بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ لَآ أُقْسِمُ بِهَٰذَا ٱلْبَلَدِ
(නබියේ! ආරක්ෂාව සපයන) මෙම නගරය මත දිව්රන්නෙමි!
The City · 20 verses · Naseem Isamil and Masoor Maulana, Kaleel.
Search the locally cached translation.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ لَآ أُقْسِمُ بِهَٰذَا ٱلْبَلَدِ
(නබියේ! ආරක්ෂාව සපයන) මෙම නගරය මත දිව්රන්නෙමි!
وَأَنتَ حِلٌّۢ بِهَٰذَا ٱلْبَلَدِ
එයත් ඔබ මෙම නගරයෙහි රැඳී සිටිය හැකි අවස්ථාවේදී-
وَوَالِدٍۢ وَمَا وَلَدَ
(මනුෂ්යයාගේ) දෙමව්පියන් (වන ආදම් අෙලෙහිස්සලාම්) මතද, ඔහු බිහි කළ දරුවන් මතද සත්තකින්ම!
لَقَدْ خَلَقْنَا ٱلْإِنسَٰنَ فِى كَبَدٍ
ඇත්තෙන්ම අපි මිනිසාව අමාරුකමෙහි (ගැලී සිටින්නෙකු වශයෙන්ම) උත්පාදනය කර ඇත්තෙමු.
أَيَحْسَبُ أَن لَّن يَقْدِرَ عَلَيْهِ أَحَدٌۭ
(එසේ තිබියදී) ඔහු තමන්ව යටපත් කිරීමට කිසිවෙකුටත් නොහැකි යයි අදහස් කළේද?
يَقُولُ أَهْلَكْتُ مَالًۭا لُّبَدًا
“බොහෝ වස්තූන් මා (හරිහම්බ කර වියදම් කර) විනාශ කර දැමුවෙමි” යයි ඔහු (උඞඟූ වී ආඩම්බර බස්) ෙදාඩන්නේය.
أَيَحْسَبُ أَن لَّمْ يَرَهُۥٓ أَحَدٌ
(මෙසේ ආඩම්බර බස් ෙදාඩණ) ඔහුව කිසිවෙකුත් දැක්කේ නැතැයි ඔහු සිතා ගත්තෙහිද?
أَلَمْ نَجْعَل لَّهُۥ عَيْنَيْنِ
(බැලිය හැකි) ඇස් දෙකක්ම අපි ඔහුට ලබා දුන්නේ නැද්ද?
وَلِسَانًۭا وَشَفَتَيْنِ
(එසේ තිබියදී සත්යය ඔහු දුටුවේ නැත. කතා කළ හැකි) දිවක්ද, තොල් දෙකක්ද, (අපි ඔහුට ලබා දුන්නේ නැද්ද? ඒවා ඉබේම ඔහු අත් කර ගත්තේද?) නැත.
وَهَدَيْنَٰهُ ٱلنَّجْدَيْنِ
(පින්, පව්) මාර්ගයන් දෙකම අපි ඔහුට වෙන්කර දැනුම් දුන්නෙමු.
فَلَا ٱقْتَحَمَ ٱلْعَقَبَةَ
එහෙත් (මෙතෙක්) ඔහු ‘අකබා’ව තරනය කළේ නැත.
وَمَآ أَدْرَىٰكَ مَا ٱلْعَقَبَةُ
(නබියේ!) අකබා යනු කිමෙක්දැයි ඔබ දන්නෙහිද?
فَكُّ رَقَبَةٍ
(එය) එක් වහලෙකු නිදහස් කිරීමයි.
أَوْ إِطْعَٰمٌۭ فِى يَوْمٍۢ ذِى مَسْغَبَةٍۢ
නැතහොත් දරිධ්රතාවයෙන් කුස ගින්නෙන් පෙළෙන කෙනෙකුට හෝ
يَتِيمًۭا ذَا مَقْرَبَةٍ
ඥාතීන්ගෙන් වූ කුස ගින්නෙන් පෙළෙන එක් අනාථයෙකුට හෝ
أَوْ مِسْكِينًۭا ذَا مَتْرَبَةٍۢ
නැතහොත් දරිධ්රතාවයෙන් පොලොව කාගෙන සිටින එක් දුප්පතෙකුට (කුස ගින්නෙන් වූ) එක් දිනක ආහාර ලබා දීම වන්නේය.
ثُمَّ كَانَ مِنَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَتَوَاصَوْا۟ بِٱلصَّبْرِ وَتَوَاصَوْا۟ بِٱلْمَرْحَمَةِ
(මීට අමතරව) විශ්වාසය තබා කෙනෙකුට කෙනෙකු ඉවසීම මගින් හොඳ ඔවදන් දෙමින්ද, අනුකම්පාව මගින් කෙනෙකුට කෙනෙකු හොඳ ඔවදන් දෙමින්ද සිටින්නන්ගෙන්ද වීම වන්නේය.
أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْمَيْمَنَةِ
මෙවැන්නන්ම දකුණු පාර්ශවයේ සිටින්නන්ය.
وَٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَٰتِنَا هُمْ أَصْحَٰبُ ٱلْمَشْـَٔمَةِ
තවද කවුරුන් අපගේ ආයාවන් ප්රතික්ෂේප කරන්නෝද, ඔවුන්ම වම් පාර්ශවයේ වූ අයයි.
عَلَيْهِمْ نَارٌۭ مُّؤْصَدَةٌۢ
ඔවුන්ව නිරයෙහි දමා (සියලූ මාර්ගයන්) වසා දමනු ලැබේ.