بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلشَّمْسِ وَضُحَىٰهَا ﴿1﴾
Naseem Ismail
සූර්යයා මතද, එහි ආලෝකය මතද-
Compare up to three verified translation editions verse by verse, including editions in two different languages.
Changing languages or editions keeps the current surah and verse.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلشَّمْسِ وَضُحَىٰهَا ﴿1﴾
සූර්යයා මතද, එහි ආලෝකය මතද-
وَٱلْقَمَرِ إِذَا تَلَىٰهَا ﴿2﴾
(එය අවරට ගිය) පසු එය පසුපස උදා වන චන්ද්රයා මතද-
وَٱلنَّهَارِ إِذَا جَلَّىٰهَا ﴿3﴾
(සූර්යයා) ආලෝකවත් වන දහවල මතද-
وَٱلَّيْلِ إِذَا يَغْشَىٰهَا ﴿4﴾
(එය) වසා ගන්නා රාත්රිය මතද අහස මතද-
وَٱلسَّمَآءِ وَمَا بَنَىٰهَا ﴿5﴾
එය උත්පාදනය කළ අය මතද-
وَٱلْأَرْضِ وَمَا طَحَىٰهَا ﴿6﴾
භූමිය මතද එය දිග හැරූ අය මතද-
وَنَفْسٍۢ وَمَا سَوَّىٰهَا ﴿7﴾
ආත්මය මතද, එය (මිනිසා වශයෙන්) නිර්මාණය කළ අය මතද-
فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَىٰهَا ﴿8﴾
එහි හොඳ නරක එයට දැනුම් දුන් අය මතද සත්තකින්ම!
قَدْ أَفْلَحَ مَن زَكَّىٰهَا ﴿9﴾
කවුරුන් (පාපයන්ගෙන් ඈත් වී) තමන්ව පරිශුද්ධ කර ගත්තේද, ඔහු නියත වශයෙන්ම ජයග්රහණය කළේය.
وَقَدْ خَابَ مَن دَسَّىٰهَا ﴿10﴾
කවුරුන් එය (පාපයෙහි) වළලා දැම්මේද, ඔහු නියත වශයෙන්ම පරාජය අත් කර ගත්තේය.
كَذَّبَتْ ثَمُودُ بِطَغْوَىٰهَآ ﴿11﴾
සමූද් නමැති සමූහය (සාලිහ් නබිව) තමන්ගේ අපරාධය මගින් බොරුකාරයා කළහ.
إِذِ ٱنۢبَعَثَ أَشْقَىٰهَا ﴿12﴾
ඔවුන්ගෙන් වූ එක් අභාග්යවන්තයෙකු ඉදිරියට පැමිණි විට-
فَقَالَ لَهُمْ رَسُولُ ٱللَّهِ نَاقَةَ ٱللَّهِ وَسُقْيَٰهَا ﴿13﴾
අල්ලාහ්ගේ දූතයා (වන සාලිහ් නබි) ඔවුන්ට “(මෙය) අල්ලාහ්ගේ ඔටු දෙනකි. (මෙයට වේදනා නොකරද) මෙයට වතුර බීම (වළක්වා නොකරද) අත්හැර දමනු” යයි පැවසුවේය.
فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُم بِذَنۢبِهِمْ فَسَوَّىٰهَا ﴿14﴾
එහෙත් ඔවුන් ඔහුව බොරුකර, උගේ කකුලේ නහරය කපා දැමූහ. එබැවින් ඔවුන්ගේ දෙවියන් ඔවුන්ගේ මෙම පාපයෙහි හේතුවෙන් ඔවුන් කෙරෙහි දඬුවම පහළ කර, ඔවුන් සියල්ලන්වම (බිමට) සමතලා කර දැමුවේය.
وَلَا يَخَافُ عُقْبَٰهَا ﴿15﴾
මෙම තීරණය ගැන (තමන්ව පළි ගනු ලබාවිදෝ යයි) ඔහු බිය වූවේ නැත.