Text size
සිංහල · Surah 97Al-Qadr — Sinhala Translation
Power · 5 verses · Naseem Isamil and Masoor Maulana, Kaleel.
Al-Qadr · Naseem IsmailVerse 1 of 5
Verses of Al-Qadr
بِّسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ إِنَّآ أَنزَلْنَٰهُ فِى لَيْلَةِ ٱلْقَدْرِ ﴿1﴾
නියත වශයෙන්ම අපි මෙය (මෙම කුර්ආනය ඉතාමත් ගෞරවයෙන් පිරි) ලෙයිලතුල් කද්ර් නමැති එක් රාත්රියකදී (පළමුවෙන්ම) පහළ කර තැබුවෙමු.
وَمَآ أَدْرَىٰكَ مَا لَيْلَةُ ٱلْقَدْرِ ﴿2﴾
(නබියේ!) එම ගෞරවයෙන් පිරි රාත්රියේ (මහිමය) ඔබ දන්නෙහිද?
لَيْلَةُ ٱلْقَدْرِ خَيْرٌۭ مِّنْ أَلْفِ شَهْرٍۢ ﴿3﴾
ගෞරවයෙන් පිරි එම රාත්රිය මාසයන් දහසකට වඩා ඉතාමත් උසස් වන්නේය.
تَنَزَّلُ ٱلْمَلَٰٓئِكَةُ وَٱلرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍۢ ﴿4﴾
එහි මලායිකාවරුන්ද, (ජිබ්රීල් වන පරිශුද්ධ) ආත්මයද, තම දෙවියන්ගේ නියෝගයට අනුව (සිදු විය යුතු) සියලූ කාරණාවන් සමග පහළ වන්නාහ.
سَلَٰمٌ هِىَ حَتَّىٰ مَطْلَعِ ٱلْفَجْرِ ﴿5﴾
ශාන්තිය හා සමාදානය සමග- (එම රාත්රිය) අළුයම් කාලය උදා වන තුරුය.
Al-Qadr in other Sinhala translations
Source: AlQuran Cloud. Translation text is shown without rewriting.