Skip to content
Text size 100%
සිංහල · Surah 93

Ad-Duha — Sinhala Translation

Morning Hours · 11 verses · Sinhalese Translation - Rowwad Translation Center.

Ad-Duha · Sinhalese Translation - Rowwad Translation CenterVerse 1 of 11
Jump to verse
Search translation

Search the locally cached translation.

Verses of Ad-Duha

1

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلضُّحَىٰ

පෙරවරු ව මත දිවුරමින්,

2

وَٱلَّيْلِ إِذَا سَجَىٰ

තවද රාත්‍රිය (දහවල) ආවරණය කරන විට, ඒ මත දිවුරමින්,

3

مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ

නුඹගේ පරමාධිපති නුඹව අතහැර දැමුවේ නැත. එමෙන් ම ඔහු අමනාප වූයේ ද නැත.

4

وَلَلْءَاخِرَةُ خَيْرٌۭ لَّكَ مِنَ ٱلْأُولَىٰ

සැබැවින්ම, ආරම්භයට වඩා අවසානය නුඹට වඩාත් යහපත් ය.

5

وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰٓ

තවද නුඹගේ පරමාධිපති නුඹට මතුවට පිරිනමනු ඇත. එවිට නුඹ තෘප්තියට පත් වනු ඇත.

6

أَلَمْ يَجِدْكَ يَتِيمًۭا فَـَٔاوَىٰ

ඔහු නුඹව අනාථයෙකු ලෙස දැක නුඹට රැකවරණය නො දුන්නේ ද?

7

وَوَجَدَكَ ضَآلًّۭا فَهَدَىٰ

තවද නුඹව අතරමං වූවෙකු ලෙස දැක පසුව ඔහු මඟ පෙන්වූයේ ය.

8

وَوَجَدَكَ عَآئِلًۭا فَأَغْنَىٰ

තවද ඔහු නුඹව අවශ්‍යතාව ඇත්තෙකු ලෙස දැක පසුව ඔහු ස්වයංපෝෂිත කළේ ය.

9

فَأَمَّا ٱلْيَتِيمَ فَلَا تَقْهَرْ

එහෙයින් අනාථයාට කටුක ලෙස නො සළකනු.

10

وَأَمَّا ٱلسَّآئِلَ فَلَا تَنْهَرْ

තවද අයදින්නා ව පලවා නො හරිනු.

11

وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ

තවද නුඹගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් ගැන නුඹ ප්‍රකාශ කරනු.

Ad-Duha in other Sinhala translations

Source: QuranEnc.com · Version 1.0.6. Translation text is shown without rewriting.
Quran recitationReady
Open audio