහු (ආරක්ෂාව ලත්) බිය නැත්තෙකු බවට පත් වන්නේය. (එබැවින්) කවුරුන් එහි වන්ඳනා කිරීමට ශක්තිසම්පන්නයෙකු වශයෙන් සිටින්නෝද, එවැනි මිනිසුන් කෙරෙහි අල්ලාහ් වෙනුවෙන් (එහි ගොස්) එම නැමදුම්පළ හජ් කිරීම අනිවාර්යය වන්නේය. කවුරුන් හෝ (මෙය) ප්රතික්ෂේප කළහොත් (එයින් අල්ලාහ්ට කිසිවක් අඩු වී යන්නේ නැත. මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් උත්පාදනයන්ගෙන් (කිසිවකගේ) අවශ්යතාවයක් නැත්තෙකු වශයෙන් සිටින්නේය.
එහි පැහැදිලි සංඥාවන් ඇත. ඉබ්රාහිම් සිට ගත් ස්ථානය ද ඇත. තවද කවරෙකු එයට ප්රවේශ වූයේ ද ඔහු සුරක්ෂිතයකු වෙයි. තවද හජ් සඳහා පහසුකම් ඇත්තවුනට එම ගෘහයෙහි හජ් වන්දනාමාන කිරීම අල්ලාහ් වෙනුවෙන් වූ ජනයාහට පැවරුණු වගකීමකි. තවද කවරෙකු ප්රතික්ෂේප කළේ ද සැබැවින් ම අල්ලාහ් ලෝවැසියන්ගෙන් පොහොසත් ය.
قُلْ يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لِمَ تَكْفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَٱللَّهُ شَهِيدٌ عَلَىٰ مَا تَعْمَلُونَ ﴿98﴾
(නබියේ!) ඔබ මෙසේ කියනු: ධර්මය හිමි අයවළුනි! අල්ලාහ්ගේ ආයාවන් ඔබ කුමක් නිසා ප්රතික්ෂේප කරන්නෙහුද? අල්ලාහ් නම්, ඔබ කරන දැයට සාක්ෂි වශයෙන් සිටින්නේය.
අහෝ ධර්ම ග්රන්ථ ලත් ජනයිනි! නුඹලා අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කරනුයේ මන් ද? තවද අල්ලාහ් නුඹලා කරන දෑ සඳහා සාක්ෂිකරු ය.
قُلْ يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لِمَ تَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ مَنْ ءَامَنَ تَبْغُونَهَا عِوَجًۭا وَأَنتُمْ شُهَدَآءُ ۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعْمَلُونَ ﴿99﴾
(තවද) ඔබ මෙසේ පවසනු: “ධර්මය හිමි අයවළුනි! අල්ලාහ්ගේ මාර්ගයෙන් විශ්වාසවන්තයින්ව කුමක් නිසා වළක්වන්නෙහුද? (එය සත්යය යයි) ඔබ සාක්ෂි දරමින්ම එය ඇද කිරීමට අදහස් කරන්නෙහුද? ඔබ කරන දැය ගැන අල්ලාහ් නොසැලකිලිමත්ව සිටින්නේ නොවේ”
ධර්ම ග්රන්ථ ලත් ජනයිනි! නුඹලා (සත්යයට) සාක්ෂිකරුවන්ව සිටිය දී නුඹලා එහි දෝෂ සොයමින් විශ්වාස කළවුන්ව අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වනුයේ මන් දැ? යි (නබිවරය!) අසනු. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අනවධානියෙකු නො වේ.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِن تُطِيعُوا۟ فَرِيقًۭا مِّنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ يَرُدُّوكُم بَعْدَ إِيمَٰنِكُمْ كَٰفِرِينَ ﴿100﴾
විශ්වාසවන්තයිනි! ධර්මය හිමි අයගෙන් (ඇති) එක් සමූහයකට ඔබ අවනත වුවහොත් ඔබ විශ්වාසය තැබූවායින් පසුවද ප්රතික්ෂේප කරන්නන් වශයෙන් ඔබව හරවා යවනු ඇත.
අහෝ විශ්වාස කළවුනි! ධර්ම ග්රන්ථය දෙනු ලැබූ අය අතරින් පිරිසකට නුඹලා අවනත වන්නෙහු නම් නුඹලාගේ විශ්වාසයෙන් පසුව නුඹලාව ඔවුන් නැවත ප්රතික්ෂේපකයින් බවට හරවනු ඇත.
وَكَيْفَ تَكْفُرُونَ وَأَنتُمْ تُتْلَىٰ عَلَيْكُمْ ءَايَٰتُ ٱللَّهِ وَفِيكُمْ رَسُولُهُۥ ۗ وَمَن يَعْتَصِم بِٱللَّهِ فَقَدْ هُدِىَ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ﴿101﴾
අල්ලාහ්ගේ රසූල්වරයා ඔබ මධ්යයෙහි සිටිමින් ඔහුගේ ආයාවන් ඔබට සමුදීරණය කරමින් සිටියදී, ඔබ කෙසේ නම් ප්රතික්ෂේප කළ හැකිද? එබැවින් කවුරුන්, අල්ලාහ්ව (ඔහුගේ ධර්මය) තදින් අල්ලා ගන්නේද, ඔහු නියත වශයෙන්ම ඍජු මාර්ගයෙහි ඇතුළු කර හැරියේය.
තවද නුඹලාහට අල්ලාහ්ගේ වැකි පාරායනා කරනු ලබමින් නුඹලා සිටිය දී එමෙන් ම නුඹලා අතර ඔහුගේ ධර්ම දූතයා සිටිය දී නුඹලා ප්රතික්ෂේප කරනුයේ කෙසේ ද? කවරෙකු අල්ලාහ්ව තදින් ග්රහණය කර ගන්නේ ද එවිට සැබැවින් ම ඔහු ඍජු මාර්ගය වෙත මඟ පෙන්වනු ලැබී ය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ حَقَّ تُقَاتِهِۦ وَلَا تَمُوتُنَّ إِلَّا وَأَنتُم مُّسْلِمُونَ ﴿102﴾
විශ්වාසවන්තයිනි! ඇත්තෙන්ම ඔබ අල්ලාහ්ට බිය විය යුතු අන්දමට බිය වනු. (සම්පූර්ණයෙන්ම ඔහුට අවනත වූ) මුස්ලිම්වරුන් වශයෙන් මිස, ඔබ මරණයට පත් නොවනු.
අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් විය යුතු සැබෑ අයුරින් ම නුඹලා ඔහුට බිය බැතිමත් වනු. තවද නුඹලා අවනත වන්නන් ලෙස සිටිය දී මිස මරණයට පත් නො වනු.
وَٱعْتَصِمُوا۟ بِحَبْلِ ٱللَّهِ جَمِيعًۭا وَلَا تَفَرَّقُوا۟ ۚ وَٱذْكُرُوا۟ نِعْمَتَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ كُنتُمْ أَعْدَآءًۭ فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِۦٓ إِخْوَٰنًۭا وَكُنتُمْ عَلَىٰ شَفَا حُفْرَةٍۢ مِّنَ ٱلنَّارِ فَأَنقَذَكُم مِّنْهَا ۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمْ ءَايَٰتِهِۦ لَعَلَّكُمْ تَهْتَدُونَ ﴿103﴾
තවද ඔබ සියල්ලන්ම (ඒකරාශී වී) අල්ලාහ්ගේ (ධර්මය වන) කඹය තදින් අල්ලා ගනු. (ඔබ අතරේ තර්ක කර ගනිමින්) ඔබ වෙන්වී නොයනු. ඔබ කෙරෙහි අල්ලාහ් පහළ කර ඇති වරප්රසාදය සිතා බලනු. ඔබ (කෙනෙකුට කෙනෙකු) සතුරන් වශයෙන් (වෙන් වී) සිටි අවස්ථාවේදී ඔහු ඔබගේ සිත් තුළට (ඉස්ලාමය මගින්) දයාව ඇතුළු කර, එකට ඒකරාශී කළේය. එබැවින් ඔහුගේ දයාවෙන් ඔබ සහෝදරයින් බවට පත් වූවෙහුය. (ඊට පෙර) ඔබ නිරා ගිනි පාතාලයන්හි සිටියෙහුය. එයින් ඔහු ඔබව බේරා ගත්තේය. ඔබ ඍජු මාර්ගය අත් කර ගැනීම පිණිස අල්ලාහ් තම ආයාවන් ඔබට මෙසේ පැහැදිලි කරන්නේය.
නුඹලා සියල්ල අල්ලාහ්ගේ රැහැන තදින් ග්රහණය කර ගනු. තවද නුඹලා වෙන්ව නො යනු. නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් සිහිපත් කරනු. නුඹලා එකිනෙකා සතුරන්ව සිටි විට ඔහු නුඹලාගේ හදවත් අතර මිතුරු බන්ධනය ඇති කළේ ය. එවිට නුඹලා ඔහුගේ ආශිර්වාදයෙන් සහෝදරයන් බවට පත් වූයෙහු ය. තවද නුඹලා නිරා ගින්නෙන් යුත් අගාධ අද්දරයෙහි සිටියෙහු ය. එවිට ඔහු නුඹලාව එයින් මුදවා ගත්තේ ය. එලෙසය නුඹලා යහ මඟ ලබනු පිණිස අල්ලාහ් නුඹලාට ඔහුගේ වදන් පැහැදිලි කරනුයේ.
وَلْتَكُن مِّنكُمْ أُمَّةٌۭ يَدْعُونَ إِلَى ٱلْخَيْرِ وَيَأْمُرُونَ بِٱلْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ ٱلْمُنكَرِ ۚ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ ﴿104﴾
(විශ්වාසවන්තයිනි!) ඔබගෙන් එක් සමූහයක් මතු වී, ඔවුන් (මිනිසුන්ව) පින් ඇති දැය දෙසට ආරාධනා කර, දැහැමි දැය අණ කර, පාපතර ක්රියාවන්ගෙන් (ඔවුන්ව) ඈත් කර තැබීමටද උත්සුක වන්නාහ. මොවුන්ම ජයග්රාහකයින්ය.
හොඳ දෑ වෙත ඇරයුම් කරන, යහපත නියෝග කරන, පිළිකුල් දැයින් වළක්වාලන සමූහයක් නුඹලා අතරින් සිටිය යුතුයි. තවද ජයග්රාහකයෝ ඔවුහු ම ය.
وَلَا تَكُونُوا۟ كَٱلَّذِينَ تَفَرَّقُوا۟ وَٱخْتَلَفُوا۟ مِنۢ بَعْدِ مَا جَآءَهُمُ ٱلْبَيِّنَٰتُ ۚ وَأُو۟لَٰٓئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌۭ ﴿105﴾
කවුරුන් තමන් වෙත පැහැදිලි සාධකයන් පැමිණි පසුද, තමන් තුළ (අදහස් උදහස්) භේද බින්න වී වෙන් වී ගියෝද, ඔවුන් මෙන් ඔබත් පත් නොවනු. මෙවැන්නන්ටම (පරලොවදී) ඉමහත් වූ දඬුවම් ඇත.
පැහැදිලි සාධක ඔවුන් වෙත පැමිණි පසුව වෙන්ව ගොස් මත ගැටුම් ඇති කර ගත් අය මෙන් නුඹලා නො වනු. තවද ඔවුන් වනාහි (පරලොව) අතිමහත් දඬුවම ඔවුනට ඇත.
يَوْمَ تَبْيَضُّ وُجُوهٌۭ وَتَسْوَدُّ وُجُوهٌۭ ۚ فَأَمَّا ٱلَّذِينَ ٱسْوَدَّتْ وُجُوهُهُمْ أَكَفَرْتُم بَعْدَ إِيمَٰنِكُمْ فَذُوقُوا۟ ٱلْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ ﴿106﴾
(එම) දිනදී සමහර මුහුණු (සතුටින් පිරි දීප්තිමත්) ස්වේත වර්ණයෙන්ද, සමහර මුහුණු (දුකෙන්) කළු වී (මැලවී)ද තිඛෙණු ඇත. කවුරුන්ගේ මුහුණු කළු වී (මැළ වී) ඇත්තේද, (ඔවුන්ට) “ඔබ විශ්වාසය තැබූවායින් පසු (එය) ප්රතික්ෂේප කර හැරියෙහුද? එබැවින් ඔබ ප්රතික්ෂේප කිරීමේ හේතුවෙන් (නිරා) දඬුවම විඳ බලනු” (යයි පවසනු ලබන්නාහ).
එදින ඇතැම් මුහුණු සුදු පැහැ ගැන් වෙයි. තවත් මුහුණු කළු පැහැ ගැන් වෙයි. තම මුහුණු කළු පැහැ ගැන් වූ අය කලී, "නුඹලා විශ්වාස කළ පසු ප්රතික්ෂේප කළෙහු ද, එසේනම් නුඹලා ප්රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලා මෙම දඬුවම විඳිනු". (යැයි කියනු ලැබේ.)
وَأَمَّا ٱلَّذِينَ ٱبْيَضَّتْ وُجُوهُهُمْ فَفِى رَحْمَةِ ٱللَّهِ هُمْ فِيهَا خَٰلِدُونَ ﴿107﴾
කවුරුන්ගේ මුහුණු (සතුටින් දීප්තිමත්) ස්වේත වර්ණයෙන් ඇත්තේද, ඔවුන් අල්ලාහ්ගේ වරප්රසාදයන්හි රැඳී සිටිනු ඇති අතර ඔවුන් එහි සදාකල් රැඳී සිටිනු ඇත.
තම මුහුණු සුදු පැහැ ගැන් වූවන් වූ කලී, ඔවුහු අල්ලාහ්ගේ කරුණාව තුළ සිටිති. ඔවුහු එහි සදාතනිකයෝ ය.
تِلْكَ ءَايَٰتُ ٱللَّهِ نَتْلُوهَا عَلَيْكَ بِٱلْحَقِّ ۗ وَمَا ٱللَّهُ يُرِيدُ ظُلْمًۭا لِّلْعَٰلَمِينَ ﴿108﴾
(නබියේ!) මේවා අල්ලාහ්ගේ ආයාවන් වන්නේය. සත්යයෙන් පිරි ඒවා අපි ඔබට සමුදීරණය කර පෙන්වන්නෙමු. තවද අල්ලාහ්, සකල ලෝකවාසීන්ට අසාධාරණයක් (කිරීමට) කැමති වන්නේ නැත.
මේවා අල්ලාහ්ගේ වැකි වේ. ඒවා අපි නුඹ වෙත සත්යයෙන් යුතුව පාරායනය කර පෙන්වන්නෙමු. තවද අල්ලාහ් ලෝවැසියනට අපරාධයක් අපේක්ෂා කරන්නෙක් නො වේ.
وَلِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۚ وَإِلَى ٱللَّهِ تُرْجَعُ ٱلْأُمُورُ ﴿109﴾
අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල අල්ලාහ්ටම අයිතිය! (මේ සම්බන්ධයෙන් වූ) සියලූම කාරණාවන් අල්ලාහ් වෙතටම ගෙන එනු ලබනු ඇත.
අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද අල්ලාහ් සතු ය. තවද සියලු කරුණු නැවත යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත ය.
كُنتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِٱلْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ ٱلْمُنكَرِ وَتُؤْمِنُونَ بِٱللَّهِ ۗ وَلَوْ ءَامَنَ أَهْلُ ٱلْكِتَٰبِ لَكَانَ خَيْرًۭا لَّهُم ۚ مِّنْهُمُ ٱلْمُؤْمِنُونَ وَأَكْثَرُهُمُ ٱلْفَٰسِقُونَ ﴿110﴾
(විශ්වාසවන්තයිනි!) දැහැමි කාරණාවන් (කරන මෙන් මිනිසුන්ට) අණ කර, පාපතර කාරණාවන්ගෙන් (ඔවුන්ව) ඈත් කර, ඇත්තෙන්ම අල්ලාහ්ව විශ්වාස කරන ඔබමය, මිනිසුන්ගෙන් මතු වූ සමූහයන් සියල්ලන්ගෙන් ඉතාමත් ශ්රේෂ්ඨ අය. (මෙසේම) ධර්මය හිමි අයද, විශ්වාසය තබා (කටයුතු) කළහොත් එය ඔවුන්ටම ඉතාමත් හොඳය. විශ්වාස කරන්නන්ද ඔවුන්ගෙන් සිටියද, ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (ප්රතික්ෂේප කරන) පාපතරයන් වශයෙන්ම සිටින්නාහ.
ජනයා වෙනුවෙන් බිහි කරන ලද ශ්රේෂ්ඨතම ජන සමාජය නුඹලා වූයෙහු ය. නුඹලා යහපත අණ කර අයහපතින් වළක් වන්නෙහු ය. තවද අල්ලාහ්ව විශ්වාස කරන්නෙහු ය. තවද දේව ග්රන්ථය ලැබූ ජනයා ද විශ්වාස කළේ නම් එය ඔවුනට යහපතක් ම වනු ඇත. ඔවුන් අතරින් විශ්වාසවන්තයෝ ද සිටිති. තවද ඔවුන්ගෙන් බහුතරය පාපතරයෝ ය.
لَن يَضُرُّوكُمْ إِلَّآ أَذًۭى ۖ وَإِن يُقَٰتِلُوكُمْ يُوَلُّوكُمُ ٱلْأَدْبَارَ ثُمَّ لَا يُنصَرُونَ ﴿111﴾
(විශ්වාසවන්තයිනි! මෙවැන්නන්) ඔබට පොඩි කරදරයක් කරනවා මිස, (අධික වශයෙන්) ඔබට (කිසි) හානියක් කර දැමීමට නොහැකිය. ඔබ සමග යුද්ධ කිරීමට ඉදිරිපත් වුවද, ඔබට පිටුපස හරවා දුවනු ඇත. පසුව ඔවුන් (ගිය තැනෙහිද කිසිවෙකු විසින් හෝ) උදව් කරනු නොලබන්නාහ.
සුළු වේදනාවක් හැර ඔවුනට නුඹලා වෙත හිංසා කළ නො හැක්කේ ම ය. තවද නුඹලා සමඟ ඔවුහු සටන් වදින්නේ නම් ඔවුහු නුඹලාට පිටු පස හැරී පලා යති. ඉන්පසුව ඔවුහු උදව් කරනු නො ලබති.
ضُرِبَتْ عَلَيْهِمُ ٱلذِّلَّةُ أَيْنَ مَا ثُقِفُوٓا۟ إِلَّا بِحَبْلٍۢ مِّنَ ٱللَّهِ وَحَبْلٍۢ مِّنَ ٱلنَّاسِ وَبَآءُو بِغَضَبٍۢ مِّنَ ٱللَّهِ وَضُرِبَتْ عَلَيْهِمُ ٱلْمَسْكَنَةُ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ كَانُوا۟ يَكْفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَيَقْتُلُونَ ٱلْأَنۢبِيَآءَ بِغَيْرِ حَقٍّۢ ۚ ذَٰلِكَ بِمَا عَصَوا۟ وَّكَانُوا۟ يَعْتَدُونَ ﴿112﴾
ඔවුන් කොහි සිටියා වුවද, ඔවුන් කෙරෙහි අවමානය නියම වී ගියේය. (මෙම ධර්මය වන) අල්ලාහ්ගේ ගිවිසුම මගින්ද, (විශ්වාසය තැබූ) මිනිසුන් (ලබා දෙන ආරක්ෂාව නමැති) ගිවිසුමම මිස, (ඔවුන්ට බේරීමට නොහැක). අල්ලාහ්ගේ කෝපයෙහිද ඔවුන් පැටළී ගියහ. (පහත වැටීම නමැති) අවමානයද, ඔවුන් කෙරෙහි නියම වී ගියේය. මෙයට හේතුව, නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ්ගේ ආයාවන් (සෑමවිටම) ප්රතික්ෂේප කරමින්ද, අසාධාරණයේ නබිවරුන්ව ඝාතනය කරමින්ද සිටීමයි. (තවද) ඔවුන් පාපයන් කරමින් සිටීමද, (එහි) සීමාව ඉක්මවා සිටීමද මෙයට හේතුව වේ.
ඔවුන් කොතැනක සිටිය ද ඔවුනට අවමානය නියම විය. අල්ලාහ්ගේ රැහැනින් හා මිනිසුන්ගේ රැහැනින් ඔවුහු මිදුණේ නම් මිස. තවද ඔවුහු අල්ලාහ්ගෙන් වූ කෝපයට ද ලක් වූහ. එමෙන් ම ඔවුන් කෙරෙහි දිළිඳුකම ද නියම විය. එයට හේතුව ඔවුන් අල්ලාහ්ගේ වැකි ප්රතික්ෂේප කරමින් සිටි බැවින් හා යුක්තියෙන් තොරව නබිවරුන් ඝාතනය කරමින් සිටි බැවිනි. එය ඔවුන් පිටුපා සීමාව ඉක්මවා යමින් සිටි බැවින් ද වේ.
۞ لَيْسُوا۟ سَوَآءًۭ ۗ مِّنْ أَهْلِ ٱلْكِتَٰبِ أُمَّةٌۭ قَآئِمَةٌۭ يَتْلُونَ ءَايَٰتِ ٱللَّهِ ءَانَآءَ ٱلَّيْلِ وَهُمْ يَسْجُدُونَ ﴿113﴾
ඔවුන් (සියල්ලන්ම) එකම අන්දමේ (පාපතරයන්) නොව. ධර්මය හිමි මොවුන්ගෙන් ඍජු මාර්ගයේ සිටින එක් සමූහයක්ද ඇත්තාහ. ඔවුන් රාත්රී කාලයන්හි අල්ලාහ්ගේ ආයාවන් සමූදීරණය කර, හිස බිම තබා සුජූද් කරන්නාහ.
ඔවුහු (සියල්ලෝ ම) එක සමාන නො වූහ. දේව ග්රන්ථය ලත් ජනයා අතුරින් (යහ මාර්ගයේ) ස්ථීරව සිටින සමාජයක් ද විය. ඔවුහු රාත්රී කාලයේ සුජූද් (හිස නමා නමස්කාර) කරමින් අල්ලාහ්ගේ වැකි පාරායනය කරති.
يُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ وَيَأْمُرُونَ بِٱلْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ ٱلْمُنكَرِ وَيُسَٰرِعُونَ فِى ٱلْخَيْرَٰتِ وَأُو۟لَٰٓئِكَ مِنَ ٱلصَّٰلِحِينَ ﴿114﴾
(තවද) ඔවුන් අල්ලාහ්වද, අවසාන දිනයද විශ්වාස කර, (මිනිසුන්ව) දැහැමි කි්රයාවන් මගින් අණ කර, පාපතර කාරණාවන්ගෙන් වළක්වා, පින් ඇති කාරණාවන් කිරීමට ඉක්මන් (කරවමින්ද) යන්නාහ. මෙවැන්නන්ම හොඳ වහලූන්ගෙන් වන්නාහ.
තවද ඔවුහු අල්ලාහ්ව ද පරමාන්ත දිනය ද විශ්වාස කරති. තවද යහපත විධානය කරති. අයහපතින් වළක්වාලති. දැහැමි කටයුතුවල යුහුසුලුව යෙදෙති. තවද ඔවුහු දැහැමියන් අතුරින් වෙති.
وَمَا يَفْعَلُوا۟ مِنْ خَيْرٍۢ فَلَن يُكْفَرُوهُ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِٱلْمُتَّقِينَ ﴿115﴾
මොවුන් කුමන දැහැමි ක්රියාවක් කළා වුවද, එය ප්රතික්ෂේප කරනු ලබන්නේ නැත. (එයට සරිලන ඵලවිපාක අනිවාර්යයෙන්ම අත් කර ගනු ඇත. මන්දයත් මෙවැනි) භය භක්තිකයින්ව අල්ලාහ් හොඳින් දන්නේය.
තවද ඔවුන් යම් යහපතක් කරන්නේ නම්, එවිට එය ඔවුනට ප්රතික්ෂේප කරනු නො ලබන්නේ ම ය. තවද අල්ලාහ් බිය බැතිමතුන් පිළිබඳව සර්ව ඥානී ය.
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ لَن تُغْنِىَ عَنْهُمْ أَمْوَٰلُهُمْ وَلَآ أَوْلَٰدُهُم مِّنَ ٱللَّهِ شَيْـًۭٔا ۖ وَأُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلنَّارِ ۚ هُمْ فِيهَا خَٰلِدُونَ ﴿116﴾
නියත වශයෙන්ම (ධර්මය හිමි අයගෙන්) කවුරුන් (පරලොව) ප්රතික්ෂේප කරන්නෝද, ඔවුන්ගේ වස්තූන්ද, ඔවුන්ගේ දරුවන්ද, (එදින) අල්ලාහ්ගේ (දඬුවමෙන්) ඔවුන්ව පොඩියක් හෝ බේරා ගන්නේ නැත. ඔවුන් නිරාවාසීන්ය. එහි සැමදා රැඳී සිටිනු ඇත.
නියත වශයෙන් ම ප්රතික්ෂේප කළවුන් වනාහි අල්ලාහ්ගෙන් වූ කිසිවකට (දඬුවමකට) ඔවුන්ගේ ධන සම්පත් හෝ ඔවුන්ගේ දරු සම්පත් හෝ ඔවුනට ප්රයෝජනවත් නො වන්නේ ම ය. තවද නිරා ගින්නේ සගයෝ ඔවුහු ම ය. තවද ඔවුහු එහි සදාතනිකයෝ ය.
مَثَلُ مَا يُنفِقُونَ فِى هَٰذِهِ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا كَمَثَلِ رِيحٍۢ فِيهَا صِرٌّ أَصَابَتْ حَرْثَ قَوْمٍۢ ظَلَمُوٓا۟ أَنفُسَهُمْ فَأَهْلَكَتْهُ ۚ وَمَا ظَلَمَهُمُ ٱللَّهُ وَلَٰكِنْ أَنفُسَهُمْ يَظْلِمُونَ ﴿117﴾
මෙලොව ජීවිතයෙහි (ඉස්ලාමයට විරුද්ධව) ඔවුන් වියදම් කරන වස්තුවෙහි උපමාව, එක් සුළඟක් මෙන් වන්නේය. එය (ප්රමාණය ඉක්මවා ගිය) ශීතයක් බවට පත් වී (හිම කුණාටුවක් බවට පත්ව), තමන්ට තමන්ම නපුරක් කර ගත් එක් සමූහයකගේ ගොයමෙහි වැදී, එය විනාශ කර දැමීය. අල්ලාහ් මොවුන්ට කිසිම හානියක් කළේ නැත. එහෙත් මොවුන් තමන්ට තමන්ම හානියක් කර ගත්හ.
මෙලොව ජීවිතයෙහි ඔවුන් විදයම් කරන දෑට උපමාව නම් තමන්ට ම අපරාධ කර ගත් ජන පිරිසකගේ කෙතට පතිත වී එය විනාශ කර දැමූ අධිසීතල සහිත දැඩි සුළඟක් මෙනි. අල්ලාහ් ඔවුනට අපරාධ නො කළේ ය. එහෙත් ඔවුන් ඔවුනට ම අපරාධ කර ගන්නෝ ය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّخِذُوا۟ بِطَانَةًۭ مِّن دُونِكُمْ لَا يَأْلُونَكُمْ خَبَالًۭا وَدُّوا۟ مَا عَنِتُّمْ قَدْ بَدَتِ ٱلْبَغْضَآءُ مِنْ أَفْوَٰهِهِمْ وَمَا تُخْفِى صُدُورُهُمْ أَكْبَرُ ۚ قَدْ بَيَّنَّا لَكُمُ ٱلْءَايَٰتِ ۖ إِن كُنتُمْ تَعْقِلُونَ ﴿118﴾
විශ්වාසවන්තයිනි! ඔබට (ඔබගේ වාර්ගිකයින්ව) මිස, (මොවුන්ව) සමීපයින් බවට ඔබ පත් කර නොගනු. (මන්දයත්) ඔවුන් ඔබට හානියක් කිරීමෙහි කිසිම අඩුපාඩවක් කරන්නේ නැත. ඔබ වේදනාවට පත් වීම ගැන ඔවුන් කැමති වන්නාහ. ඔවුන්ගේ මුව (වදන්) මගින්ම (ඔවුන්ගේ) දැඩි ක්රෝධය එළිදරව් විය. (ඔබ ගැන) ඔවුන්ගේ හෘදයන්හි සඟවා ඇති දැය නම් ඉතාමත් දරුණුය. නියත වශයෙන්ම අපි (ඔවුන්ගේ) සළකුණු ඔබට විවරණය කර හැරියෙමු. ඔබ බුද්ධිමතුන් වශයෙන් සිටියහොත් (එය දැන ගත හැකිය).
අහෝ විශ්වාස කළවුනි! නුඹලාගෙන් තොරව වෙනත් අය සමීපත ම මිතුරන් ලෙස නො ගනු. ඔවුහු නුඹලාට අසාධාරණකම් කිරීමෙහි අඩුවක් නො කරති. නුඹලා පීඩා විඳීම ඔවුහු ප්රිය කළෝ ය. ඔවුන්ගේ මුවින් ක්රෝධය හෙළි විය. ඔවුන්ගේ හදවත් සඟවා ඇති දෑ ඉතා දරුණු ය. සැබැවින් ම නුඹලාට මෙම වදන් අපි පැහැදිලි කළෙමු. නුඹලා වටහා ගන්නන් ලෙස සිටියෙහු නම්.
هَٰٓأَنتُمْ أُو۟لَآءِ تُحِبُّونَهُمْ وَلَا يُحِبُّونَكُمْ وَتُؤْمِنُونَ بِٱلْكِتَٰبِ كُلِّهِۦ وَإِذَا لَقُوكُمْ قَالُوٓا۟ ءَامَنَّا وَإِذَا خَلَوْا۟ عَضُّوا۟ عَلَيْكُمُ ٱلْأَنَامِلَ مِنَ ٱلْغَيْظِ ۚ قُلْ مُوتُوا۟ بِغَيْظِكُمْ ۗ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿119﴾
(විශ්වාසවන්තයිනි!) කිමෙක්ද! ඔබ මොවුන්ව ප්රිය කරන්නෙහුය! නමුත් ඔවුන් නම්, ඔබව ප්රිය කරන්නේ නැත. ඔබ (ඔවුන්ගේ) ධර්මයන් සියල්ල විශ්වාස කරන්නෙහුය. (ඔවුන් ඔබගේ ධර්මය විශ්වාස කරන්නේ නැත). එහෙත් ඔවුන් ඔබව හමු වුවහොත් “(ඔබගේ ධර්මයද) අපි විශ්වාස කරන්නෙමු” යයි (බොරුවට) පවසන්නාහ. නමුත් (ඔබගෙන් ඈත් වී) ඔවුන් තනි වුවහොත් නම්, ඔබ සමග ඇති කෝපයෙන් (තමන්ගේ අත්) ඇඟිලි සපා ගන්නාහ. එබැවින් (නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ කියනු: “ඔබගේ කෝපයෙන්ම මැරී යනු මැනව! නියත වශයෙන්ම අල්ලාහ් (ඔබගේ) හෘදයන්හි රහස් හොඳින් දන්නේය”.
මෙන්න! නුඹලා ඔවුන්ව ප්රිය කරන්නෙහු ය. එහෙත් ඔවුහු නුඹලාව ප්රිය නො කරති. තවද නුඹලා ධර්ම ග්රන්ථය මුළුමනින් ම විශ්වාස කරන්නෙහු ය. තවද ඔවුන් නුඹලාව මුණ ගැසුණු විට “අපි විශ්වාස කළෙමු” යැයි පැවසූ නමුත් ඔවුන් වෙන්ව ගිය විට කෝපය හේතුවෙන් නුඹලාට එරෙහිව ඇඟිලි තුඩු විකුවෝ ය. නුඹලාගේ කෝපය සමඟ ම නුඹලා මිය යනු. නියත වශයෙන් ම හදවත් තුළ ඇති දෑ පිළිබඳව අල්ලාහ් සර්ව ඥානීය යැයි (නබිවරය!) පවසනු.
إِن تَمْسَسْكُمْ حَسَنَةٌۭ تَسُؤْهُمْ وَإِن تُصِبْكُمْ سَيِّئَةٌۭ يَفْرَحُوا۟ بِهَا ۖ وَإِن تَصْبِرُوا۟ وَتَتَّقُوا۟ لَا يَضُرُّكُمْ كَيْدُهُمْ شَيْـًٔا ۗ إِنَّ ٱللَّهَ بِمَا يَعْمَلُونَ مُحِيطٌۭ ﴿120﴾
ඔබට යම්කිසි හොඳක් සිද්ධ වුවහොත් (එය) ඔවුන්ට කණගාටුව ගෙන දෙන්නේය. ඔබට යම්කිසි නපුරක් සිදු වුවහොත් නම්, ඒ වෙනුවෙන් ඔවුන් සතුටට පත් වන්නාහ. එබැවින් ඔබ ඉවසීමෙන් යුතුව භය භක්තියෙන් සිටියහොත් ඔවුන්ගේ කුමන්ත්රණය ඔබට කිසිම හානියක් ඇති කරන්නේ නැත. (මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන්ගේ ක්රියාවන් වට කරගෙන සිටින්නේය.
නුඹලාට යම් යහපතක් ස්පර්ශ කළේ නම් එය ඔවුන් දුකට පත් කරවයි. තවද නුඹලාට යම් අයහපතක් අත් වූයේ නම් එමඟින් ඔවුහු සතුටට පත් වෙති. තවද නුඹලා ඉවසා බිය බැතිමත් වන්නේ නම් ඔවුන්ගේ කුමන්ත්රණ කිසිවක් නුඹලාට හානිදායක නො වෙයි. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව සර්ව ප්රකාරයෙන් ම දන්නා ය.
وَإِذْ غَدَوْتَ مِنْ أَهْلِكَ تُبَوِّئُ ٱلْمُؤْمِنِينَ مَقَٰعِدَ لِلْقِتَالِ ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ ﴿121﴾
(නබියේ!) ඔබ, ඔබගේ පවුලෙන් වෙන් වී අළුයම පිටත්ව (ගොස්) විශ්වාසය තැබූවන්ව (උහද්) යුද බිමේදී පිළියෙල කරමින් සිටීම ගැන සිතා බලනු. (මේ අවස්ථාවේදී ඔබ කළ ප්රාර්ථනාවට) අල්ලාහ් සවන් දෙන්නෙකු වශයෙන්ද, හොඳින් දන්නෙකු වශයෙන්ද සිටියේය.
(නබිවරය! උහද්) යුද්ධය සඳහා නියමිත ස්ථානයන්හි විශ්වාස කළ අයව සීරුවෙන් තැබීම පිණිස නුඹගේ පවුලෙන් උදෑසන පිටත්ව ගිය අවස්ථාව සිහිපත් කරනු. තවද අල්ලාහ් සර්ව ශ්රාවක ය; සර්ව ඥානී ය.
إِذْ هَمَّت طَّآئِفَتَانِ مِنكُمْ أَن تَفْشَلَا وَٱللَّهُ وَلِيُّهُمَا ۗ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ ﴿122﴾
(එම යුද්ධයේදී) ඔබගෙන් එක් සමුහයක් ධෛර්යය බිඳී, (උහද් යුද්ධය අත්හැර දමා) යන්න (හැකිදැයි) සිතමින් සිටි අවස්ථාවේදී අල්ලාහ් ඔවුන්ට ආරක්ෂකයෙකු වශයෙන් සිටියේය. එබැවින් විශ්වාසවන්තයින් අල්ලාහ් මතම විශ්වාසය තබනු මැනව!
නුඹලා අතරින් දෙපිරිසක් තමන් අධෛර්යට පත්ව ඇතැයි සිතූ අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුන් දෙපිරිසගේ භාරකරු අල්ලාහ් ය. එබැවින් විශ්වාස කළවුන් සියල්ල භාර කළ යුත්තේ අල්ලාහ් කෙරෙහි ම ය.
وَلَقَدْ نَصَرَكُمُ ٱللَّهُ بِبَدْرٍۢ وَأَنتُمْ أَذِلَّةٌۭ ۖ فَٱتَّقُوا۟ ٱللَّهَ لَعَلَّكُمْ تَشْكُرُونَ ﴿123﴾
බද්රුහිදී (සිදු වූ යුද්ධයේදී) ඔබ (සතුරන්ට වඩා ආයුධ වලින්ද, ගණනයෙන්ද) අඩු වශයෙන්ම සිටි අවස්ථාවේදී නියත වශයෙන්ම අල්ලාහ් ඔබට උදව් උපකාර කළේය. එබැවින් ඔබ ස්තූතිවන්ත වීම පිණිස, අල්ලාහ්ට බිය වී (අවනත වී) කටයුතු කරනු.
නුඹලා දුබලයින්ව සිටිය දී ඇත්තෙන් ම අල්ලාහ් බද්ර් (සටනෙ)හි නුඹලාට උදව් කළේ ය. එබැවින් නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු.
إِذْ تَقُولُ لِلْمُؤْمِنِينَ أَلَن يَكْفِيَكُمْ أَن يُمِدَّكُمْ رَبُّكُم بِثَلَٰثَةِ ءَالَٰفٍۢ مِّنَ ٱلْمَلَٰٓئِكَةِ مُنزَلِينَ ﴿124﴾
(නබියේ! ඒ අවස්ථාවේදී) ඔබ විශ්වාසවන්තයින්ට “(අහසින්) පහළ කරන ලද මලායිකාවරුන් තුන්දහස මගින් ඔබගේ දෙවියන් ඔබට උදව් කිරීම ඔබට මදිද?”යි පැවසීමද සිතා බලනු.
මලක්වරුන් අතුරින් තුන් දහසක පිරිසක් පහළ කර නුඹලාගේ පරමාධිපති නුඹලාට උපකාර කිරීම නුඹලාට ප්රමාණවත් නො වන්නේ දැ? යි දේව විශ්වාස කළ අයට (නබිවරය!) නුඹ පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
بَلَىٰٓ ۚ إِن تَصْبِرُوا۟ وَتَتَّقُوا۟ وَيَأْتُوكُم مِّن فَوْرِهِمْ هَٰذَا يُمْدِدْكُمْ رَبُّكُم بِخَمْسَةِ ءَالَٰفٍۢ مِّنَ ٱلْمَلَٰٓئِكَةِ مُسَوِّمِينَ ﴿125﴾
“එසේය; ඔබ (අල්ලාහ්ට) බිය වී ඉවසීමෙන් යුතුව සිටියහොත් මේ අවස්ථාවේදීම (සතුරන්) ඔබ කෙරෙහි හදිසියේ පහර දුන්නද, (තුන්දහසක් මොකක්ද?) සළකුණු ලත් මලායිකාවරුන් පන්දහසකින් යුත් (සේනාවක්) මගින් ඔබගේ දෙවියන් ඔබට උදව් කරනු ඇත”.
නොඑසේ ය. නුඹලා ඉවසා බිය බැතිමත් වී නම් එම අවස්ථාවේ ඔවුන් ක්ෂණිකව (ප්රහාරයක් දෙනු පිණිස) නුඹලා වෙත ඔවුන් පැමිණියේ නම් (යුධ) සලකුණු තබනු ලැබූ මලක්වරු පන් දහසක් මඟින් නුඹලාගේ පරමාධිපති නුඹලාට උදව් කරනු ඇත.
وَمَا جَعَلَهُ ٱللَّهُ إِلَّا بُشْرَىٰ لَكُمْ وَلِتَطْمَئِنَّ قُلُوبُكُم بِهِۦ ۗ وَمَا ٱلنَّصْرُ إِلَّا مِنْ عِندِ ٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَكِيمِ ﴿126﴾
මෙමගින් ඔබගේ සිත් සෑහීමට පත් වීමටද, ඔබට එක් සුභාරංචියක් වශයෙන්ම අල්ලාහ් මෙය කළේය. (සියල්ලන්ටම වඩා) බලසම්පන්නයෙකුද, ඥානවන්තයෙකුද වන අල්ලාහ් වෙතින්ම මිස, මෙම උදව්ව (ඔබට ලැබුණේ) නැත.
නුඹලාට ශුභාරංචියක් ලෙස හා එමඟින් නුඹලාගේ හදවත් සන්සුන් වනු පිණිස මිස අල්ලාහ් එය සිදු කළේ නැත. සර්ව බලධාරී ප්රඥාවන්ත අල්ලාහ් අබියසින් මිස එම උපකාරය නො වීය.
لِيَقْطَعَ طَرَفًۭا مِّنَ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَوْ يَكْبِتَهُمْ فَيَنقَلِبُوا۟ خَآئِبِينَ ﴿127﴾
(ඔහු ඔබට මෙම උදව්ව ලබා දුන්නේ) ප්රතික්ෂේප කරන්නන්ගෙන් එක් කොටසක් අඩු කරන්නට හෝ නැතහොත් ඔවුන් අවමන් වී (පරාජිතයින් බවට) රැවටී හෝ ආපසු හැරී යාමටත්ය.
(එය) ප්රතික්ෂේප කළවුන්ගෙන් පිරිසක් විනාශ කර දැමීම සඳහා හා ඔවුන්ව නින්දාවට පත් කර පසුව ඔවුහු පරාජයට පත්වූවන් ලෙස හැරී යාම සඳහා ය.
لَيْسَ لَكَ مِنَ ٱلْأَمْرِ شَىْءٌ أَوْ يَتُوبَ عَلَيْهِمْ أَوْ يُعَذِّبَهُمْ فَإِنَّهُمْ ظَٰلِمُونَ ﴿128﴾
(නබියේ!) මෙම කාරණාවෙහි ඔබට කිසිම බලයක් නැත. ඔහු ඔවුන්ව (ඉස්ලාමය වැළඳ ගන්නා ලෙසට සලස්වා) සමාව දිය හැකිය. නැතහොත් ඔවුන් පාපයන් කරන්නන් වශයෙන් සිටීමෙන් ඔවුන්ට දඬුවම්ද කළ හැකිය.
ඔවුනට ඔහු සමාව දීම ගැන හෝ ඔවුනට ඔහු දඬුවම් කිරීම ගැන හෝ නුඹට කිසිදු බලයක් නැත. හේතුව සැබැවින් ම ඔවුහු අපරාධකරුවෝ ය.
وَلِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۚ يَغْفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُ ۚ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿129﴾
(මන්දයත්) අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල අල්ලාහ්ටම අයත්ය! ඔහු කැමැත්තන්ට සමාව දෙන්නේය. ඔහු කැමැත්තන්ට දඬුවම් දෙන්නේය. නමුත් අල්ලාහ් ඉතාමත් සමාව දෙන්නෙකු හා අධික වශයෙන් දයාබරවන්තයෙකු වශයෙන්ද සිටින්නේය.
අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද අල්ලාහ් සතු ය. ඔහු අභිමත කළ අයට සමාව දෙන්නේ ය. අභිමත කළ අයට දඬුවම් කරන්නේ ය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විත ය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَأْكُلُوا۟ ٱلرِّبَوٰٓا۟ أَضْعَٰفًۭا مُّضَٰعَفَةًۭ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴿130﴾
විශ්වාසවන්තයිනි! (මුළු මුදලට අධික වශයෙන්ද, පොළිය මත පොළිය දමාද) දෙගුණ (තෙගුණ වෙමින්) වැඩි වෙමින් පවතින පොළිය (ලබා ගෙන) නොගිලිනු. අල්ලාහ්ට බිය වී (මෙයින් වැළකී සිටියහොත්) ඔබ ජයග්රහණය කරන්නෙහුය.
අහෝ විශ්වාස කළවුනි! නුඹලා පොලිය ගුණයෙන් ගුණය වැඩි කර අනුභව නො කරනු. තවද නුඹලා ජයග්රහණය ලබා ගත හැකි වනු පිණිස නුඹලා අල්ලාහ් ට බිය බැතිමත් වනු.
وَٱتَّقُوا۟ ٱلنَّارَ ٱلَّتِىٓ أُعِدَّتْ لِلْكَٰفِرِينَ ﴿131﴾
(මෙම නිරා) ගින්නට බිය වනු. එය (දෙවියන්ගේ මෙම නියෝගය) ප්රතික්ෂේප කරන්නන් වෙනුවෙන් පිළියෙල කර ඇත්තේය.
තවද දේවත්වය ප්රතික්ෂේප කළ වුනට සූදානම් කරනු ලැබූ නිරා ගින්නට නුඹලා බිය වනු.
وَأَطِيعُوا۟ ٱللَّهَ وَٱلرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ ﴿132﴾
අල්ලාහ්ටද (ඔහුගේ) රසූල්වරයාටද අවනත වනු. (එමගින්) ඔබ (අල්ලාහ්ගේ) දයාවට ඇතුළු කරනු ලබන්නෙහුය.
තවද නුඹලා කරුණාවට පාත්ර විය හැකි වනු පිණිස නුඹලා අල්ලාහ්ට ද මෙම ධර්ම දූතයාට ද අවනත වනු.
۞ وَسَارِعُوٓا۟ إِلَىٰ مَغْفِرَةٍۢ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا ٱلسَّمَٰوَٰتُ وَٱلْأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ ﴿133﴾
ඔබගේ දෙවියන්ගේ සමාවටද, අහස් හා භූමියටද තරම් පුළුල් වූ ස්වර්ගයට ඉක්මන් කරනු. එය භය භක්තිකයින් වෙනුවෙන්ම පිළියෙල කර ඇත්තේය.
නුඹලාගේ පරමාධිපති වෙතින් වූ සමාව වෙත ද දේව බිය බැතිමතුන්හට සූදානම් කරනු ලැබූ අහස් හා පොළොව තරම් ප්රමාණයෙන් වූ ස්වර්ග උයනක් වෙත ද නුඹලා යුහුසුලු වනු.
ٱلَّذِينَ يُنفِقُونَ فِى ٱلسَّرَّآءِ وَٱلضَّرَّآءِ وَٱلْكَٰظِمِينَ ٱلْغَيْظَ وَٱلْعَافِينَ عَنِ ٱلنَّاسِ ۗ وَٱللَّهُ يُحِبُّ ٱلْمُحْسِنِينَ ﴿134﴾
ඔවුන් (කෙබන්දන්දයත් වස්තුව හා සැප සම්පත් වලින් පිරී සිටියදීද, දුප්පත්ව සිටියදීද, දානමාන කරමින්ම සිටින්නාහ. කෝපය ගිල දමන්නාහ. මිනිසුන්ට (මිනිසුන්ගේ වැරදි වලට) සමාව දෙන්නාහ. අල්ලාහ් (මෙවැනි) හොඳ අයව ප්රිය කරන්නේය.
ඔවුහු වනාහි සැපවත් මෙන් ම දුෂ්කර අවස්ථා වන්හි ද වියදම් කරන්නෝ වෙති. තවද කෝපය මැඩ ගන්නන් වෙති. තවද මිනිසුනට සමාව දෙන්නන් වෙති. තවද අල්ලාහ් (මෙවැනි) දැහැමියන්ව ප්රිය කරන්නේ ය.
وَٱلَّذِينَ إِذَا فَعَلُوا۟ فَٰحِشَةً أَوْ ظَلَمُوٓا۟ أَنفُسَهُمْ ذَكَرُوا۟ ٱللَّهَ فَٱسْتَغْفَرُوا۟ لِذُنُوبِهِمْ وَمَن يَغْفِرُ ٱلذُّنُوبَ إِلَّا ٱللَّهُ وَلَمْ يُصِرُّوا۟ عَلَىٰ مَا فَعَلُوا۟ وَهُمْ يَعْلَمُونَ ﴿135﴾
තවද ඔවුන් යම්කිසි අවමන් ගෙන දෙන ක්රියාවක් කළද, නැතහොත් (පාපයක් කර) තමන්ට තමන්ම හානියක් කර ගත්තද, එවෙලේම අල්ලාහ්ව සිතා, (ඔහු වෙතින්ම) තමන්ගේ පාපයන්ට සමාව ඇයද සිටින්නාහ. (අල්ලාහ්ද ඔවුන්ට සමාව දෙනු ඇත). අල්ලාහ් මිස, (මෙවැන්නන්ගේ) වැරදිවලට සමාව දෙන්නේ කවරෙක්ද? ඔවුන් කළ (වැරදි) ක්රියාව (වැරැද්දක් යයි) ඔවුන් දැන ගතහොත් (එහි) ගැලී නොසිටින්නාහ. (එවෙලේම එයින් ඈත් වන්නාහ).
තවද ඔවුහු කවරහුද යත් ඔවුහු යම් අශීලාචාර දෙයක් කළ විට හෝ තමන්ට ම අපරාධයක් කර ගත් විට හෝ අල්ලාහ්ව මෙනෙහි කරති. එසැණින් ඔවුන්ගේ පාපයන්ට ඔවුහු සමාව අයැදිති. පාපයන්ට සමාව දෙන්නා අල්ලාහ් හැර වෙන කවරෙක් ද? තවද ඔවුන් දැනුවත්ව සිටිය දී ඔවුන් කළ දෑ හී ඔවුහු අඛණ්ඩව නිරත නො වෙති.
أُو۟لَٰٓئِكَ جَزَآؤُهُم مَّغْفِرَةٌۭ مِّن رَّبِّهِمْ وَجَنَّٰتٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا ۚ وَنِعْمَ أَجْرُ ٱلْعَٰمِلِينَ ﴿136﴾
මෙවැන්නන්ට අයත් ඵලවිපාක නම්, ඔවුන් දෙවියන්ගේ සමාවද, දිය දහරා සදා ගලමින් ඇති ස්වර්ගයන්ද වන්නේය. (ඔවුන්) එහි සදාකල් රැඳී සිටිනු ඇත. දැහැමි දැය කරන්නන්ගේ ඵලවිපාකද හොඳය!
තම පරමාධිපතිගෙන් වූ සමාව හා ඒවාට පහළින් ගංගාවන් ගලා බසින ස්වර්ග උයන් තම ප්රතිඵල වශයෙන් සදාතනිකයින් ලෙස හිමි කරගන්නෝ ඔවුහු ම ය. යහකම් කළවුන්ගේ ප්රතිඵල යහපත් විය.
قَدْ خَلَتْ مِن قَبْلِكُمْ سُنَنٌۭ فَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَٱنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُكَذِّبِينَ ﴿137﴾
ඔබට පෙරද (මෙවැනි) විවිධ මාර්ගෝපායන් ඉකුත් වී ඇත. එබැවින් ඔබ භූමියෙහි සංචාරය කර, (දෙවියන්ගේ ආයාවන්) බොරු කළ අයගේ අවසානය කෙසේ තිබුණේදැයි බලනු.
නුඹලාට පෙර ද (මෙවැනි) පිළිවෙත් ඉකුත්ව ගොස් හමාර ය. එබැවින් නුඹලා මහපොළොවේ සැරිසරා බොරු කළවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි අධීක්ෂණය කරනු.
هَٰذَا بَيَانٌۭ لِّلنَّاسِ وَهُدًۭى وَمَوْعِظَةٌۭ لِّلْمُتَّقِينَ ﴿138﴾
මෙය (සාමාන්යයෙන්) මිනිසුන්ට (සත්යය) පැහැදිලි කරන්නක් වශයෙන්ද, (උසස් අන්දමින් සිටින) භය භක්තිකයින්ට මාර්ගෝපදේශයක් වශයෙන්ද, හොඳ ඔවදනක් වශයෙන්ද ඇත්තේය.
මෙය ජනයාහට වූ පැහැදිලි කිරීමකි. තවද දේව බිය බැතිමතුන්ට මඟපෙන්වීමක් හා උපදෙසකි.
وَلَا تَهِنُوا۟ وَلَا تَحْزَنُوا۟ وَأَنتُمُ ٱلْأَعْلَوْنَ إِن كُنتُم مُّؤْمِنِينَ ﴿139﴾
(විශ්වාසවන්තයිනි!) ඔබ ධෛර්යය බිඳී යන්නටද එපා. දුක් වන්නටද එපා. (ඇත්තෙන්ම) ඔබ විශ්වාසය තැබූවන් වශයෙන් සිටින්නෙහු නම්, ඔබම ශ්රේෂ්ඨයන් වන්නෙහුය.
තවද නුඹලා දුර්වල නො වනු. තවද නුඹලා දුක් නො වනු. නුඹලා විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් ශ්රේෂ්ඨයෝ නුඹලා ම ය.
إِن يَمْسَسْكُمْ قَرْحٌۭ فَقَدْ مَسَّ ٱلْقَوْمَ قَرْحٌۭ مِّثْلُهُۥ ۚ وَتِلْكَ ٱلْأَيَّامُ نُدَاوِلُهَا بَيْنَ ٱلنَّاسِ وَلِيَعْلَمَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَيَتَّخِذَ مِنكُمْ شُهَدَآءَ ۗ وَٱللَّهُ لَا يُحِبُّ ٱلظَّٰلِمِينَ ﴿140﴾
ඔබ (උහද්හි පරාජයට පත් වී) තුවාල වුවහොත් (ඒ ගැන ඔබ අධෛර්යයට පත් නොවනු. මන්දයත්) එම ජනතාවද මේ ආකරයටම (බද්රුහිදී පරාජයට පත් වී) තුවාල වී ඇත්තාහ. මෙවැනි (පිරික්සුම්) කාලයන්, මිනිසුන් අතරේ මාරුවෙන් මාරුවට පැමිණෙන සේ අපිම සලස්වන්නෙමු. මන්දයත් (ඔබගෙන්) ඇත්තෙන්ම විශ්වාසය තැබූවන් කුවුරුන්දැයි අල්ලාහ් දැන ගැනීමටද (දැනුම් දීමටද), ඔබගෙන් (ධර්මය වෙනුවෙන් ජීවිත පූජා කරන) ඉමහත්වූ දානපතියා ඔහු ගෙනහැර දැක්වීමටම (මෙසේ සලසන්නේය). අපරාධකරුවන්ව අල්ලාහ් ප්රිය කරන්නේ නැත.
නුඹලාට (උහද් සටනෙහි) තුවාල ඇති වන්නේ නම් දැන ගනු සැබැවින් ම) එවැනි ම තුවාල එම පිරිසට ද (බද්ර් සටනෙහි) ඇති විය. තවද අපි මෙවැනි (ජය හෝ පරාජිත) දිනයන් ජනයා අතර මාරුවෙන් මාරුවට ලබා දෙන්නෙමු. තවද (එය) විශ්වාස කළවුන්ව අල්ලාහ් හඳුනා ගනු පිණිසත් නුඹලා අතරින් ෂහීද්වරුන් (දිවි පුදන්නන්)ව තෝරා ගනු පිණිසත් ය. තවද අල්ලාහ් අපරාධකරුවන්ව ප්රිය නො කරයි.
وَلِيُمَحِّصَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَيَمْحَقَ ٱلْكَٰفِرِينَ ﴿141﴾
අල්ලාහ් ප්රතික්ෂේප කරන්නන්ව විනාශ කර, සත්ය විශ්වාසවන්තයින්ව බේරා ගැනීම සඳහාද (මෙසේ කරන්නේය).
එමෙන් ම විශ්වාස කළවුන්ව අල්ලාහ් පිවිතුරු කිරීම පිණිසත් දේව ප්රතික්ෂේපකයින්ව විනාශ කරනු පිණිසත් ය.
أَمْ حَسِبْتُمْ أَن تَدْخُلُوا۟ ٱلْجَنَّةَ وَلَمَّا يَعْلَمِ ٱللَّهُ ٱلَّذِينَ جَٰهَدُوا۟ مِنكُمْ وَيَعْلَمَ ٱلصَّٰبِرِينَ ﴿142﴾
(විශ්වාසවන්තයිනි!) ඔබගෙන් (අල්ලාහ් වෙනුවෙන්) යුද්ධ කරන්නේ කවරෙක්ද; (අමාරුකම් ඉවසිලිවන්තව) විඳ දරා ගන්නේ කවරෙක්ද යන්න අල්ලාහ් නොදැන, ස්වර්ගයට යා හැකි යයි ඔබ අදහස් කරමින් සිටින්නෙහුද?
(විශ්වාස කළවුනි!) නුඹලා අතරින් (අල්ලාහ්ගේ මාර්ගයේ) සටන් කළවුන් කවුරුන් දැ යි අල්ලාහ් නො දැන, එමෙන් ම ඉවසිලිවන්තයින් පිළිබඳව ද ඔහු නො දැන, ස්වර්ග උයනට පිවිසීමට නුඹලා සිතන්නෙහු ද?
وَلَقَدْ كُنتُمْ تَمَنَّوْنَ ٱلْمَوْتَ مِن قَبْلِ أَن تَلْقَوْهُ فَقَدْ رَأَيْتُمُوهُ وَأَنتُمْ تَنظُرُونَ ﴿143﴾
ඔබ මරණයට පත් වීමට පෙරම (අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔබගේ) ජීවිත පූජා කිරීමට කැමැත්තෙන් සිටියෙහු නොවෙද! (දැන්) එය ඔබගේ (ඇස්) ඉදිරියේ තිබීම ස්ථීරව දුටුවෙහුය. (එබැවින් මෙම යුද්ධයෙහි ඔබ කුමක් නිසා ලත වන්නෙහුද?).
නුඹලා (වීර) මරණය හමු වීමට පෙර සැබැවින් ම එය අපේක්ෂා කරමින් සිටියෙහු ය. (දැන්) නුඹලා එය අධීක්ෂණය කරමින් සියැසින් ම දුටුවෙහු ය.
وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٌۭ قَدْ خَلَتْ مِن قَبْلِهِ ٱلرُّسُلُ ۚ أَفَإِي۟ن مَّاتَ أَوْ قُتِلَ ٱنقَلَبْتُمْ عَلَىٰٓ أَعْقَٰبِكُمْ ۚ وَمَن يَنقَلِبْ عَلَىٰ عَقِبَيْهِ فَلَن يَضُرَّ ٱللَّهَ شَيْـًۭٔا ۗ وَسَيَجْزِى ٱللَّهُ ٱلشَّٰكِرِينَ ﴿144﴾
මුහම්මද් (නබි සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්) දූතයෙකු මිස, (මරණයට පත් නොවී සිටිය හැකි දෙවියෙකු) නොව. ඔහුට පෙරද (මෙසේම) දූතයින් බොහොමයක් දෙනා ඉකුත්ව ගොස් ඇත්තාහ. ඔහු මරණයට පත් වුවහොත්, නැතහොත් කපනු ලැබුවහොත් ඔබ පිටුපස හරවා යන්නෙහුද? (එසේ) කවුරුන් හෝ පිටුපස හරවා දිව ගියහොත් එමගින් ඔහු අල්ලාහ්ට කිසි හානියක් කරන්නේ නැත. කළගුණ දත් අයට අල්ලාහ් ඉතා ඉක්මනින් (හොඳ) ඵලවිපාක දෙනු ඇත.
තවද මුහම්මද් ධර්ම දූතයෙකු මිස වෙනත් කෙනෙකු නො වේ. ඔහුට පෙර ධර්ම දූතයින් ඉකුත් වී ගියහ. (ඔවුන් අතුරින්) කෙනෙක් මිය ගියේ නම් හෝ ඝාතනය කරනු ලැබුවේ නම් හෝ (පසුව) නුඹලා නුඹලාගේ විලුඹු මත (දහමින්) ආපසු හැරී යන්නෙහු ද? තවද කවරෙකු තම විලුඹු දෙක මත (දහමින්) ආපසු හැරී යන්නේ ද එවිට එය අල්ලාහ්ට කිසිවකින් හානියක් සිදු නො කරන්නේ ම ය. අල්ලාහ් කෘතවේදීන්ට ප්රතිඵල පිරිනමනු ඇත.
وَمَا كَانَ لِنَفْسٍ أَن تَمُوتَ إِلَّا بِإِذْنِ ٱللَّهِ كِتَٰبًۭا مُّؤَجَّلًۭا ۗ وَمَن يُرِدْ ثَوَابَ ٱلدُّنْيَا نُؤْتِهِۦ مِنْهَا وَمَن يُرِدْ ثَوَابَ ٱلْءَاخِرَةِ نُؤْتِهِۦ مِنْهَا ۚ وَسَنَجْزِى ٱلشَّٰكِرِينَ ﴿145﴾
කුමන හෝ ආත්මයක් (එයට) නියම කරනු ලැබ ඇති අල්ලාහ්ගේ නියමයෙහි අවස්ථාවේ මිස, මරණයට පත් වන්නේ නැත. කවුරුන් (තම කි්රයාවන්ට) මෙලොව හොඳක්ම (පමණක්) කැමති වන්නේද, ඔහුට එය (පමණක්) ලබා දෙන්නෙමු. කවුරුන් පරලොව හොඳක්ද කැමති වන්නේද, ඔහුට එයද ලබා දෙන්නෙමු. තවද ස්තූතිවන්ත වන්නන්ට අපි ඉතාමත් ඉක්මනින් හොඳ ඵලවිපාක ලබා දෙන්නෙමු.
නියම කරනු ලැබූ නිර්ණිත කාලයක අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව මරණයට පත්වීම කිසිදු ආත්මයකට යුතු නො වීය. තවද කවරෙකු මෙලොව කුසල් අපේක්ෂා කරන්නේ ද ඔහුට අපි එයින් පිරිනමන්නෙමු. තවද කවරෙකු මතුලොව කුසල් අපේක්ෂා කරන්නේ ද ඔහුට අපි එයින් පිරිනමන්නෙමු. තවද කෘතවේදී අයට අපි යහපත් ප්රතිඵල පිරිනමන්නෙමු.
وَكَأَيِّن مِّن نَّبِىٍّۢ قَٰتَلَ مَعَهُۥ رِبِّيُّونَ كَثِيرٌۭ فَمَا وَهَنُوا۟ لِمَآ أَصَابَهُمْ فِى سَبِيلِ ٱللَّهِ وَمَا ضَعُفُوا۟ وَمَا ٱسْتَكَانُوا۟ ۗ وَٱللَّهُ يُحِبُّ ٱلصَّٰبِرِينَ ﴿146﴾
කොපමණදෝ නබිවරුන්ද ඔවුන් සමග දෙවියන්ගේ අනේක හොඳ වහලූන්ද ඒකරාශී වී (අල්ලාහ්ගේ මාර්ගයෙහි) යුද්ධ කර ඇත්තාහ. නමුත් ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයෙහි (යුද්ධ කළ බැවින්) තමන්ට සිදු වූ අමාරුකමෙහි හේතුවෙන් ඔවුන් (තමන්ගේ) ධෛර්යය බිඳ දැමුවේ නැත. ඛෙලහීන වූවේද නැත. (සතුරන්ට) එක්කාසු වූවේද නැත. (මෙසේ අමාරුකම්) විඳ දරාගන්නන්වම අල්ලාහ් ප්රිය කරන්නේය.
නබිවරුන්ගෙන් කොපමණ දෙනෙක්, ඔවුන් සමඟ එක්ව (සතුරන්ට එරෙහි ව) දැහැමියෝ බොහෝ දෙනෙක් සටන් කර තිබේ ද?. එනමුදු ඔවුනට අල්ලාහ්ගේ මාර්ගයේ සිදු වූ දුෂ්කරතා හේතුවෙන් ඔවුහු අධෛර්ය නො වූහ. තවද ඔවුහු දුර්වල ද නො වූහ. එමෙන් ම (සතුරන්ට) යටහත් ද නො වූහ. තවද අල්ලාහ් ඉවසිලිවන්තයින්ව ප්රිය කරයි.
وَمَا كَانَ قَوْلَهُمْ إِلَّآ أَن قَالُوا۟ رَبَّنَا ٱغْفِرْ لَنَا ذُنُوبَنَا وَإِسْرَافَنَا فِىٓ أَمْرِنَا وَثَبِّتْ أَقْدَامَنَا وَٱنصُرْنَا عَلَى ٱلْقَوْمِ ٱلْكَٰفِرِينَ ﴿147﴾
(මෙවැනි අවස්ථාවන්හි ඔවුන් තමන්ගේ දෙවියන්ට) “අපගේ දෙවියනේ! අපගේ පාපයන්ටද, අපගේ ක්රියාවන්හි අපි සීමාව ඉක්මවූ (වැරදි) වලටද, ඔබ අපට සමාව දෙනු මැනව! අපගේ පාදයන් (යුද්ධයෙහි ලෙස්සා නොයන ලෙසට) ඔබ ස්ථීර කර තබනු මැනව! (ඔබව) ප්රතික්ෂේප කරන ජනතාවගෙන් ජයග්රහණය කිරීමට ඔබ අපට උදව් කරනු මැනව!” යයි ඔවුන් (ප්රාර්ථනා කර) පැවසීම මිස, (වෙන කිසිවක්) පැවසීමට නැත.
අපගේ පරමාධිපතියාණනි! අපගේ පාපයන්ටත් අප විෂයෙහි සිදු වන සීමාව ඉක්මවීම්වලටත් අපට සමාව දෙනු මැනව! තවද අපගේ පාද ස්ථාවර කරනු මැනව! ප්රතික්ෂේප කළ ජනයාට එරෙහිව ද අපට උදව් කරනු මැනව! යනුවෙන් පැවසීම මිස ඔවුන්ගේ වෙනත් වදනක් නො වීය.
فَـَٔاتَىٰهُمُ ٱللَّهُ ثَوَابَ ٱلدُّنْيَا وَحُسْنَ ثَوَابِ ٱلْءَاخِرَةِ ۗ وَٱللَّهُ يُحِبُّ ٱلْمُحْسِنِينَ ﴿148﴾
එබැවින් අල්ලාහ් ඔවුන්ට මෙලොවෙහි හොඳක්ද, පරලොව හොඳක්ද ලබා දුන්නේය. අල්ලාහ් (මෙවැනි) හොඳ අයවම ප්රිය කරන්නේය.
එවිට අල්ලාහ් මෙලොව ප්රතිඵල ද මතු ලොව යහපත් ප්රතිඵල ද ඔවුනට පිරිනැමී ය. තවද අල්ලාහ් දැහැමියන්ව ප්රිය කරයි.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِن تُطِيعُوا۟ ٱلَّذِينَ كَفَرُوا۟ يَرُدُّوكُمْ عَلَىٰٓ أَعْقَٰبِكُمْ فَتَنقَلِبُوا۟ خَٰسِرِينَ ﴿149﴾
විශ්වාසවන්තයිනි! (අල්ලාහ්ව) ප්රතික්ෂේප කරන්නන්ව ඔබ අනුගමනය කළහොත් ඔවුන් ඔබව (ඔබගේ විශ්වාසයෙන් ඔබ ඈත් වී) පසු බසින ලෙසට ආපසු හරවා යවනු ඇත. එබැවින් ඔබ පරාජිතයින් බවටම පත් වන්නෙහුය.
අහෝ විශ්වාස කළවුනි! නුඹලා ප්රතික්ෂේප කළවුනට අවනත වන්නේ නම් ඔවුන් නුඹලාව නුඹලාගේ විලුඹු මත නැවත ආපස්සට හරවනු ඇත. එවිට නුඹලා පරාජතයින් ලෙස නැවත හැරෙන්නෙහු ය.
بَلِ ٱللَّهُ مَوْلَىٰكُمْ ۖ وَهُوَ خَيْرُ ٱلنَّٰصِرِينَ ﴿150﴾
(මොවුන්) නොව, අල්ලාහ්ම ඔබගේ ආරක්ෂකයාය. ඔහුම උදව් කරන්නන්ගෙන් ඉතාමත් උසස්වන්තයාය.
එහෙත් නුඹලාගේ භාරකරු අල්ලාහ් ය. ඔහු උදව් කරුවන්ගෙන් ශ්රේෂ්ඨයා ය.
سَنُلْقِى فِى قُلُوبِ ٱلَّذِينَ كَفَرُوا۟ ٱلرُّعْبَ بِمَآ أَشْرَكُوا۟ بِٱللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِۦ سُلْطَٰنًۭا ۖ وَمَأْوَىٰهُمُ ٱلنَّارُ ۚ وَبِئْسَ مَثْوَى ٱلظَّٰلِمِينَ ﴿151﴾
ප්රතික්ෂේප කරන්නන්ගේ හෘදයන්හි ඉතාමත් ඉක්මනින් අපි බිය ඇති වීමට සලස්වන්නෙමු. මන්දයත් ඔවුන් සමානයන් තැබීමට (අල්ලාහ්) කිසිම සාධකයක් ඔවුන්ට ලබා නොදී සිටියදී ඔවුන් අල්ලාහ්ට සමානයන් තබන්නාහ. ඔවුන් රැෙඳන ස්ථානය නිරයයි. (නිරයෙහිද) මෙම අපරාධකරුවන් රැෙඳන ස්ථානය ඉතාමත් නරකය.
කවර දෙයක් සම්බන්ධයෙන් පැහැදිලි සාධකයක් අල්ලාහ් ප්රතික්ෂේප කළවුන්ට පහළ නො කළේ ද, එවැනි දෙයක් ඔවුහු ඔහුට ආදේශ තැබූ හේතුවෙන්, ප්රතික්ෂේප කළවුන්ගේ සිත් තුළ අපි භීතිය හෙළන්නෙමු. තවද ඔවුන්ගේ වාසස්ථානය නිරා ගින්න ය. තවද අපරාධකරුවන්ගේ නවාතැන ඉතා නපුරු ය.
وَلَقَدْ صَدَقَكُمُ ٱللَّهُ وَعْدَهُۥٓ إِذْ تَحُسُّونَهُم بِإِذْنِهِۦ ۖ حَتَّىٰٓ إِذَا فَشِلْتُمْ وَتَنَٰزَعْتُمْ فِى ٱلْأَمْرِ وَعَصَيْتُم مِّنۢ بَعْدِ مَآ أَرَىٰكُم مَّا تُحِبُّونَ ۚ مِنكُم مَّن يُرِيدُ ٱلدُّنْيَا وَمِنكُم مَّن يُرِيدُ ٱلْءَاخِرَةَ ۚ ثُمَّ صَرَفَكُمْ عَنْهُمْ لِيَبْتَلِيَكُمْ ۖ وَلَقَدْ عَفَا عَنكُمْ ۗ وَٱللَّهُ ذُو فَضْلٍ عَلَى ٱلْمُؤْمِنِينَ ﴿152﴾
(විශ්වාසවන්තයිනි!) අල්ලාහ්ගේ නියෝගයන්ට අනුව (උහුද් යුද්ධයේදී) ඔබ සතුරන් සමූල ඝාතනය කරමින් සිටි අවස්ථාවේදී ඔබ කැමති (ජයග්රහණය) ඔහු ඔබට පෙන්වීමෙන් අනතුරුවද, (වස්තුව දැක නබි තුමාණන්ගේ නියෝගයට) ඔබ වෙනස්කම් කර, (එතුමා ඔබව රඳවා තිබූ මුර කපොල්ලෙන් පහ වී) එම කාරණාවෙහි ඔබ, ඔබ තුළ තර්ක කරමින් (ධෛර්යයද බිඳී) පරාජයට පත් වීමට තිබූ අවස්ථාවක, අල්ලාහ් (ඔබට උදව් කර), තමන්ගේ පොරොන්දුව නියත වශයෙන්ම ඉටු කර තැබුවේය. ඔබගෙන් මෙලොව කැමැත්තන්ද ඇත. ඔබගෙන් පරලොව කැමැත්තන්ද ඇත. එබැවින් ඔබව පිරික්සුමට ලක් කිරීම පිණිස, (ඔවුන්ව එළවා ගිය) ඔබ, ඔවුන්ව පසුබැසීමට සැලැස්සුවේය. (මින් පසුවද), නියත වශයෙන්ම ඔහු ඔබව (ඔබගේ පාපයන්ට) සමාව දුන්නේය. මන්දයත් අල්ලාහ් විශ්වාසීන් කෙරෙහි දයාව පහළ කරන්නෙකු වශයෙන් සිටින්නේය.
ඔහුගේ අනුමැතියෙන් නුඹලා ඔවුන්ව මරා දැමූ අවස්ථාවේදී අල්ලාහ් සැබැවින් ම ඔහුගේ ප්රතිඥාව සැබෑ කළේ ය. අවසානයේ දී නුඹලා පරාජයට පත් වී නුඹලා වෙත පැනවූ අණ පිළිබඳ මත භේද ඇති කරගත්තෝ ය. නුඹලා ප්රිය කරන දෑ නුඹලාට පෙන්වූ පසුව ද නුඹලා පිටුපෑවෝ ය. නුඹලා අතුරින් මෙලොව ප්රිය කරන්නෝ ද වෙති. තවද නුඹලා අතුරින් පරලොව ප්රිය කරන්නෝ ද වෙති. පසුව ඔහු නුඹලා පරීක්ෂා කිරීම පිණිස නුඹලාව ඔවුන්ගෙන් හැරෙව්වේ ය. තවද නුඹලාට ඔහු සමාව දුන්නේ ය. තවද අල්ලාහ් විශ්වාස කළවුන් කෙරෙහි භාග්යයෙන් යුක්ත ය.
۞ إِذْ تُصْعِدُونَ وَلَا تَلْوُۥنَ عَلَىٰٓ أَحَدٍۢ وَٱلرَّسُولُ يَدْعُوكُمْ فِىٓ أُخْرَىٰكُمْ فَأَثَٰبَكُمْ غَمًّۢا بِغَمٍّۢ لِّكَيْلَا تَحْزَنُوا۟ عَلَىٰ مَا فَاتَكُمْ وَلَا مَآ أَصَٰبَكُمْ ۗ وَٱللَّهُ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ ﴿153﴾
(උහද් යුද්ධයේදී අල්ලාහ්ගේ) රසූල්වරයා ඔබගේ පිටුපසින් සිටිමින් “(මා වෙත පැමිණෙනු, පැමිණෙනු” යයි) ඔබව (කෑ ගසා) ආරාධනා කරමින් සිටි අවස්ථාවේදී, ඔබ කිසිවෙකුත් හැරී නොබලා වේගයෙන් දුවමින් සිටීම ගැනද සිතා බලනු. (අපගේ රසූල්වරයාට ඔබ ඇති කළ) මෙම දුකෙහි හේතුවෙන්, ඔබටද (පරාජයේ) දුකම ඵලවිපාක වශයෙන් ලබා දුන්නේය. මන්දයත් (මින් පසු) ඔබ වෙතින් (යම්කිසි වස්තුවක්) අමතක වී ගිය අවස්ථාවේදීද, ඔබට (යම්කිසි) අමාරුකමක් ඇති වූ අවස්ථාවේදීද, ඔබත් දුකෙහි ගැලී නොයා සිටීමට (යුතු ආත්මශක්තිය ඔබට ඇති කිරීම) සඳහාම (මෙවැනි අමාරුකමක් ඔබට දුන්නේය). ඔබ කරන සියලූ දැය අල්ලාහ් හොඳින් දැනගෙනම සිටින්නේය.
ධර්ම දූතයා (මුහම්මද්) නුඹලා පිටුපසින් සිට නුඹලා කැඳවමින් සිටිය දී, කිසිවකු දෙස හැරී නො බලා නුඹලා (කන්ද ට) නැග ගිය සැටි මෙනෙහි කර බලනු. මේ හේතුවෙන් නුඹලාට ද තැවුලෙන් තැවුල විපාක දුන්නේ ය. කුමක් නිසාද යත් නුඹලාට අත පසු වූ දෙය ගැන ද, නුඹලාට හටගත් සිදුවීම ගැනද නුඹලා ශෝකයට පත් නො වනු පිණිසයි. අල්ලාහ් නුඹලා කරන දේ ගැන මහා ප්රඥාවන්ත ය.
ثُمَّ أَنزَلَ عَلَيْكُم مِّنۢ بَعْدِ ٱلْغَمِّ أَمَنَةًۭ نُّعَاسًۭا يَغْشَىٰ طَآئِفَةًۭ مِّنكُمْ ۖ وَطَآئِفَةٌۭ قَدْ أَهَمَّتْهُمْ أَنفُسُهُمْ يَظُنُّونَ بِٱللَّهِ غَيْرَ ٱلْحَقِّ ظَنَّ ٱلْجَٰهِلِيَّةِ ۖ يَقُولُونَ هَل لَّنَا مِنَ ٱلْأَمْرِ مِن شَىْءٍۢ ۗ قُلْ إِنَّ ٱلْأَمْرَ كُلَّهُۥ لِلَّهِ ۗ يُخْفُونَ فِىٓ أَنفُسِهِم مَّا لَا يُبْدُونَ لَكَ ۖ يَقُولُونَ لَوْ كَانَ لَنَا مِنَ ٱلْأَمْرِ شَىْءٌۭ مَّا قُتِلْنَا هَٰهُنَا ۗ قُل لَّوْ كُنتُمْ فِى بُيُوتِكُمْ لَبَرَزَ ٱلَّذِينَ كُتِبَ عَلَيْهِمُ ٱلْقَتْلُ إِلَىٰ مَضَاجِعِهِمْ ۖ وَلِيَبْتَلِىَ ٱللَّهُ مَا فِى صُدُورِكُمْ وَلِيُمَحِّصَ مَا فِى قُلُوبِكُمْ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿154﴾
(විශ්වාසවන්තයිනි!) මෙම ශෝකයෙන් පසු (අල්ලාහ්) ඔබගේ සිතට සැහැල්ලූවක් ඇති කරන නිද්දක් පහළ කළේය. ඔබගෙන් එක් සමුහයක් එය වට කර ගත්තේය. අනිත් සමූහයට නම්, ඔවුන්ගේ ශෝකය වැඩි කර, මෝඩයින් සිතන්නාක් මෙන් අල්ලාහ් ගැන සත්ය නොවන දැය සියල්ල (වැරදි ලෙස) සිතන්නට පටන් ගෙන, “අප වෙත (මෙයට) විසඳුම් කිසිවක් ඇත්ද?”යි පැවසූහ. (එයට) “සියලූ කාරණාවන් අල්ලාහ්ටම අයත්ය!” යයි (නබියේ!) ඔබ පවසනු මැනව! (මේවා හැර), ඔවුන් ඔබට එළිදරව් නොකළ බොහොමයක් කාරණාවන්ද තමන්ගේ මනසෙහි සඟවාගෙන “අප වෙත යම්කිසි බලයක් තිබුණේ නම්, එහි පැමිණ (මෙසේ) අපි කපනු නොලබන්නෙමු” යයිද පවසන්නාහ. (මෙයට නබියේ! එම වංචනිකයින්ට) ඔබ මෙසේ පවසනු: “ඔබ ඔබගේ නිවෙස්හි (නැවතී) සිටියා වුවද, කපනු ලැබිය යුතුමය යයි ඔවුන් කෙරෙහි නියම වී තිබුණේ නම්, ඔවුන් තමන් (කපනු ලැබ) වැටිය යුතු ස්ථානයන්ට (තමන් විසින්ම) පැමිණෙනු ඇත. අල්ලාහ් ඔබගේ මනසෙහි ඇති දැය පරීක්ෂා කර බැලීමටද, ඔබගේ හෘදයන්හි ඇති දැය පැහැදිලි කර හැරීම සඳහාද, (මෙසේ සිදු වනසේ සැලසුවේය. ඔබගේ) හෘදයන්හි ඇති සියල්ල අල්ලාහ් හොඳින් දන්නේය”.
අනතුරුව එම තැවුලෙන් පසුව ඔහු නුඹලා වෙත සහනයක් ලබා දෙන සුළු නින්දක් පහළ කළේ ය. එය නුඹලා අතුරින් පිරිසක් ආවරණය කරගත්තේ ය. තවද (තවත්) පිරිසක්, ඔවුන්ගේ සිත් ඔවුන් කෙරෙහි ම ශෝකය ඇති කළේ ය. ඔවුහු අඥාන යුගයේ සිතුවිලි මෙන් අල්ලාහ් ගැන සත්ය නො වන දෑ සිතමින් “මෙම විෂයෙහි යම් (ජයග්රාහී) කරුණක් අපට ඇත්තේ දැ” යි විමසති. ‘සියලු කරුණු අල්ලාහ්ට’ යැයි පවසනු. නුඹට හෙළි නො කරන දෑ ඔවුහු ඔවුන්ගේ සිත් තුළ සඟවා ගනිති. ‘අපට මෙම විෂයෙහි යම් බලයක් වී නම් අපි මෙහි මරුමුවට පත් නො වන්නෙමු’ යැයි පවසති. ‘නුඹලා නුඹලාගේ නිවෙස්වල සිටිය ද ඝාතනය කරනු ලැබීමට නියම වූවන් ඔවුන් (මැරී) වැටිය යුතු ස්ථානයට පැමිණෙන්නේ ම ය’ යැයි (නබිවරය!) නුඹ පවසනු. තවද එය නුඹලාගේ හදවත් තුළ ඇති දෑ ඔහු පිරික්සනු පිණිස ය. තවද නුඹලාගේ සිත් තුළ ඇති දෑ පැහැදිලි කරනු පිණිස ය. හදවත් තුළ ඇති දෑ පිළිබඳව අල්ලාහ් සර්ව ඥානී ය.
إِنَّ ٱلَّذِينَ تَوَلَّوْا۟ مِنكُمْ يَوْمَ ٱلْتَقَى ٱلْجَمْعَانِ إِنَّمَا ٱسْتَزَلَّهُمُ ٱلشَّيْطَٰنُ بِبَعْضِ مَا كَسَبُوا۟ ۖ وَلَقَدْ عَفَا ٱللَّهُ عَنْهُمْ ۗ إِنَّ ٱللَّهَ غَفُورٌ حَلِيمٌۭ ﴿155﴾
(විශ්වාසවන්තයිනි!) සමුහයන් දෙකම (යුද්ධය සඳහා) හමු වූ දිනදී ඔබගෙන් කවුරුන් (එයින්) පැන දිව්වෝද, (ඔවුන් ප්රතික්ෂේප කිරීමේ හේතුවෙන් දිව ගියේ නැත). ඔවුන් සොයා ගත් (පාපතර ක්රියාවන්) සමහරකගේ හේතුවෙන්, ෂෙයිතාන් ඔවුන්ව (ඔවුන්ගේ පාදයන්) ලෙස්සා යාමට සැලැස්සුවේය. එහෙත් අල්ලාහ් ඔවුන්ව (ඔවුන්ගේ පාපයන්) ක්ෂමා කර හැරියේය. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමා කරන්නෙකු හා ඉතාමත් ඉවසිලිවන්තයෙකුද වශයෙන් සිටින්නේය.
නියත වශයෙන් ම දෙපිරිස මුණ ගැසුණු දින නුඹලා අතරින් පිටු පා හැරී ගියවුන් වන ඔවුනට ෂෙයිතාන් ලිස්සා (මඟ හැර) යන්නට හැරියේ ඔවුන් ඉපැයූ ඇතැම් කරුණු හේතු වෙනි. තවද අල්ලාහ් ඔවුනට සමාව දුන්නේ ය. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; ඉතා ඉවසිලිවන්ත ය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَكُونُوا۟ كَٱلَّذِينَ كَفَرُوا۟ وَقَالُوا۟ لِإِخْوَٰنِهِمْ إِذَا ضَرَبُوا۟ فِى ٱلْأَرْضِ أَوْ كَانُوا۟ غُزًّۭى لَّوْ كَانُوا۟ عِندَنَا مَا مَاتُوا۟ وَمَا قُتِلُوا۟ لِيَجْعَلَ ٱللَّهُ ذَٰلِكَ حَسْرَةًۭ فِى قُلُوبِهِمْ ۗ وَٱللَّهُ يُحْىِۦ وَيُمِيتُ ۗ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌۭ ﴿156﴾
විශ්වාසවන්තයිනි! ප්රතික්ෂේප කරන්නන් මෙන් ඔබත් පත් නොවනු. ඔවුන් පිට රටකට ගොස් හෝ නැතහොත් යුද්ධයට ගොස් හෝ (මරණයට) පත් වූ තමන්ගේ සහෝදරයින් ගැන “ඔවුන් අප සමගම සිටියේ නම්, ඔවුන් මරණයට පත් වන්නේද නැත. කපනු ලබන්නේද නැත” යයි පවසන්නාහ. ඔවුන්ගේ හෘදයන්හි (සැමදා) මෙය එක්තරා (දැඩි) ශෝකයක් බවට පත් කිරීමටම මෙසේ (ඔවුන් සිතන ලෙසට) අල්ලාහ් පත් කරන්නේය. පණ පිටින් ජීවත් වීමට සලස්වන්නේද, මරණයට පත් කරන්නේද අල්ලාහ්ය. ඔබ කරන සියල්ල අල්ලාහ් අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය.
‘අහෝ විශ්වාස කළවුනි! ප්රතික්ෂේප කළවුන් මෙන් නුඹලා නො වනු. තවද ඔවුහු තමන්ගේ සහෝදරයින් හට; මහපොළොවෙහි ඔවුන් ගමන් කළ විට හෝ යුද බටයින් ලෙස සිටින විට ඔවුන් අප සමඟ සිටියේ නම් මරණයට පත් නො වනු ඇත. එමෙන් ම ඝාතනය කරනු නො ලබනු ඇත’ යැයි පැවසූහ. අල්ලාහ් මෙසේ කරන්නේ, ඔවුන්ගේ සිත් තුළ ශෝකය ඇති කරනු පිණිස ය. තවද අල්ලාහ් ජීවය දෙයි, මරණයට පත් කරයි. නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් සර්ව නිරීක්ෂක ය.
وَلَئِن قُتِلْتُمْ فِى سَبِيلِ ٱللَّهِ أَوْ مُتُّمْ لَمَغْفِرَةٌۭ مِّنَ ٱللَّهِ وَرَحْمَةٌ خَيْرٌۭ مِّمَّا يَجْمَعُونَ ﴿157﴾
අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔබ කපනු ලැබූවද, නැතහොත් මරණයට පත් වූවද, (ඒ වෙනුවෙන්) නියත වශයෙන්ම අල්ලාහ් වෙතින් ලැඛෙන ක්ෂමාවද, (ඔහුගේ) ආදරයද, ඔවුන් එක්කාසු කර තබා ඇති වස්තූන්ට වඩා ඉතාමත් උසස් වශයෙන් ඇත්තේය.
අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබුවේ නම් හෝ නුඹලා මරණයට පත් වූයෙහු නම් හෝ අල්ලාහ්ගෙන් වූ සමාව ද කරුණාව ද ඔවුන් රැස් කරන දෑට වඩා අතිඋතුම් ය.
وَلَئِن مُّتُّمْ أَوْ قُتِلْتُمْ لَإِلَى ٱللَّهِ تُحْشَرُونَ ﴿158﴾
ඔබ (අල්ලාහ්ගේ මාර්ගයෙහි) මරණයට පත් වූවද, නැතහොත් කපනු ලැබූවා වුවද අල්ලාහ් වෙතම ඔබව ගෙන එනු ලබන්නෙහුය. (ඒ වෙනුවෙන් කුමක් නිසා දුක් විය යුතුද?).
තවද නුඹලා මරණයට පත් වූයෙහු නම් හෝ නුඹලා ඝාතනය කරනු ලැබුවෙහු නම් හෝ නුඹලා අල්ලාහ් වෙත එක් රැස් කරනු ලබන්නෙහු ය.
فَبِمَا رَحْمَةٍۢ مِّنَ ٱللَّهِ لِنتَ لَهُمْ ۖ وَلَوْ كُنتَ فَظًّا غَلِيظَ ٱلْقَلْبِ لَٱنفَضُّوا۟ مِنْ حَوْلِكَ ۖ فَٱعْفُ عَنْهُمْ وَٱسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِى ٱلْأَمْرِ ۖ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُتَوَكِّلِينَ ﴿159﴾
(නබියේ!) අල්ලාහ්ගේ දයාවේ හේතුවෙන්ම ඔබ ඔවුන් කෙරෙහි ආදරය කරන්නෙකු බවට පත් වූවෙහිය. ඔබ සැරපරුෂ සිත් ඇත්තෙකු බවට පත්ව සිටියෙහි නම්, ඔබ වෙතින් ඔවුන් පැන දිව ගොස් ඇත්තෙහුය. එබැවින් ඔවුන්ව (ඔවුන්ගේ පාපයන්ට) ඔබ සමාව දී (දෙවියන්ගෙන්ද) ඔවුන්ට සමාව දෙන මෙන් ඉල්ලා සිටිනු මැනව! තවද (යුද්ධ සමාදානය ආදී) අන් කාරණාවන්හිද, ඔවුන් සමග සාකච්ඡා කරමින්ද සිටිනු මැනව! (යම්කිසි කාරණාවක් කිරීමට) ඔබ තීරණයක් ගතහොත් අල්ලාහ් මතම ඔබ විශ්වාසය තබනු. (මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් (තමන්ව) විශ්වාස කරන්නන්ව ප්රිය කරන්නේය.
අල්ලාහ්ගෙන් වූ කරුණාව හේතුවෙන් නුඹ ඔවුනට මෘදුව කටයුතු කළෙහි ය. නුඹ දැඩි සිතකින් යුත් දරුණු අයෙකු වූයෙහි නම් නුඹ අසලින් ඔවුහු ඉවත්ව යති. එබැවින් නුඹ ඔවුනට සමාව දෙනු. ඔවුන් වෙනුවෙන් සමාව අයදිනු. (විවිධ) කටයුතුවල දී ඔවුන් සමඟ සාකච්ඡා කරනු. නුඹ ස්ථීර කළේ නම් එවිට අල්ලාහ් වෙත භාර කරනු. නියත වශයෙන් ම අල්ලාහ් (එසේ) භාර කරන්නන්ව ප්රිය කරන්නේ ය.
إِن يَنصُرْكُمُ ٱللَّهُ فَلَا غَالِبَ لَكُمْ ۖ وَإِن يَخْذُلْكُمْ فَمَن ذَا ٱلَّذِى يَنصُرُكُم مِّنۢ بَعْدِهِۦ ۗ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ ﴿160﴾
(විශ්වාසවන්තයිනි!) අල්ලාහ් ඔබට උදව් කළහොත් ඔබව ජයග්රහණය කිරීමට කිසිවෙකුත් නැත! ඔබව ඔහු (අත්) හැර දැමුවහොත් ඉන් පසුව ඔබට කවුරුන්ට නම් උදව් කළ හැකිද? එබැවින් අල්ලාහ් මතම විශ්වාසවන්තයින් විශ්වාසය තැබිය යුතුය.
අල්ලාහ් නුඹලාට උදව් කරන්නේ නම් (එය) අබිබවා යන්නෙක් නුඹලාට නැත. තවද නුඹලාව ඔහු අතහැර දැමුවේ නම් ඉන් පසුව නුඹලාට උදව් කරන්නේ කවරෙක් ද? තවද විශ්වාස කළවුන් අල්ලාහ් වෙත ම (තම කටයුතු) භාර කළ යුතු ය.
وَمَا كَانَ لِنَبِىٍّ أَن يَغُلَّ ۚ وَمَن يَغْلُلْ يَأْتِ بِمَا غَلَّ يَوْمَ ٱلْقِيَٰمَةِ ۚ ثُمَّ تُوَفَّىٰ كُلُّ نَفْسٍۢ مَّا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ ﴿161﴾
නපුරක් කිරීම කිසිම නබිවරයෙකුට අයත් දැයක් නොව. කවුරුන් හෝ නපුරක් කළහොත් ඔහු එම නපුර කළ වස්තුවද, විනිශ්චය දිනදී (තමන් සමග) ගෙන එන්නට සිදු වනු ඇත. පසුව සෑම ආත්මයකටම (ඒ) ඒ දැය කළ පාපයන්ට (සරිලන ඵලවිපාක) පූරණ වශයෙන් දෙනු ලැබේ. ඒවා (කළ පින් අඩු කර හෝ පාපයන් වැඩි කර හෝ) අසාධාරණයක් කරනු නොලැබේ.
වංචා කිරීම කිසිදු නබිවරයෙකුට (සුදුසු) නො වීය. තවද කවරෙක් වංචා කරන්නේ ද ඔහු වංචා කළ දෑ සමඟ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පැමිණෙනු ඇත. එවිට සෑම ආත්මයකට ම එය ඉපැයූ දෑ පූර්ණව දෙනු ලැබේ. තවද ඔවුන් අපරාධ කරනු නො ලබනු ඇත.
أَفَمَنِ ٱتَّبَعَ رِضْوَٰنَ ٱللَّهِ كَمَنۢ بَآءَ بِسَخَطٍۢ مِّنَ ٱللَّهِ وَمَأْوَىٰهُ جَهَنَّمُ ۚ وَبِئْسَ ٱلْمَصِيرُ ﴿162﴾
අල්ලාහ්ගේ කැමැත්ත අනුගමනය කරන්නා අල්ලාහ්ගේ කෝපයෙහි පැටලූනු කෙනෙකු මෙන් වන්නේද? (නොඑසේය! කෝපයෙහි පැටලූනු) ඔහුගේ වාසස්ථානය නිරයයි. (එය) යන ස්ථානයන්ගෙන් ඉතාමත් නපුරු (ස්ථානයයි).
අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කළේ කවරෙක් ද ඔහු අල්ලාහ්ගෙන් වූ කෝපය තමන් වෙත ගෙන්වා ගත් අය මෙන් වන්නේ ද? (කෝපයට ලක් වූ) ඔහුගේ වාසස්ථානය නිරය ය. තවද ඔහු පිවිසෙන ස්ථානය ඉතා නපුරු ය.
هُمْ دَرَجَٰتٌ عِندَ ٱللَّهِ ۗ وَٱللَّهُ بَصِيرٌۢ بِمَا يَعْمَلُونَ ﴿163﴾
(අල්ලාහ්ගේ කැමැත්ත අනුගමනය කළ) ඔවුන් අල්ලාහ් වෙතින් විවිධ (උසස්) පදවීන් අත් කර ගන්නාහ. අල්ලාහ් ඔවුන්ගේ (දැහැමි) ක්රියාවන් අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය.
අල්ලාහ් අබියස (විවිධ) තරාතිරම් ඇත්තෝ ඔවුහු ය. තවද අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂක ය.
لَقَدْ مَنَّ ٱللَّهُ عَلَى ٱلْمُؤْمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولًۭا مِّنْ أَنفُسِهِمْ يَتْلُوا۟ عَلَيْهِمْ ءَايَٰتِهِۦ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ ٱلْكِتَٰبَ وَٱلْحِكْمَةَ وَإِن كَانُوا۟ مِن قَبْلُ لَفِى ضَلَٰلٍۢ مُّبِينٍ ﴿164﴾
අල්ලාහ් විශ්වාසවන්තයින් කෙරෙහි ඇත්තෙන්ම දයාව පහළ කර ඇත්තේය. ඔවුන් වෙනුවෙන් එක් දූතයෙකු (එයත්) ඔවුන්ගෙන්ම ඉකුත්ව පහළ වීමට සැලැස්සුවේය. ඔහු, ඔවුන්ට ඔහුගේ ආයාවන් සමුදීරණය කර පෙන්වා, ඔවුන්ව (පාපයන්ගෙන්) පරිශුද්ධ කරද තබන්නේය. තවද ඔවුන්ට ධර්මයද, ඥානයද උගන්වා දෙන්නේය. නියත වශයෙන්ම ඔවුන් මීට පෙර ප්රසිද්ධියේ වූ දුර්මාර්ගයෙහිමසිටියහ.
තම (අල්ලාහ්ගේ) වදන් ඔවුනට කියවා පෙන්වන, තවද ඔවුන්ව පිවිතුරු කර වන, තවද ඔවුනට ග්රන්ථය(කුර්ආනය) හා ඥානය උගන්වන රසූල්වරයෙකු ඔවුන් අතරින් ම ඔවුන් වෙත එවීමෙන් ඔවුනට අල්ලාහ් උපකාර කළේ ය. විශ්වාස කළවුන් මීට පෙර පැහැදිලි නොමඟෙහි සිටියහ.
أَوَلَمَّآ أَصَٰبَتْكُم مُّصِيبَةٌۭ قَدْ أَصَبْتُم مِّثْلَيْهَا قُلْتُمْ أَنَّىٰ هَٰذَا ۖ قُلْ هُوَ مِنْ عِندِ أَنفُسِكُمْ ۗ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ﴿165﴾
(විශ්වාසවන්තයිනි! බද්රු යුද්ධයෙහිදී) මීටත් වඩා දෙගුණයක අමාරුකම් ඔබ ඔවුන්ට ඇති කර තිබුණත්, (මෙම උහද් යුද්ධයේදී) ඔබට අමාරුකම්ක් ඇති වූ විට, ‘මෙය කෙසේ නම් (කවුරුන්ගෙන්) ඇති වූවේද?’යි ඔබ විමසූවෙහුය. (විමසීමට පටන් ගත්තෙහුය). “(ඔබ, ඔබගේ ආරක්ෂක ස්ථානයන්ගෙන් ඈත් වූ බැවින්) ඔබගේම වරදින් මෙය සිදු විය. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහි බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය” යයි (නබියේ!) ඔබ පවසනු මැනව!
නුඹලාට දුෂ්කර තත්ත්වයක් ඇති වූ කල්හි ඒ හා සමාන දෙගුණයක් (බදිර් හි) නුඹලා අත් වින්දෙහු ය. මෙය කෙසේ දැ? යි නුඹලා ඇසූහ. මෙය නුඹලා(ගේ වරද) තුළින් ම යැයි පවසනු. සැබැවින් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.
وَمَآ أَصَٰبَكُمْ يَوْمَ ٱلْتَقَى ٱلْجَمْعَانِ فَبِإِذْنِ ٱللَّهِ وَلِيَعْلَمَ ٱلْمُؤْمِنِينَ ﴿166﴾
සේනාවන් දෙකම හමු වූ දින ඔබට සිදු වූ පාඩුව අල්ලාහ්ගේ නියෝගයට අනුවම (සිදු විය). සත්ය විශ්වාසවන්තයින්ව වෙන්කර දැනුම් දීම සඳහාම (මෙසේ කළේය).
තවද දෙපිරිස මුණ ගැසුණු දින නුඹලාට ඇති වූ (හිංසන වැනි) දෑ (සිදු වූයේ) අල්ලාහ්ගේ අනුමැතියෙනි. තවද ඔහු (මෙසේ කළේ සත්ය) විශ්වාස කළවුන්ව හඳුන්වා දෙනු පිණිස ය.
وَلِيَعْلَمَ ٱلَّذِينَ نَافَقُوا۟ ۚ وَقِيلَ لَهُمْ تَعَالَوْا۟ قَٰتِلُوا۟ فِى سَبِيلِ ٱللَّهِ أَوِ ٱدْفَعُوا۟ ۖ قَالُوا۟ لَوْ نَعْلَمُ قِتَالًۭا لَّٱتَّبَعْنَٰكُمْ ۗ هُمْ لِلْكُفْرِ يَوْمَئِذٍ أَقْرَبُ مِنْهُمْ لِلْإِيمَٰنِ ۚ يَقُولُونَ بِأَفْوَٰهِهِم مَّا لَيْسَ فِى قُلُوبِهِمْ ۗ وَٱللَّهُ أَعْلَمُ بِمَا يَكْتُمُونَ ﴿167﴾
එසේම වංචනිකයින්වද (වෙන්කර) දැනුම් දීමටම (මෙසේ කළේය. විශ්වාසවන්තයිනි! එම වංචනිකයින්ට “අප සමග එක්කාසු වී) අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කිරීමට පැමිණෙනු. නැතහොත් (එම ප්රතික්ෂේප කරන්නන්ව) ඔබ වළක්වා දමනු” යයි ඔවුන්ට කියනු ලැබූ විට, “(මෙය) අපි යුද්ධයක් යයි අදහස් කර තිබුණේ නම්, නියත වශයෙන්ම අපි ඔබ පිටුපසින්ම පැමිණ ඇත්තෙමු” යයි ඔවුන් පැවසූහ. එදින ඔවුන් විශ්වාසයට වඩා ප්රතික්ෂේපයටම ඉතාමත් සමීපයෙන් සිටියහ. තමන්ගේ හෘදයන්හි නොමැති දැයම ඔවුන් තමන්ගේ මුවින් පැවසූහ. ඔවුන් (තම සිත්හි) සඟවා ඇති දැය අල්ලාහ් හොඳින් දන්නේය.
තවද කුහකයින් (කවුරුන් දැ? යි) ඔහු හඳුන්වා දෙනු පිණිස ය. නුඹලා පැමිණ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරනු නැතිනම් මැඩපවත්වනු යැයි ඔවුනට පවසනු ලැබූ විට අප (මෙය) යුද්ධයක් ම යැයි දන්නේ නම් අපි ද නුඹලාව පිළිපදින්නෙමු යැයි පැවසූහ. ඔවුන් විශ්වාස කිරීමට වඩා ප්රතික්ෂේප කිරීමට ඉතා සමීපයෙන් එදින සිටිනු ඇත. ඔවුන්ගේ සිත් තුළ නොමැති දෑ ඔවුන්ගේ මුඛවලින් පවසති. තවද අල්ලාහ් ඔවුන් වසන් කරන දෑ පිළිබඳව මැනවින් දන්නා ය.
ٱلَّذِينَ قَالُوا۟ لِإِخْوَٰنِهِمْ وَقَعَدُوا۟ لَوْ أَطَاعُونَا مَا قُتِلُوا۟ ۗ قُلْ فَٱدْرَءُوا۟ عَنْ أَنفُسِكُمُ ٱلْمَوْتَ إِن كُنتُمْ صَٰدِقِينَ ﴿168﴾
(තවද) ඔවුන් (තමන්ගේ නිවෙස්හි) සිටිමින්ම (යුද්ධයෙහි මරණයට පත් වූ) තමන්ගේ සහෝදරයින් ගැන “ඔවුන්ද අපිව අනුගමනය කර, (නිවෙස්හි රැඳී) සිටියෙහු නම්, (යුද්ධයට ගොස් මෙසේ) කපනු නොලබන්නෙහුය” යයිද පැවසූහ. (එබැවින් නබියේ!) ඔබ මෙසේ කියනු: “(ඇත්තෙන්ම) ඔබ සත්යය පවසන්නන් වශයෙන් සිටින්නෙහු නම්, (ඔවුන්ව මොකක්ද?) ඔබ, ඔබවම (පුළුවන් නම්) මරණයෙන් බේරා ගනු!”
(යුද්ධයට නො ගොස්) වාඩි වී සිටි ඔවුන්ගේ සහෝදරයින් හමුවෙහි මොවුහු "අපට අවනත වූයේ නම් ඝාතනය කරනු නො ලබන්නට තිබුණි" යැයි පැවසූහ. එසේ (පවසන) නුඹලා සත්යවාදීන්ව සිටියෙහු නම් "මරණය නුඹලාගෙන් වළක්වා ගනු" යැයි (නබිවරය!) නුඹ විමසනු.
وَلَا تَحْسَبَنَّ ٱلَّذِينَ قُتِلُوا۟ فِى سَبِيلِ ٱللَّهِ أَمْوَٰتًۢا ۚ بَلْ أَحْيَآءٌ عِندَ رَبِّهِمْ يُرْزَقُونَ ﴿169﴾
(විශ්වාසවන්තයිනි!) අල්ලාහ්ගේ මාර්ගයෙහි (යුද්ධ කර) කපනු ලැබූවන්ව, මරණයට පත් වූවන් යයි ඔබ කිසි විටෙකත් නොසිතනු. ඔවුන් නියත වශයෙන්ම පණ පිටින් සිටින්නාහ. (තවද) ඔවුන් දෙවියන්ගේ සන්නිධානයෙන් ඔවුන්ට ආහාරද ලබා දෙමින් ඇත්තේය.
අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබූවන් මිය ගියවුන් යැයි නුඹ නො සිතනු. ඔවුහු පෝෂණය කරනු ලබමින් ඔවුන්ගේ පරමාධිපති අබියස ජීවත්ව සිටින්නෝ ය.
فَرِحِينَ بِمَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضْلِهِۦ وَيَسْتَبْشِرُونَ بِٱلَّذِينَ لَمْ يَلْحَقُوا۟ بِهِم مِّنْ خَلْفِهِمْ أَلَّا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ ﴿170﴾
අල්ලාහ් තම දයාවෙන් ඔවුන්ට පහළ කළ දැය මගින් සතුටට පත් වූවන් බවට සිටින්නාහ. (තවද යුද්ධයෙහි මරණයට පත් වී) තමන් සමග එකතු නොවී තමන්ගෙන් පසු (මෙලොව පණ පිටින්) සිටින්නන් ගැනද “ඔවුන්ට කිසිම බියක් ඇති වන්නේ නැත. ඔවුන් දුක් වන්නේද නැත” යයි ඉතාමත් සතුටට පත් වූවන් වශයෙන්ද සිටින්නාහ.
අල්ලාහ් තම භාග්යයෙන් ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳ ව ඔවුහු සතුටුවෙමින් සිටිති. තවද තමන්ට පසු තමන් සමඟ (තවමත්) සෙන්දු නොවූවන් පිළිබඳ ව ඔවුනට කිසිදු බියක් නොමැත. තවද තමන් දුකට පත්වන්නන් ද නොවෙතැ යි ඔවුහු ප්රීතිමත් වෙති.
۞ يَسْتَبْشِرُونَ بِنِعْمَةٍۢ مِّنَ ٱللَّهِ وَفَضْلٍۢ وَأَنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجْرَ ٱلْمُؤْمِنِينَ ﴿171﴾
අල්ලාහ්ගේ (දයාවෙන් තමන් අත් කර ගත්) භාග්යය ගැනද, ශ්රේෂ්ඨත්වය ගැනද, නියත වශයෙන්ම අල්ලාහ් විශ්වාසවන්තයින්ගේ (හොඳ) ඵලවිපාක (පොඩියක් හෝ) අපතේ හරින්නේ නැත යන්න ගැනද, සතුටට පත් වෙමින් සිටින්නාහ.
අල්ලාහ්ගෙන් වූ සම්පත් හා භාග්යයන් පිළිබඳව ඔවුහු ප්රීතිමත් වෙති. තවද නියත වශයෙන් ම අල්ලාහ් විශ්වාස කළවුන්ගේ ප්රතිඵල නිෂ්ඵල නො කරන්නේ ය.
ٱلَّذِينَ ٱسْتَجَابُوا۟ لِلَّهِ وَٱلرَّسُولِ مِنۢ بَعْدِ مَآ أَصَابَهُمُ ٱلْقَرْحُ ۚ لِلَّذِينَ أَحْسَنُوا۟ مِنْهُمْ وَٱتَّقَوْا۟ أَجْرٌ عَظِيمٌ ﴿172﴾
ඔවුන් කෙබන්දන්දයත් තුවාල සිදු වීමෙන් පසුවද, අල්ලාහ්ගේද (ඔහුගේ) දූතයාගේද ආරාධනාවට අවනත වී (යුද්ධයට) ගියහ. (අල්ලාහ්ට) බිය වී දැහැමි දැය කළ මෙවැන්නන්ට ඉමහත් වූ (හොඳ) ඵලවිපාක ඇත.
ඔවුහු තමන්ට තුවාල ඇති වූ පසුව පවා අල්ලාහ්ට ද රසූල්වරයාට ද ප්රතිචාර දැක් වූ අය වෙති. ඔවුන් අතුරින් දැහැමි ලෙස කටයුතු කර බිය බැතිමත් වූවනට මහත් වූ ප්රතිඵල ඇත.
ٱلَّذِينَ قَالَ لَهُمُ ٱلنَّاسُ إِنَّ ٱلنَّاسَ قَدْ جَمَعُوا۟ لَكُمْ فَٱخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَٰنًۭا وَقَالُوا۟ حَسْبُنَا ٱللَّهُ وَنِعْمَ ٱلْوَكِيلُ ﴿173﴾
තවද සමහරෙක් ඔවුන් වෙත (පැමිණ) “ඔබට විරුද්ධව (යුද්ධ කිරීමට) සියලූ මිනිසුන්ම නියත වශයෙන්ම ඒකරාශී වී සිටින්නාහ. එබැවින් ඔවුන්ට බිය වනු” යයි පැවසූ අවස්ථාවේදී, ඔවුන්ට (බිය ඇති වීම වෙනුවට) විශ්වාසයම වැඩි විය. තවද “අල්ලාහ්ම ඔබට ප්රමාණවත් වන්නේය. ඔහු උසස් ආරක්ෂකයෙකු වශයෙන්ම සිටින්නේය” යයිද පැවසූහ.
ඔවුහු වනාහි නියත වශයෙන් ම ජනයා නුඹලාට (එරෙහිව) එක් රැස්වී ඇත. එබැවින් නුඹලා ඔවුනට බිය වනු යැයි ජනයා ඔවුනට පැවසූහ. එවිට එය(එම ප්රකාශය) ඔවුනට විශ්වාසය වැඩි කළේ ය. තවද ඔවුහු අල්ලාහ් අපට ප්රමාණවත් ය. තවද භාරකරු වශයෙන් ඔහු යහපත් යැයි පැවසූහ.
فَٱنقَلَبُوا۟ بِنِعْمَةٍۢ مِّنَ ٱللَّهِ وَفَضْلٍۢ لَّمْ يَمْسَسْهُمْ سُوٓءٌۭ وَٱتَّبَعُوا۟ رِضْوَٰنَ ٱللَّهِ ۗ وَٱللَّهُ ذُو فَضْلٍ عَظِيمٍ ﴿174﴾
එබැවින් ඔවුන් අල්ලාහ්ගේ වරප්රසාදයන්ද, භාග්යයද ලබා ගනිමින් ආපසු පැමිණියහ. ඔවුන්ට කිසිම හානියක් ළඟා වූවේ නැත. (මන්දයත්) ඔවුන් අල්ලාහ්ගේ කැමැත්තම අනුගමනය කරමින් ගියහ. (වස්තුවට කැමති වී ගියේ නැත). අල්ලාහ් නම්, ඉමහත් වූ දානපතියෙකු වශයෙන් සිටින්නේය. (එබැවින් වස්තූන්ද ඔවුන්ට ලබා දුන්නේය).
එබැවින් අල්ලාහ්ගෙන් වූ සම්පත හා භාග්යය සමඟ ඔවුහු හැරී ගියහ. ඔවුනට නපුරක් ස්පර්ශ නො වීය. තවද ඔවුහු අල්ලාහ්ගේ තෘප්තිය (අපේක්ෂාවෙන්) අනුගමනය කළෝ ය. තවද අල්ලාහ් මහත් භාග්යයෙන් යුක්ත ය.
إِنَّمَا ذَٰلِكُمُ ٱلشَّيْطَٰنُ يُخَوِّفُ أَوْلِيَآءَهُۥ فَلَا تَخَافُوهُمْ وَخَافُونِ إِن كُنتُم مُّؤْمِنِينَ ﴿175﴾
මෙසේ (ඔවුන්ව බිය ගැන්වීමට උත්සාහ) කළේ එක් ෂෙයිතාන්වරයෙකි. ඔහු තම මිතුරන් ගැන බිය ගැන්වූවේය. එබැවින් (විශ්වාසවන්තයිනි!) ඔබ (සත්ය) විශ්වාසවන්තයින් වශයෙන් සිටින්නෙහු නම්, ඔවුන්ට බිය නොවනු. මටම බිය වනු.
සැබැවින් ම එලෙසය ෂෙයිතාන් තම මිතුරන් ගැන බිය ගන්වනුයේ. එබැවින් නුඹලා ඔවුනට බිය නො වනු. තවද නුඹලා විශ්වාස කළවුන් ලෙස සිටියෙහු නම් නුඹලා මට බිය වනු.
وَلَا يَحْزُنكَ ٱلَّذِينَ يُسَٰرِعُونَ فِى ٱلْكُفْرِ ۚ إِنَّهُمْ لَن يَضُرُّوا۟ ٱللَّهَ شَيْـًۭٔا ۗ يُرِيدُ ٱللَّهُ أَلَّا يَجْعَلَ لَهُمْ حَظًّۭا فِى ٱلْءَاخِرَةِ ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ ﴿176﴾
(නබියේ!) ප්රතික්ෂේපය දෙසට ඔවුන් ඉක්මන් කර යෑමෙන් ඔබව දුකට පත් නොකළ යුතුය. (මන්දයත් එමගින්) නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ්ට කිසිම හානියක් කර හැරීමට නොහැකිය. පරලොවදී ඔවුන්ට කිසිම භාග්යයක් නොලැබී සිටීමට සැලැස්වීමට අල්ලාහ් අදහස් කරන්නේය. (එබැවින් ඔවුන් ප්රතික්ෂේපය දෙසට යන්නාහ). තවද ඔවුන්ට ඉමහත් වූ දඬුවම්ද ඇත.
දේවත්වය ප්රතික්ෂේප කිරීමෙහි යුහුසුලුව කටයුතු කරන අය නුඹව දුකට පත් නො කළ යුතු ය. නියත වශයෙන් ම ඔවුනට කිසිවකින් අල්ලාහ්ට හානි පමුණු විය නො හැක්කේ ම ය. ඔවුනට මතු ලොවෙහි කොටසක් ඇති නො කිරීමට අල්ලාහ් අපේක්ෂා කරයි. තවද ඔවුනට මහත් වූ දඬුවමක් ඇත.
إِنَّ ٱلَّذِينَ ٱشْتَرَوُا۟ ٱلْكُفْرَ بِٱلْإِيمَٰنِ لَن يَضُرُّوا۟ ٱللَّهَ شَيْـًۭٔا وَلَهُمْ عَذَابٌ أَلِيمٌۭ ﴿177﴾
කවුරුන් (තමන්ගේ) විශ්වාසය විකුණා දමා, ප්රතික්ෂේපය ලබා ගත්තෝද, ඔවුන් (එමගින්) නියත වශයෙන්ම අල්ලාහ්ට අනු ප්රමාණයකින් හෝ හානියක් කිරීමට නොහැකිය. නමුත් ඔවුන්ටම (එමගින්) වේදනා ගෙන දෙන දඬුවම් ලැඛෙනු ඇත.
නියත වශයෙන් ම දේව විශ්වාසය වෙනුවට ප්රතික්ෂේපය මිලට ගත්තවුන් වනාහි අල්ලාහ්ට යම් හානියක් සිදු කිරීමට ඔවුන්හට නො හැක්කේ ම ය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
وَلَا يَحْسَبَنَّ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَنَّمَا نُمْلِى لَهُمْ خَيْرٌۭ لِّأَنفُسِهِمْ ۚ إِنَّمَا نُمْلِى لَهُمْ لِيَزْدَادُوٓا۟ إِثْمًۭا ۚ وَلَهُمْ عَذَابٌۭ مُّهِينٌۭ ﴿178﴾
ප්රතික්ෂේප කරන්නන්ව (එවෙලෙ එවෙලේම දඬුවම් නොකර) අපි ප්රමාද කිරීම තමන්ට හොඳක් යයි නියත වශයෙන්ම ඔවුන් නොසිතිය යුතුය. (දඬුවම) අපි ඔවුන්ට ප්රමාද කර හරින්නේ, ඔවුන් පාපයෙහි (තව තවත්) අධික කර හැරීමටය. (අවසානයේදී) ඔවුන්ට අවමන් ගෙන දෙන ද`ඩුවම් ඇත.
ප්රතික්ෂේප කළවුන් වන ඔවුනට අප කල් දීම තමන්ට යහපතක් යැයි ඔවුන් නො සිතිය යුතු ය. අප එසේ ඔවුනට කල් දෙනුයේ ඔවුන් අධිකව පාපය වර්ධනය කර ගනු පිණිස ය. තවද ඔවුන්හට නින්දා සහගත දඬුවම ඇත.
مَّا كَانَ ٱللَّهُ لِيَذَرَ ٱلْمُؤْمِنِينَ عَلَىٰ مَآ أَنتُمْ عَلَيْهِ حَتَّىٰ يَمِيزَ ٱلْخَبِيثَ مِنَ ٱلطَّيِّبِ ۗ وَمَا كَانَ ٱللَّهُ لِيُطْلِعَكُمْ عَلَى ٱلْغَيْبِ وَلَٰكِنَّ ٱللَّهَ يَجْتَبِى مِن رُّسُلِهِۦ مَن يَشَآءُ ۖ فَـَٔامِنُوا۟ بِٱللَّهِ وَرُسُلِهِۦ ۚ وَإِن تُؤْمِنُوا۟ وَتَتَّقُوا۟ فَلَكُمْ أَجْرٌ عَظِيمٌۭ ﴿179﴾
(වංචනිකයිනි!) ඔබ සිටින මෙම තත්වයෙහි හොඳ අය අසවලා යයිද, පාපතරයා අසවලා යයිද වෙන්කර දැනුම් නොදී (ඔබත් සමග මුහු වී සිටීමට) විශ්වාසවන්තයින්ව අල්ලාහ් අත්හැර දමන්නේ නැත. තවද ගුප්ත දැයද අල්ලාහ් ඔබට දැනුම් දෙන්නේ නැත. එහෙත් තම දූතයින්ගෙන් තමන් කැමැත්තන්ව (මෙය දැන්වීමට) අල්ලාහ් තෝරා ගන්නේය. එබැවින් (මිනිසුනේ!) අල්ලාහ්වද, ඔහුගේ දූතයින්වද විශ්වාස කරනු. ඔබ (ඇත්තෙන්ම) විශ්වාස කර, (ඔහුට) බිය වී (කටයුතු) කළහොත් ඔබට ඉමහත් වූ (හොඳ) ඵලවිපාක ඇත.
අල්ලාහ් කිලිටි දැයින් පිවිතුරු දෑ වෙන් කරන තෙක් නුඹලා (දැනට) කවර තත්ත්වයක පසු වන්නේ ද එවන් තත්ත්වයක ම විශ්වාසවන්තයින්ව අතහැර දමන්නට නො වීය. එමෙන් ම අදෘශ්යමාන දෑ නුඹලාට පෙන්වා දෙන්නට ද අල්ලාහ්ට නො වීය. එනමුත් තම ධර්ම දූතයින්ගෙන් තමන් අභිමත කළ අයව අල්ලාහ් තෝරා ගන්නේ ය. එබැවින් නුඹලා අල්ලාහ්ව ද ඔහුගේ ධර්ම දූතයින්ව ද විශ්වාස කරනු. නුඹලා විශ්වාස කර; බිය බැතිමත් වන්නේ නම් එවිට නුඹලාට මහත් වූ ප්රතිඵල ඇත.
وَلَا يَحْسَبَنَّ ٱلَّذِينَ يَبْخَلُونَ بِمَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضْلِهِۦ هُوَ خَيْرًۭا لَّهُم ۖ بَلْ هُوَ شَرٌّۭ لَّهُمْ ۖ سَيُطَوَّقُونَ مَا بَخِلُوا۟ بِهِۦ يَوْمَ ٱلْقِيَٰمَةِ ۗ وَلِلَّهِ مِيرَٰثُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۗ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌۭ ﴿180﴾
අල්ලාහ් තම දයාව මගින් ඔවුන්ට ලබා දුන් වස්තූන්ගෙන් කවුරුන් මසුරුකම් දක්වන්නෝද ඔවුන්, එය ඔවුන්ට හොඳක් යයි නොසිතිය යුතුය. එය ඔවුන්ට නපුරක් බවටම අවසන් වනු ඇත. ඔවුන් මසුරුකම මගින් එක්කාසු (කර තැබූ) වස්තූන් විනිශ්චය දිනදී ඔවුන්ගේ ඛෙල්ලෙහි මාලයක් වශයෙන් පටලවා හරිනු ලැබේ. අහස් හා භූමියෙහි උරුමක්කාර අයිතිය අල්ලාහ්ටම අයත්ය. අල්ලාහ් ඔබ කරන දෑ සියල්ල හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය.
අල්ලාහ් තම භාග්යයෙන් ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳ මසුරු වන්නන්, එය (එසේ මසුරු වීම) තමන්ට යහපතක් යැයි නො සිතිය යුතු ය. එහෙත් එය ඔවුනට නපුරු ය. ඔවුහු කවර දෙයක් පිළිබඳ මසුරු වූයේ ද එමඟින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්හට ගෙල මාල පලඳවනු ලබන්නේ ය. තවද අහස්හි හා මහපොළොවේ උරුමය අල්ලාහ් සතු ය. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.
لَّقَدْ سَمِعَ ٱللَّهُ قَوْلَ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ فَقِيرٌۭ وَنَحْنُ أَغْنِيَآءُ ۘ سَنَكْتُبُ مَا قَالُوا۟ وَقَتْلَهُمُ ٱلْأَنۢبِيَآءَ بِغَيْرِ حَقٍّۢ وَنَقُولُ ذُوقُوا۟ عَذَابَ ٱلْحَرِيقِ ﴿181﴾
“නියත වශයෙන්ම අල්ලාහ් දුප්තෙකි; අපිම ධනවතුන්ය” යයි කවුරුන් පැවසූවෙහුද, ඔවුන්ගේ වදන නියත වශයෙන්ම සවන් දුන්නේය. (මෙසේ) ඔවුන් පැවසීමද, අසාධාරණයේ නබිවරුන්ව ඔවුන් ඝාතනය කිරීමද, නියත වශයෙන්ම අපි සටහන් කරමින්ම සිටින්නෙමු. (එබැවින් පරලොවදී ඔවුන්ට) “දවාලන දඬුවම ඔබ (පොඩියක්) විඳ බලනු” යයි අපි කියන්නෙමු.
සැබැවින් ම අල්ලාහ් දිළිඳු ය. තවද අපි පොහොසත්හු වෙමු යැයි පැවසූ අයගේ ප්රකාශයට සැබැවින් ම අල්ලාහ් සවන් දුන්නේ ය. ඔවුන් පැවසූ දෑ ද යුක්තියකින් තොරව නබිවරුන්ව ඔවුන් ඝාතනය කිරීම ද අපි සටහන් කර ගන්නෙමු. තවද නුඹලා පිලිස්සෙන දඬුවම භුක්ති විඳිනු යැයි අපි (විනිශ්චය දිනයේ දී) පවසන්නෙමු.
ذَٰلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ ٱللَّهَ لَيْسَ بِظَلَّامٍۢ لِّلْعَبِيدِ ﴿182﴾
(තවද) “ඔබගේ දෑත් කර යැවූ දැයම මෙයට හේතුව වේ. නියත වශයෙන්ම අල්ලාහ් තම වහලූන්ට පොඩියක් හෝ අපරාධයක් කරන්නේ නැත” (යයිද පවසන්නෙමු).
මෙය නුඹලාගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙනි. තවද නියත වශයෙන් ම අල්ලාහ් ගැත්තන්හට (කිසිදු අයුරින්) අරපාධ කරන්නෙක් නො වේ.
ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ عَهِدَ إِلَيْنَآ أَلَّا نُؤْمِنَ لِرَسُولٍ حَتَّىٰ يَأْتِيَنَا بِقُرْبَانٍۢ تَأْكُلُهُ ٱلنَّارُ ۗ قُلْ قَدْ جَآءَكُمْ رُسُلٌۭ مِّن قَبْلِى بِٱلْبَيِّنَٰتِ وَبِٱلَّذِى قُلْتُمْ فَلِمَ قَتَلْتُمُوهُمْ إِن كُنتُمْ صَٰدِقِينَ ﴿183﴾
(තවද යුදෙව්වන් වන) ඔවුන් “(අල්ලාහ්ගේ) කුමන දූතයෙකු වුවද ඔහු ලබා දෙන කුර්බානිය, ගින්න අනුභව නොකරන තුරු (ඔහුව) අපි විශ්වාස නොකළ යුතුය යයි නියත වශයෙන්ම අල්ලාහ් අප වෙතින් පොරොන්දුවක් ලබාගෙන ඇත්තේය” යයිද පවසන්නාහ. (එයට නබියේ!) ඔබ මෙසේ කියනු: “මට පෙර ඔබ වෙත පැමිණි දූතයින් ඔබ ඉල්ලු මෙයද, (වෙනත් විවිධ) පැහැදිලි සාධකයන්ද ගෙන ආවාහ. (එසේ තිබියදී ඇත්තෙන්ම) ඔබ සත්යය පවසන්නන් වශයෙන් සිටින්නෙහු නම් ඔවුන්ව ඔබ කුමක් නිසා ඝාතනය කළෙහුද?”
ඔවුහු වනාහි කුර්බානයක් (කැපයක්) අප වෙත රැගෙන විත් ගින්න එය ගිල දමන තෙක් කිසිදු ධර්ම දූතයෙකුව අප විශ්වාස නො කරන්නෙමු යැයි අල්ලාහ් අප සමඟ ගිවිසගෙන ඇතැයි පැවසුවෝ ය. මට පෙර ද පැහැදිලි සාධක සමඟ හා නුඹලා පවසා සිටි දෑ සමඟ ධර්ම දූතයෝ නුඹලා වෙත පැමිණියහ. එසේ නුඹලා සත්යවාදීන් නම් නුඹලා ඔවුන් ඝාතනය කළේ මන්දැ යි අසනු.
فَإِن كَذَّبُوكَ فَقَدْ كُذِّبَ رُسُلٌۭ مِّن قَبْلِكَ جَآءُو بِٱلْبَيِّنَٰتِ وَٱلزُّبُرِ وَٱلْكِتَٰبِ ٱلْمُنِيرِ ﴿184﴾
(නබියේ! මින්) පසුවද, ඔබව බොරු කළහොත් (ඒ ගැන ඔබ දුක් නොවනු. මන්දයත්) ඔබට පෙර පැමිණි දූතයින් බොහොමයක්වද, (ඔවුන් විසින් මේ අන්දමටම) බොරු කරනු ලැබූහ. ඔවුන් නම් පැහැදිලි සාධකයන්ද, ධර්ම පුස්තකයන්ද, දීප්තිමත් ධර්මයද ගෙන එමින්ම සිටියහ.
එසේ නුඹව ඔවුන් බොරු කළේ නම් එවිට (දැන ගනු), නුඹට පෙර පැහැදිලි සාධක සමඟ ද ලේඛන හා ආලෝකමත් ධර්ම ග්රන්ථ සමඟ ද පැමිණි රසූල්වරු ද නියත වශයෙන් ම බොරු කරනු ලැබූහ.
كُلُّ نَفْسٍۢ ذَآئِقَةُ ٱلْمَوْتِ ۗ وَإِنَّمَا تُوَفَّوْنَ أُجُورَكُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ ۖ فَمَن زُحْزِحَ عَنِ ٱلنَّارِ وَأُدْخِلَ ٱلْجَنَّةَ فَقَدْ فَازَ ۗ وَمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَآ إِلَّا مَتَٰعُ ٱلْغُرُورِ ﴿185﴾
සෑම ආත්මයක්ම මරණය අනිවාර්යයෙන්ම විඳින්නාහ. එහෙත් ඔබගේ (ක්රියාවන්ට සරිලන) ඵලවිපාකයන් ඔබ පූරණ වශයෙන් අත් කර ගන්නේ විනිශ්චය දිනදීය. එබැවින් (එදින) කවුරුන් (නිරා) ගින්නෙන් ඈත් කර, ස්වර්ගයෙහි ඇතුළු කරනු ලබන්නේද, ඔහු නියත වශයෙන්ම (ඉමහත්) භාග්යය අත් කර ගත්තේය. මෙලොව ජීවිතය වශී කළ හැකි (අල්ප) සුවයම මිස වෙන කිසිවක් නැත.
සෑම ආත්මයක් ම මරණයේ සුවය විඳින්නකි. නුඹලාට නුඹලාගේ ප්රතිඵල පූර්ණව පිරිනමනු ලබනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙහි ය. එවිට කවරෙක් (නිරා) ගින්නෙන් දුරස් කරනු ලැබ (ස්වර්ග) උයනට ඇතුළත් කරනු ලැබුවේ ද සැබැවින් ම ඔහු ජයග්රහණය කළේ ය. තවද මෙලොව ජීවිතය රවටාලන හුදු භුක්ති විඳීමක් මිස නැත.
۞ لَتُبْلَوُنَّ فِىٓ أَمْوَٰلِكُمْ وَأَنفُسِكُمْ وَلَتَسْمَعُنَّ مِنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ مِن قَبْلِكُمْ وَمِنَ ٱلَّذِينَ أَشْرَكُوٓا۟ أَذًۭى كَثِيرًۭا ۚ وَإِن تَصْبِرُوا۟ وَتَتَّقُوا۟ فَإِنَّ ذَٰلِكَ مِنْ عَزْمِ ٱلْأُمُورِ ﴿186﴾
(විශ්වාසවන්තයිනි!) ඔබගේ වස්තූන්ගෙන්ද, ඔබගේ ආත්මයන්ගෙන්ද, (පරාජය කරනු ලැබීම මගින්) නියත වශයෙන්ම ඔබව පිරීක්සනු ලබන්නෙහුය. තවද ඔබට පෙර ධර්මය ලබා දෙනු ලැබූවන්ගෙන්ද, සමානයන් තැබූවන්ගෙන්ද, අනේක නපුරු වදන්ද නියත වශයෙන්ම ඔබට ආරංචි වනු ඇත. (මෙවැනි අමාරුකම්) ඔබ (ඉවසීමෙන් යුතුව) විඳ දරා ගනිමින් සිට, පරිශුද්ධවන්තයින් වශයෙන් කටයුතු කරගෙන සිටියහොත් (ඔබ ජයග්රහණය කරන්නෙහුය). නියත වශයෙන්ම මෙයම වීර ක්රියාවක් වශයෙන් තිඛෙණු ඇත.
නුඹලාගේ වස්තු හා නුඹලා තුළ ද සැබැවින් ම නුඹලා පරීක්ෂා කරනු ලබන්නෙහු ය. තවද නුඹලාට පෙර විසූ ධර්ම ග්රන්ථ පිරිනමනු ලැබූවන් හා ආදේශ කළ අයගෙන් බොහෝ වදවේදනාවන් ගැන නුඹලා සවන් දෙන්නෙහු ම ය. තවද නුඹලා ඉවසා බිය බැතිමත් වූයේ නම් එවිට සැබැවින් ම එය ස්ථීර කරුණු අතුරින් වෙයි.
وَإِذْ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ لَتُبَيِّنُنَّهُۥ لِلنَّاسِ وَلَا تَكْتُمُونَهُۥ فَنَبَذُوهُ وَرَآءَ ظُهُورِهِمْ وَٱشْتَرَوْا۟ بِهِۦ ثَمَنًۭا قَلِيلًۭا ۖ فَبِئْسَ مَا يَشْتَرُونَ ﴿187﴾
ධර්මය දෙනු ලැබූවන්ගෙන් “(ඔබට දෙනු ලැබූ) ධර්මය සඟවා නොගෙන ජනතාවට පැහැදිලිව ගෙනහැර දැක්විය යුතුය” යයි අල්ලාහ් පොරොන්දුවක් ලබා ගැනීම (නබියේ! ඔබ ඔවුන්ට) මතක් කර දෙනු. එහෙත් ඔවුන් (තමන්ගේ) මෙම පොරොන්දුව තමන්ගේ පිට කොන්ද පැත්තෙන් වීසි කර දැමීමෙන් අනතුරුව, මේ වෙනුවෙන් සුළු මුදලක් ලබා ගන්නාහ. ඔවුන් ලබා ගත් දැය ඉතාමත් නපුරුය.
වේද ග්රන්ථය දෙනු ලැබූවන්ගෙන් "නුඹලා ජනයාට එ(ම වේද ග්රන්ථ)ය පැහැදිලි කරනු. තවද නුඹලා එය වසන් නොකරනු" යැයි අල්ලාහ් ප්රතිඥා ගත් අවස්ථාව සිහිපත් කරනු. නමුත් ඔවුහු එය ඔවුන්ගේ පිට පෙදෙසින් පිටුපසට විසි කළෝය. ඒ (ප්රතිඥාව) වෙනුවට අල්ප මිලක් ලබා ගත්තෝය. ඔවුන් මිලට ගන්නා දෑ ඉතා නපුරු විය.
لَا تَحْسَبَنَّ ٱلَّذِينَ يَفْرَحُونَ بِمَآ أَتَوا۟ وَّيُحِبُّونَ أَن يُحْمَدُوا۟ بِمَا لَمْ يَفْعَلُوا۟ فَلَا تَحْسَبَنَّهُم بِمَفَازَةٍۢ مِّنَ ٱلْعَذَابِ ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌۭ ﴿188﴾
(නබියේ!) ඔබ මෙසේ නොසිතිය යුතුය: කවුරුන් තමන් කළ (අල්ප) ක්රියාවන් ගැන සතුටට පත් වී තමන් නොකළ (දැහැමි) කාරණාවන් ගැනද, තමන් ප්රශංසා කරනු ලැබීම ගැන කැමති වන්නෝද, ඔවුන් දඬුවමෙන් බේරේවි යයි නියත වශයෙන්ම (කිසි විටෙකත්) ඔබ නොසිතනු. ඔවුන්ට වේදනා ගෙන දෙන දඬුවම් ඇත.
(නබිවරය!) තමන් ගෙන ආ දෑ පිළිබඳ සතුටු වන අය ගැන හා තමන් නො කළ දෑ පිළිබඳව ප්රශංසා කරනු ලැබීම ප්රිය කරනවුන් ගැන නුඹ නො සිතනු. එමෙන් ම දඬුවමින් (මිදී) ජයග්රහණය ඔවුනට තිබේ යැයි නුඹ නො සිතනු. තවද ඔවුනට වේදනීය දඬුවමක් ද ඇත.
وَلِلَّهِ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ ﴿189﴾
අහස් හා භූමියෙහි පාලනය අල්ලාහ්ටම අයත්ය! සියල්ල කෙරෙහි අල්ලාහ් බලසම්පන්ය.
අහස්හි හා මහපොළොවෙහි ආධිපත්යය අල්ලාහ් සතු ය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.
إِنَّ فِى خَلْقِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَٱخْتِلَٰفِ ٱلَّيْلِ وَٱلنَّهَارِ لَءَايَٰتٍۢ لِّأُو۟لِى ٱلْأَلْبَٰبِ ﴿190﴾
අහස් හා භූමිය උත්පාදනයෙහිද, රාත්රිය හා දහවලේ වෙනස් වීමෙහිද බුද්ධිමතුන්ට නියත වශයෙන්ම බොහෝ සාධකයන් ඇත.
නියත වශයෙන් ම අහස් හා මහපොළොව මැවීමෙහි ද රාත්රිය හා දහවල මාරු වීමෙහි ද බුද්ධිමත් අයට පැහැදිලි සාධක ඇත.
ٱلَّذِينَ يَذْكُرُونَ ٱللَّهَ قِيَٰمًۭا وَقُعُودًۭا وَعَلَىٰ جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِى خَلْقِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَٰذَا بَٰطِلًۭا سُبْحَٰنَكَ فَقِنَا عَذَابَ ٱلنَّارِ ﴿191﴾
(බුද්ධිමත්) මෙවැන්නන් (තමන්ගේ) නැගී සිටීමේද, වාඩි වීමේද, තමන්ගේ නින්දෙහිද, අල්ලාහ්වම සිතා අහස් හා භූමියෙහි උත්පාදනය ගැනද සිතා “අපගේ දෙවියනේ! ඔබ මේවා නිකරුණේ උත්පාදනය කර හැරියේ නැත. ඔබ ඉතාමත් පරිශුද්ධය. (නිරා) ගින්නේ දඬුවමෙන් අපව ඔබ බේරා ගනු මැනව! “
ඔවුහු වනාහි සිට ගනිමින් ද වාඩි වෙමින් ද ඉලපැතිවලට ඇල වෙමින් ද අල්ලාහ්ව මෙනෙහි කරමින් හා අහස් හා මහපොළොව මැවීම තුළ (ඇති යථාර්ථය) කල්පනා කරමින් ‘අපගේ පරමාධිපතියාණනි! නුඹ මෙය නිකරුණේ නො මැව්වෙහි ය. නුඹ සුපිවිතුරු ය. එබැවින් අපව (නිරා) ගින්නේ දඬුවමින් ආරක්ෂා කරනු මැනව!
رَبَّنَآ إِنَّكَ مَن تُدْخِلِ ٱلنَّارَ فَقَدْ أَخْزَيْتَهُۥ ۖ وَمَا لِلظَّٰلِمِينَ مِنْ أَنصَارٍۢ ﴿192﴾
අපගේ දෙවියනේ! නියත වශයෙන්ම ඔබ කවුරුන්ව (නිරා) ගින්නෙහි ඇතුළු කළෙහිද, ඔවුන්ව නියත වශයෙන්ම අවමන් කර දැමුවේය. (එවැනි) අපරාධකාරයින්ට උදව් කරන්නන් (කිසිවෙකුත්) නැත.
අපගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම නුඹ කවෙරෙකුව නිරා ගින්නට ඇතුළත් කරන්නෙහි ද එවිට සැබැවින් ම නුඹ ඔහුව අවමානයට පත් කරන්නෙහි ය. තවද අපරාධ කරුවන්ට උදව් කරුවන් කිසිවෙකු නොමැත.
رَّبَّنَآ إِنَّنَا سَمِعْنَا مُنَادِيًۭا يُنَادِى لِلْإِيمَٰنِ أَنْ ءَامِنُوا۟ بِرَبِّكُمْ فَـَٔامَنَّا ۚ رَبَّنَا فَٱغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّـَٔاتِنَا وَتَوَفَّنَا مَعَ ٱلْأَبْرَارِ ﴿193﴾
“අපගේ දෙවියනේ! ‘ඔබගේ දෙවියන්ව විශ්වාස කරනු’ යයි (අපව) විශ්වාසය දෙසට ආරාධනා කළ අයගේ ආරාධනාව නියත වශයෙන්ම අපි සවන් දී, අපිද (ඒ අන්දමටම) විශ්වාසය තැබූවෙමු. එබැවින් අපගේ දෙවියනේ! ඔබ අපගේ වැරදි වලට සමාව දී, අපගේ පාපයන්ගෙන් අපව බේරාගෙන (අවසානයේදී) හොඳ අය සමග අපව මරණයට පත් වීමට සලස්වනු මැනව!”
අපගේ පරමාධිපතියාණනි! “නුඹලාගේ පරමාධිපතිව නුඹලා විශ්වාස කරනු” යැයි, දේව විශ්වාසය වෙත කැඳ වන කැඳවුම් කරුට සැබැවින් ම අපි සවන් දුනිමු. එවිට අපි විශ්වාස කළෙමු. එබැවින් අපගේ පාපයන් සමා කරනු මැනව! අපගේ නපුරුකම් අපගෙන් පහ කරනු මැනව! තවද අපව දැහැමියන් සමඟ මරණයට පත් කරනු මැනව!
رَبَّنَا وَءَاتِنَا مَا وَعَدتَّنَا عَلَىٰ رُسُلِكَ وَلَا تُخْزِنَا يَوْمَ ٱلْقِيَٰمَةِ ۗ إِنَّكَ لَا تُخْلِفُ ٱلْمِيعَادَ ﴿194﴾
“අපගේ දෙවියනේ! ඔබගේ දූතයින් මගින් අපට ඔබ පොරොන්දු වූ දැය අපට පහළ කර දෙනු මැනව! විනිශ්චය දිනදී ඔබ අපව අවමන් කර නොදමනු (මැනව!). නියත වශයෙන්ම ඔබ පොරොන්දුවෙහි වරදින්නෙකු නොව” (යයිද ප්රාර්ථනා කරමින් සිටිනු ඇත).
“අපගේ පරමාධිපතියාණනි! තවද නුඹගේ ධර්ම දූතයින් වෙතින් අපට ප්රතිඥා දුන් දෑ අපට පිරිනමනු මැනව! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපව දුකට පත් නො කරනු මැනව! සැබැවින් ම නුඹ ප්රතිඥාවන් කඩ නො කරන්නෙහි ය.” (යැයි ප්රාර්ථනා කරති.)
فَٱسْتَجَابَ لَهُمْ رَبُّهُمْ أَنِّى لَآ أُضِيعُ عَمَلَ عَٰمِلٍۢ مِّنكُم مِّن ذَكَرٍ أَوْ أُنثَىٰ ۖ بَعْضُكُم مِّنۢ بَعْضٍۢ ۖ فَٱلَّذِينَ هَاجَرُوا۟ وَأُخْرِجُوا۟ مِن دِيَٰرِهِمْ وَأُوذُوا۟ فِى سَبِيلِى وَقَٰتَلُوا۟ وَقُتِلُوا۟ لَأُكَفِّرَنَّ عَنْهُمْ سَيِّـَٔاتِهِمْ وَلَأُدْخِلَنَّهُمْ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ ثَوَابًۭا مِّنْ عِندِ ٱللَّهِ ۗ وَٱللَّهُ عِندَهُۥ حُسْنُ ٱلثَّوَابِ ﴿195﴾
එබැවින් ඔවුන්ගේ දෙවියන් ඔවුන්ගේ (මෙම) ප්රාර්ථනාව බාර ගත් අතර “ඔබගෙන් පිරිමි, ගැහැනු (දෙකොට්ඨාශයෙහිම) කවුරුන් දැහැමි දැය කළා වුවද, නියත වශයෙන්ම මා එය අපතේ හරින්නේ නැත. (මන්දයත්) ඔබගෙන් (පිරිමි හෝ ගැහැනු හෝ සිටියා වුවද) කෙනෙකු අනිත් කෙනාගෙන් වූවෙකු වන්නේය. (එබැවින් ඵලවිපාක ලබා දීමෙහි පිරිමි ගැහැනු යන භේදයක් නොමැත. ඔබගෙන්) කවුරුන් තමන්ගේ රටෙන් පිටමං වී හෝ (අනුන් විසින්) පිටමං කරනු ලැබ හෝ මගේ මාර්ගයෙහි වේදනා කරනු ලැබ හෝ යුද්ධ කර හෝ එහිදී කපනු ලැබ හෝ (මරණයට) පත් වන්නෝද, ඔවුන්ගේ පාපයන් නියත වශයෙන්ම අපි ඔවුන්ගෙන් පහ කර, සදාකල් දිය දහරා ගලමින් ඇති ස්වර්ගයන්හිම නියත වශයෙන්ම අපි ඔවුන්ව ඇතුළු වීමට සලස්වන්නෙමු” (යයි පවසන්නේය. මෙය) අල්ලාහ් විසින් (ඔවුන්ට) දෙනු ලබන හොඳක්ම (පිනක්ම) වන්නේය. අල්ලාහ් වෙතින් (තවත් මීටත් වඩා) ඉතාමත් අලංකාරවත් ඵලවිපාකද ඇත්තේය.
එවිට ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිළිතුරු දුන්නේ ය. සැබැවින් ම මම නුඹලා අතුරින් පිරිමියෙකුගෙන් හෝ වේවා ගැහැනියකගෙන් හෝ වේවා දැහැමි ක්රියා කරන්නාගේ ක්රියාව නිෂ්ඵල නො කරමි. නුඹලාගෙන් ඇතැමුන් ඇතැමුන්ගෙන් ය. එබැවින් දේශ තරණය කොට තම නිවෙස්වලින් බැහැර කරනු ලදුව මාගේ මාර්ගයේ වේදනාව විඳ සටන් වැද ඝාතනය කරනු ලැබූවන් වනාහි ඔවුන්ගේ නපුරු පාපයන් ඔවුන්ගෙන් මම පහ කරමි. තවද පහළින් ගංගාවන් ගලා බස්නා උයන්හි ඔවුන්ව මම ඇතුළත් කරමි. (එය) අල්ලාහ් අබියසින් වූ තිළිණයක් ලෙසිනි. තවද අල්ලාහ් වනාහි ඔහු වෙතය අලංකාර කුසල් ඇත්තේ.
لَا يَغُرَّنَّكَ تَقَلُّبُ ٱلَّذِينَ كَفَرُوا۟ فِى ٱلْبِلَٰدِ ﴿196﴾
(නබියේ!) ප්රතික්ෂේප කරන්නන් (ඉමහත් වෙළෙන්ඳන් වශයෙන්ද, ධනවතුන් වශයෙන්ද ආඩම්බරයෙන් යුතුව) නගරයන්හි සැරිසරමින් සිටිනු ඔබව වශී නොකළ යුතුය.
විවිධ දේශයන්හි ප්රතික්ෂේප කළවුන්ගේ (ආඩම්බර) සැරිසැරීම (නබිවරය!) නුඹව රවටා නො දැමිය යුතු ය.
مَتَٰعٌۭ قَلِيلٌۭ ثُمَّ مَأْوَىٰهُمْ جَهَنَّمُ ۚ وَبِئْسَ ٱلْمِهَادُ ﴿197﴾
(මෙය) අල්ප සුවයක් පමණි. මින් පසුව ඔවුන් ඇතුළු වන ස්ථානය නිරයයි. එය වාසස්ථානයන්ගෙන් ඉතාමත් නපුරුය.
(එය) ස්වල්ප භුක්ති විඳීමකි. පසුව ඔවුන්ගේ නවාතැන නිරය ය. තවද (ඔවුන්) ලැගුම් ගන්නා ස්ථානය නපුරු විය.
لَٰكِنِ ٱلَّذِينَ ٱتَّقَوْا۟ رَبَّهُمْ لَهُمْ جَنَّٰتٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا نُزُلًۭا مِّنْ عِندِ ٱللَّهِ ۗ وَمَا عِندَ ٱللَّهِ خَيْرٌۭ لِّلْأَبْرَارِ ﴿198﴾
එහෙත් කවුරුන් තමන්ගේ දෙවියන්ට බිය වී (හොඳින් කටයුතු) කරන්නෝද, ඔවුන්ට සදා දිය දහරා ගලමින් ඇති ස්වර්ගයන් ඇත. ඒවායෙහි ඔවුන් අල්ලාහ්ගේ ආගන්තුකයින් වශයෙන් සැමදා රැඳී සිටිනු ඇත. හොඳ අය වෙනුවෙන් අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඇති දැය ඉතාමත් ශ්රේෂ්ඨය.
එහෙත් තමන්ගේ පරමාධිපතිට බිය බැතිමත් වූවන් වනාහි ඔවුනට පහළින් ගංගාවන් ගලා බසින (ස්වර්ග) උයන් ඇත. එහි ඔවුහු සදාතනිකයින් වෙති. (එය) අල්ලාහ් අබියසින් වූ සංග්රහයක් වශයෙනි. අල්ලාහ් අබියස ඇති දෑ දැහැමියන්ට ඉතා ශ්රේෂ්ඨ ය.
وَإِنَّ مِنْ أَهْلِ ٱلْكِتَٰبِ لَمَن يُؤْمِنُ بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيْكُمْ وَمَآ أُنزِلَ إِلَيْهِمْ خَٰشِعِينَ لِلَّهِ لَا يَشْتَرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ ثَمَنًۭا قَلِيلًا ۗ أُو۟لَٰٓئِكَ لَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ ۗ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ ﴿199﴾
(විශ්වාසවන්තයිනි!) ධර්මය හිමි අයගෙන් නියත වශයෙන්ම (මෙවැන්නන්ද) සමහරෙක් සිටින්නාහ. ඔවුන් අල්ලාහ්වද, ඔබට පහළ කරන ලද (මෙම) ධර්මයද, ඔවුන්ට පහළ කරන ලද (අනිත්) දැයද, විශ්වාස කර, අල්ලාහ්ටද බියවී කටයුතු කරන්නාහ. ඔවුන් අල්ලාහ්ගේ ආයාවන් දී සුළු මුදලක් ලබා ගන්නේද නැත. මෙවැන්නන්ට ඔවුන්ගේ ඵලවිපාක ඔවුන්ගේ දෙවියන් වෙතින් (ඉමහත් වූ දැය වශයෙන්) ඇත්තේය. නියත වශයෙන්ම අල්ලාහ් (ඔවුන්ගේ) ගණනය බැලීමෙහි ඉතාමත් තීව්රවන්තයෙකු වන්නේය.
තවද නියත වශයෙන් ම ධර්ම ග්රන්ථ හිමි අය අතුරින් අල්ලාහ්ව ද නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ ද ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ ද අල්ලාහ්ට යටහත් පහත්ව විශ්වාස කරන අය සිටිති. අල්ලාහ්ගේ වදන් වෙනුවට ඔවුහු අල්ප මිලක් නො ගනිති. ඔවුන්ගේ ප්රතිඵල ඔවුන්ගේ පරමාධිපති අබියසින් හිමි කර ගන්නෝ ඔවුහු ම ය. නියත වශයෙන් ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත් ය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱصْبِرُوا۟ وَصَابِرُوا۟ وَرَابِطُوا۟ وَٱتَّقُوا۟ ٱللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴿200﴾
විශ්වාසවන්තයිනි! ඔබ ඉවසීම අත් කර ගනු. කෙනෙකුට කෙනෙකු විඳ දරා ගනු. (සතුරන්ට මුහුණ දීමට) සෑම විටම සූදානමින් සිටිනු. අල්ලාහ්ට බිය වී (කටයුතු) කරනු. ඔබ (මෙලොවෙහිද පරලොවෙහිද) ජයග්රහණය කරන්නෙහුය.
අහෝ විශ්වාස කළවුනි! නුඹලා ඉවසනු. තවද ඉවසීමට නුඹලා එකිනෙකා දිරිගන් වනු. තවද නුඹලා ස්ථාවරව සිටිනු. තවද අල්ලාහ්ට බිය බැතිමත් වනු. නුඹලා ජයග්රහණය ලැබිය හැකි වනු පිණිස.